විසිහය හැවිරිදි කැපිපෙනණ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදිමට තිරණය කළ ඇතැයි වාර්තා වේ.
ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරිවරයාට ලිපියක් මගින් මෙම සමුගැනිම ප්‍රකාශ කළ ඇතත් සමුගැනිමට කිසිදු හේතුවක් එම ලිපියේ සදහන් නොවන බවත්, ඔහු ටෙස්ට් ක්‍රීඩාවෙන් පමණක් සමුගන්නා බවත්, එක්දින හා විස්සයි විස්ස තරග ක්‍රීඩා කරන බවත් අප කළ විමසිමකදි ක්‍රිකට් ආයතනයේ ඉහළ ප්‍රකාශකයෙකු සදහන් කලේය.
ශාන්ත ජොසප් විද්‍යාලයෙන් ක්‍රිකට් මුලකුරු කියවන තිසර 2011දි එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගන්නට සමත් විය. මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයත් සමග මේවන විට ටෙස්ට් තරඟ 06කට ක්‍රීඩා කළ ඇති මේ වමත් ක්‍රීඩකයා ලකුණු 203 ක් ඉණිම් 10ක දි රැස් කර ඇත. ඔහුගේ ලකුණු ලබාගැනිමේ සමාන්‍යය 20.30 ලෙස සදහන් වේ.
දකුණතින් වේග පන්දු යවන තිසර මේවන විට ටෙස්ට් කඩුළු 11ක් දවාගෙන ඇත. තිසර එක්දින තරඟ 110 කදී ලකුණු 1178 ක් රැස්කරමින් කඩුලූ 123 ක් දවාගෙන තිබෙන අතර විස්සයි විස්ස අන්තර් ජාතික තරඟ 42 කදී ලකුණු 503 ක් රැස්කරමින් කඩුලූ 27 ක් දවාගෙන තිබේ.
නමුත් කළක සිට සිය සුපුරුදු දක්ෂතා අතර නොවු තිසරට 2012 ජුලි සිට මේ දක්වා කිසිදු ටෙස්ට් තරගයකට කැදවා නොමැත. කෙසේවෙතත් මේ සමුගැනිම සම්බන්ධව ක්‍රිකට් ආයතනය නිළ ප්‍රකාශයක් හො ප්‍රතිචාරයක් නොදක්වා ඇත.