මෙම වසර ආරම්භයේ සිටම තහනම් උත්තේජක නීති බිඳ හෙළු මලල ක්රීඩක ක්රීඩිකාවන් හට තරග තහනම් නිකුත් කරනු දක්නට ලැබුණි. තහනම් උත්තේජක භාවිතා කිරීම නිසා මෙන්ම පරීක්ෂණ මගහැරීම නිසාවෙන් ද ක්රීඩකයන්ට තරග තහනම් නිකුත් කෙරූ අතර ඒ අතරට ලෝක ශූරතා දිනූ ක්රීඩකයන් ද අයත් විය.
ඔලිම්පික් සංවිධායකයින්ගෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක්
වත්මන් ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකූ ඇමරිකානු ක්රීඩක ක්රිස්ටියන් කෝල්මන් හට ද තහනම් උත්තේජක පරීක්ෂණ මගහැරීම නිසාවෙන් තරග තහනමක් නිකුත් වූ අතර මෙවර එම පරීක්ෂණ මගහැරීම නිසාවෙන් හිටපු මීටර් 1500 ලෝක ශූරයෙකු වූ කෙන්යානු ජාතික Elijah Manangoi හට ද තාවකාලික තරග තහනමක් පැනවීමට Athletics Integrity ඒකකය පසුගිය දා තීරණය කරන ලදි.
World Anti-Doping Agency හී නීති රීතිවලට අනුව සියලුම ක්රීඩක ක්රීඩිකාවන් පැයකට වරක් තමන් ඔවුන්ගේ ස්ථාන ඉදිරිපත් කළ යුතු අතර පුහුණුවීම් සිදු කරන ස්ථාන සහ රාත්රි කාලයේ නවාතැන් ගන්නා ස්ථාන පිළිබඳව ද ඉදිරිපත් කළ යුතුව ඇත.
ඒ අනුව ක්රීඩකයෙකු මෙම තොරතුරු ලබා දීමට කටයුතු නොකළහොත් හෝ මාස 12ක කාලයක් තුළ දී තහනම් උත්තේජක පරීක්ෂණ තුනක් මගහැරීමට කටයුතු සිදු කර තිබුනොත් එම ක්රීඩකයන් තහනම් උත්තේජක නීති කඩ කළ ක්රීඩකයන් ලෙස සැලකෙන අතර වසර දෙකක් දක්වා වූ තරග තහනමක් හෝ නිකුත් වීමට ඉඩකඩක් ඇත.
ලෝක මලල ක්රීඩා ප්රධානියාට ඔලිම්පික් කමිටුවේ අසුනක්
කෙසේ නමුත් මෙම තහනම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් Elijah Manangoi සඳහන් කර තිබුණේ ඔහු කිසිවිටකත් තහනම් උත්තේජක භාවිතා කර නොමැති බවත්, සෑමවිටම තමන් පිරිසිදු මලල ක්රීඩකයෙකු ලෙස කටයුතු කළ බවත් ය.
කෙන්යාව නියෝජනය කරමින් මැදි දුර ධාවන පිටියේ ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ Manangoi 2015 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්රීඩා තරගාවලියේ දී මීටර 1500 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 2017 වසරේ දී එම ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ලෝක ශූරයා බවට පත්වීමට ද සමත් විය.
මෙම වසර තුළ දී මෙම තහනම් උත්තේජක ගැටලු නිසාවෙන් කෙන්යානු ක්රීඩකයන් රැසක් තහනමට ලක් වූ අතර Manangoiට අමතරව Kenneth Kipkemoi හට වසර දෙකක සහ Mercy Kibarus හට වසර අටක තරග තහනමක් නිකුත් කිරීමට ද Athletics Integrity ඒකකය කටයුතු කර තිබුණි.
>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<