ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
නව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් අතර ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පසුගිය සඳුදා (16) දිනයේ දී ක්‍රීඩා අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණා.
මෙහි දී ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳ ව, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වෙන් කර ඇති ක්‍රීඩාංගණ වඩාත් තිරසාර ලෙස වැඩිදියුණු කළ යුතු ආකාරය පිළිබඳ ව මෙන්ම සංචාරක ප්‍රවර්ධනය උදෙසා ක්‍රිකට් ක්‍රීඩාව යොදා ගත හැකි ආකාරය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර තිබෙනවා.
- වනිඳු සහ මහීෂ් රාජස්තානයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- Lanka T10 තරගාවලියේ කණ්ඩායම් සහ ක්‍රීඩකයින් තහවුරුයි
ඊට අමතරව වත්මන් ක්‍රිකට් ආයතනයේ යාන්ත්‍රණය පිළිබඳ ව හා පැන නැගී ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා වූ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.
එමෙන්ම රටේ අනෙකුත් ක්‍රීඩාවන් සංවර්ධනය කිරීම සඳහා ක්‍රිකට් ආයතනයේ දායකත්වය ලබා ගැනීම, ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අනෙකුත් පාසල් ක්‍රීඩා සංවර්ධනය සඳහා ද ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහි දී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.
මෙම සාකච්ඡාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහභාගී වුනා.
දෙස්, විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<