සුපිරි කෙටිදුර ධාවන ශූර Usain Bolt හට COVID-19 වයිරසය ආසාදනය වී ඇති බව මීට සුළු මොහොතකට පෙර ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. සුපිරි එංගලන්ත පාපන්දු ක්‍රීඩක රහීම් ස්ටර්ලින් හා තවත් විශේෂ අමුත්තන් රැසක් සමඟ බෝල්ට් සිය 34 වැනි උපන්දින උත්සවය සැමරීමෙන් දින කිහිපයට පසුව ඔහුට මෙලෙස COVID-19 වයිරසය ආසාදනය වී ඇතැයි හෙලි වුනා.
ජැමෙයිකානු පුවත් සේවයක් වන Nationwide90fm වාර්තා කර සිටියේ බෝල්ට් ඉදිරි දින කිහිපයේ ස්වයං නිරෝධායනයේ ගත කරනු ඇති බවයි.
34 හැවිරිදි බෝල්ට් මීට දින කිහිපයකට පෙර COVID-19 පරීක්ෂණයකට මුහුණ දී තිබුණු අතර පසුගිය ඉරිදා ඔහුගේ එම පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබී තිබුණා. සිය උපන්දිනය සැමරීම සඳහා සංවිධානය කෙරුණු උපන්දින සාදයකට ඔහු අගෝස්තු 21 වැනිදා සහභාගී වී තිබුණා. මැන්චෙස්ටර් සිටි පාපන්දු තරුවක් වන රහීම් ස්ටර්ලින්ග්, Bayer Leverkusen ක්‍රීඩක ලියොන් බේලී හා කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් ද මෙම සාදයට සහභාගී වී තිබෙනවා.
තවත් මලල ක්‍රීඩා පුවත්:
- මලල ක්‍රීඩා පිටියේ සාර්ථකම නැවත පැමිණීම්
- ක්‍රීඩක සෞඛ්‍යයේ වගකීම වෛද්‍ය ලාල් ඒකනායකට
- හිරුණිගේ වාර්තා ගොන්නට තවත් වාර්තාවක්
- මලල ක්‍රීඩා පිටියේ වැඩ ඇරඹෙන දින වකවානු ස්ථීර වෙයි
- කොරෝනා වැළඳුණු ලෝක ශූරයාට ප්‍රධාන තරගාවලියක් අහිමි
එම සාදයෙන් පසුව ඔලිම්පික් පදක්කම් අටකට හිමිකම් කියන බෝල්ට් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා තිබුණේ “මේ මගේ හොඳම උපන්දිනය” කියායි. මේ සාදයට බෝල්ට්ගේ සිඟිති දියණිය ඔලිම්පියා ද එක්ව තිබුණා.
ජැමෙයිකාවේ මේ වන විට COVID-19 රෝගීන් 1,413ක් වාර්තා වී ඇති අතර මරණ 16ක් ද සිදුවී තිබෙනවා.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<