හයවැනි පන්දුවල දී Shreyas Iyer, Shivam Mavi හා Pat Cummins දවා ගත්තා. ඔහුගේ ඒ විශිෂ්ට පන්දු යැවීම හමුවේ Rajasthan ලකුණු 7කින් තරගය ජය ගත්තා.
පළමුවෙන් පන්දුවට පහර දුන් RR වෙනුවෙන් Jos Buttler පන්දු 61ක දී ලකුණු 103ක් රැස් කළා. මේ මෙවර තරග වාරයේ Buttler රැස් කළ දෙවැනි ශතකයයි. Rajasthan කඩුලු පහක් දැවී ලකුණු 217ක් රැස් කළා.
- Kohli දවා ගත් චමීරගෙන් වාර්තාවක්
- Delhi Capitals නිරෝධායනයට
- ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා සත්කාරකත්වය ගැන තීරණය IPL වලින් පසු
- මම කවදාවත් හිතුවේ නැහැ CSK මාව මිල දී ගනී කියලා – මහීෂ්
“Chahalට ජාත්‍යන්තර තරග අත්දැකීම් තිබෙනවා. මේ තරගාවලියේ වගේම මේ රටේත් අත්දැකීම් බහුලම පා දඟපන්දු යවන්නා ඔහුයි. ඔහු පෙන්නුවා කොහොමද තමන්ගේ දක්ෂතා පාලනය කර ගන්නේ කියලා. ඒක ඔහුට ඉතා වැදගත් මොකද තරගකාරී ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් කියලා ඔහු පෙන්නුවා”, මාලිංග මාධ්‍ය හමුවක දී පවසා තිබුණා.
“දඟපන්දු යවන්නන්ට කඩුලු ලබා ගන්නට ගොඩක් උපක්‍රම තියෙනවා. ඔහු අද පෙන්නුවා එක පන්දුවාරයකින් තරගයක් වෙනස් කරන්නේ කොහොමද කියලා. ඔහු පෙන්නුවා දඟපන්දු යවන්නන්ට ඔවුන් තමා මේ තරගාවලියේ තරග දිනවන්නන් කියලා.”
KKR ප්‍රධාන පුහුණුකරු Brendon McCullum පවසා සිටියේ මේ තරගය ඉතා තියුණු තරගයක් වූ බවත්, Chahal හා Buttler තරගය ඔවුන්ගෙන් උදුරා ගත් බවත්ය.
“Chahal වගේ හොඳ ක්‍රීඩකයින්ට තරගයට පිවිසෙන්නට අවස්ථාවක් ලබා දිය යුතු නැහැ. අපි හොඳ තරගයක් ක්‍රීඩා කළා. නමුත් අනුවන වැරදි කිහිපයකුත් කළා. සමහර වෙලාවට ඒ දෙය වෙනවා. Jos Buttler ඔවුන් වෙනුවෙන් ශතකයක් වාර්තා කළා. Yuzi Chahal කඩුලු ත්‍රිත්වයක් හා කඩුලු පහක් බැගින් අවස්ථාවක් වාර්තා කළා. අපි තරගය පැරදුණේ ලකුණු 7කින්. ඉතින් අපි හොඳ තරගයක් ක්‍රීඩා කළා. නමුත් දෙවැනියට තමයි තරගය ඉවර කරන්න ලැබුණේ.”
Times Of India ඇසුරින්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<