කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීම පිළිබඳව තරමක අවිනිශ්චිතතාවකින් පසු වූ Mai Dubai City අර්ධ මැරතන් තරගය මෙම සිකුරාදා (23) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන ඩුබායි නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත.
කොරෝනා වසංගත ව්‍යාප්තියේ ආරම්භයෙන් පසුව එරට පැවැත්වෙන විශාලතම ක්‍රීඩා තරගාවලිය මෙය වන අතර මෙවර තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 40කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතව ඇත.
වාර්ෂිකව පැවැත්වෙන මෙම අර්ධ මැරතන් තරගාවලියේ පසුගිය වසරේ තරගය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2,500කට අධික සංඛ්‍යාවක් සහභාගි වී සිටි නමුත් මේ දිනවල පැතිර යන කොරෝනා වසංගතය නිසාවෙන් සහභාගි වන ක්‍රීඩක සංඛ්‍යාව සීමා කිරීමට එහි සංවිධායකයින් තීරණය කරන ලදි.
තවත් මලල ක්‍රීඩා පුවත්
- ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ට කාලගණන තරගාවලියකට වරම්
- ටෝකියෝ මැරතන් තරගයට නව දිනයක්
- හිටපු ජාතික ශූරයා දිවි ගමනින් සමුගනී
- හිටපු ලන්ඩන් මැරතන් ශූරයාට දිගු කාලීන තහනමක්!
- කාන්තා අර්ධ මැරතන් ලෝක වාර්තාව බිඳ වැටේ
මෙවර තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් Mai Dubai City මැරතන් තරගයේ සංවිධායක Steven Matthijs ප්‍රකාශ කර සිටියේ 2020 Mai Dubai City අර්ධ මැරතන් තරගය අදාළ සෞඛ්‍ය නීති අනුගමනය කරමින් දුරස්ථභාවය තබා ගනිමින් ඉතා විනෝදජනක සහ අභියෝගාත්මක ලෙස පැවැත්වීමට හැකි වෙතයි තමන් විශ්වාසයෙන් පසුවන බවයි.
“මෙම වසර ලොව පුරා සිටින සියලුම දෙනාට අභියෝගාත්මක වසරක්, එම නිසා මෙම ක්‍රීඩාවට වඩාත් ආදරය කරන අපගේ ජනතාව වෙනුවෙන් මෙම තරගය පැවැත්වීමට හැකි වීම පිළිබඳව අප බොහෝ සතුටට පත්වනවා.
ක්‍රියාශීලීව සිටීමට සහ අපගේ ශරීර සහ මානසික යහපැවත්මට ඉතා උපකාරී වන මෙම තරගය සඳහා සියලූම මට්ටම්වල යෝග්‍යතාවය සහ ධාවන පිටියේ අත්දැකීම් ඇති පුද්ගලයන් සහභාගි වෙතැයි අප බලාපොරොත්තුවෙන් පසුවෙනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.
තරගාවලිය ඩුබායි ක්‍රීඩා සම්මේලනයේ නීතිවලට යටත්ව ඩුබායි පොලීසියේ සහ මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ සහයෝගය යටතේ පැවැත්වීමට නියමිත අතර මෙවර තරගාවලිය කිලෝමීටර් 5, කිලෝමීටර් 10 සහ කිලෝමීටර් 21 (අර්ධ මැරතන්) යන කාණ්ඩ තුනක් යටතේ පැවැත්වීමට සූදානමින් පසුවේ.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<