පරුෂ වචනයේ ඵල විපාක!

බිග් බෑෂ් ලීගය 2020/21

633

තරගයක් අතරතුර දී අසභ්‍ය වචන භාවිතා කිරීම හේතුවෙන් සුපිරි ඕස්ට්‍රේලියානු පා දඟපන්දු යවන ක්‍රීඩක Adam Zampa වෙත එක් තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 

ඒ අනුව මේ දිනවල ක්‍රියාත්මක වන Big Bash පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලීගයෙහි Hobart Hurricanes කණ්ඩායමට එරෙහිව ජනවාරි මස 2 වැනිදා පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වී යනු ඇත. 

තවත් ක්‍රිකට් පුවත්:

පසුගිය 29 වැනිදා Melbourne Stars කණ්ඩායම සමඟ Sydney හී ක්‍රියාත්මක වූ තරගය අතරතුර දී සිදු වූවා යැයි කියවෙන සිදුවීමක් මූලික කරගනිමින් මෙලෙස Zampa හට තරග තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඔහුට එරෙහිව පැනවූ තරග තහනමට අමතරව ඕස්ට්‍රේලියානු ඩොලර් 2500ක දඩ මුදලක් නියම කිරීමට ද ඔවුන් කටයුතු කොට ඇත. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විනය නීති සංග්‍රහයට අනුව මෙම සිදුවීම පළමු ගණයේ නීති කඩකිරීමක් නිසාවෙන් මෙවැනි ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදු වූ බව ප්‍රකාශයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහන්කොට තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<