ගෙවුනු සතිය ජුනි 19 – ශමින්ද එරංග වැරදිකරු තමයි

453
Sri Lanka Sports news last day summary june 19

ගෙවුනු දවස ලිපි මාලාවත් සමඟ එකතු වන ඔබට බොහොම ස්තුතියි! ගෙවුනු දවස ලිපි මාලාවේ අරමුණ මඟ හැරුනු පුවත් ඔබට සමීප කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –>

ශමින්ද වැරදිකරු බව තීන්දු කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්තයට ගොස් සිටින දක්ෂ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ශමින්ද එරංග ගේ දෙවන ටෙස්ට් තරගයේදි පන්දු යැවීමේ ඉරියව් පිලිබදව සැක සහිත බව අයි. සි. සි ය වාර්තා කල අතර ඒ් සඳහා පැවැත් වු විමර්ශණයකින් අනතුරුව ශමින්ද එරංග වැරුදිකරු බවට තහවුරු කරමින් ඊයේ ICC නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුනි.

ඔහු අංශක 15 නීතිය උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල වි සිටි ඔහු ඉකුත් මස 6 වැනිදා විමර්ශන කටයුතු සඳහා ඉදිරිපත් වී තිබුනි.

තවද පසුගිය දිනයක හෘදය ආශ්‍රිතව ඇති වූ රෝගී තත්ත්වයක් නිසා රොහල් ගත කර තිබු ශමින්ද මේ වන විට සුවදායික මට්ටමක සිටින බවත් අාරංචි මාර්ග සඳහන් කරයි.

සම්පූර්ණ ලිපිය: රෝහලෙන් නික්මූ ශමින්දට අයි. සී. සී. ය වැට බදියි

පාපන්දු -‍

දෙවැනි අර්ධයෙන් මාරිස්ටෙලාවට ජය

වයස අවුරුදු 17 පහල පාසල් පාපන්දු ශූරතාවලියේ මාර්ස්ටෙලා විද්‍යාලය සහ සාන්ත ජොසෆ් වාස් විද්‍යාලය අතර පැවති තරගයෙන් ගෝල 2-1 ක් ලෙස ජය ලබා ගැනීමට මාරිස්ටෙලා විද්‍යාලය සමත් විය. තරගය කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදි පැවැත් විනි. කරට කර පැවැත් වුනු තරගයේ ප්‍රථම අර්ධය ජොසෆ් වාස් විදුහල ඉදිරියෙන් සිටි නමුත් දැඩි කැපවීමකින් ක්‍රීඩා කල මාරිස්ටෙලා විද්‍යාල කණ්ඩායම දෙවන අර්ධය සාර්ථක ක්‍රීඩා කරමින් ජයග්‍රහනය සිය පාසලට රැගෙන යෑමට සමත් විය.

ThePapare.com තරගයේ වීරයා: කරන් අවිශ්ක රාජපක්ෂ

නිව් ස්ටාර් පිල පරාදයි

ප්‍රිම්යර් ලීග් පළමු කාණ්ඩයේ තරගයක් ඊයේ CR & FC පිටියේ පැවැත් වුයේ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ නිව් ස්ටාර් ක්‍රීඩා සමාජය අතරයි. එහිදි ගෝල 4-3ක් ලෙස ජය ලබා ගැනීමෙ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සමත් විය. තරගය අාරම්භ කරමින්  මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය ලකුණු රැස් කිරීම අාරම්භ කලේය.

ThePapare.com තරගයේ වීරයා: ඩිලාන් මධුසංක

ගිය සතියෙන් –

ඉසිපතන විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය

පාසල් රග්බි පිටියේ 9 වැනි සතියේ පැවැත්වු දැවැන්තම තරගය වන්නේ ඉසිපතන විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගයයි. මන්දයත් මේ දක්වා අපරාජිකත්වයේ කිරුල දරා සිටින පාසල් දෙකක් සිය අපරාජිකත්වයේ කිරුල වෙනුවෙන් කරට කර තරග වැදීමයි. තරගය 18 වැනි සෙනසුරාදා කොළඹ CR & FC ක්‍රීඩා පිටියේදි පැවැත්වු අතර තරගය විජයග්‍රහණය කරමින් ඉසිපතනය, තෝමසුවන් පරාජය කරවීමට සමත් විය.

පළමු අර්ධය – ඉසිපතන විද්‍යාලය 20 : 12 ශාන්ත තෝමස් විද්‍යාලය

ඉසිපතන විද්‍යාලය 28 (3T, 2C, 3P) : 24 (4T, 2C) ශාන්ත තෝමස් විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: වගීෂ වීරසිංහ

තරග තීරක: ඉර්ෂාඩ් කාඩර්

සම්පූර්ණ ලිපිය: පාසල් රග්බි පිටියේ ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න


හිටපු නායිකාව අතිරේක ලැයිස්තුවට

තායිලන්තයේදී පැවැත්වෙන 10 වැනි ආසියානු දැල්පන්දු තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමට අදාළව පැවැති පරීක්‍ෂණයෙන් පසුව අතිරේක ක්‍රීඩිකාවන් තිදෙනකු ඇතුළුව ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් යුත් නව සංචිතයක් ප්‍රකාශයට පත්කර තිබේ.

සංචිතය: දර්ශිකා අබේවික්‍රම, හසිතා මෙන්ඩිස්, ගයංජලී අමරවංශ, තිළිණි වත්තෙගෙදර, සුරේඛා කුමාරි, දීපිකා දර්ශනී, ගයනි දිසානායක, තිවංකා පෙරේරා, රුවිනි යටිගම්මන, ශ්‍යාමලී රත්නායක, කාංචනා ජයවීර, දුලංජි ධනංජනී

අතිරේක – සේමිණී අල්විස්, විරාජි චාමරිකා, පූර්ණිමා ලක්මාලි

සම්පූර්ණ ලිපිය: නිල දැල්පන්දු සංචිතය: හිටපු නායිකා සේමිණි අතිරේක ලැයිස්තුවට


රෝෂාන් ට පැවරුනු මහනුවර බර

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ හා ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන රොෂාන් වීරරත්නට එළෙබෙන 2016/17 ඩයලොග් කුසලාන රග්බි තරගාවලියේ මහනුවර කණ්ඩායමේ  නායකත්වයට පත් කිරීමට තීරණය කරන ලදි. ඒ බව මීට සුළු මොහොතකට පෙර නිමාවූ මහනුවර රග්බි කණ්ඩායමේ වාර්ෂික රැස්වීම අතරතුර මෙය ප්‍රකාශ කරන ලදි.

සම්පූර්ණ ලිපිය

දවසේ නිමාව