2024 පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකා කෙටි දුර ධාවම ශූර යුපුන් අබේකෝන් හට සම්පූර්ණයෙන්ම අහිමි වී ගියා.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඔලිම්පික් බලාපොරොත්තුවක් වූ මීටර් 100 ධාවක යුපුන් අබේකෝන් හට මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගිය අතර, ඔහුට ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීමට තිබූ අවසන් අවස්ථා කිහිපයම පාදයේ ආබාධයක් නිසා සම්පූර්ණ කර ගැනීමට හැකි වුනේ නැහැ.
යුපුන් විසින් පසුගිය දිනක සිය Facebook ගිණුමේ මේ පිළිබඳ සංවේදී සටහනක් තබමින් සඳහන් කර සිටියේ පසුගිය වසර තුනක කාලය මුළුල්ලේ තමන් මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් කැපවීමෙන් පුහුණුවීම්වල නිරත වුනත් අවසන් මොහොතේ එම සියලු කර්තව්‍යයන් ව්‍යර්ථ වී ගිය බවයි.
නමුත් පවතින ආබාධය නිසා තමන් මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගත්ත ද, එහි දී සිය උපරිමය ලබා දීමට නොහැකි වනු ඇති බවත් යුපුන් මෙහි දී සඳහන් කරනවා.
යුපුන් අවසන් වශයෙන් පසුගිය දා ශ්‍රී ලංකාවේ පැවැත්වුණු ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියට ද සහභාගී වූ අතර, අවාසනාවන්ත ආබාධ තත්වය නිසා ඔහුට සිය ධාවනය සාර්ථක කර ගැනීමට හැකි වුනේ නැහැ.
- ඔලිම්පික් සමාරම්භක උළෙලේ දී ජාතික ධජය විරේන් නෙත්තසිංහ අතට
- වසර 37ක් පැරණි කාන්තා උස පැනීමේ ලෝක වාර්තාව අලුත් වෙයි!
- මීටර් 800 සහය දිවීමේ වැඩි ගෞරව වළල ඒ රත්නායක විද්‍යාලයට
- අරුණ ඔලිම්පික් වරම් ලබයි!
- තරුෂි සහ නදීශා ඔලිම්පික් වරම් ලබයි
මේ අනුව මෙවර ඔලිම්පික් උළෙල වෙනුවෙන් සිය සිහිනය යථාර්ථයක් කර ගැනීමට නොහැකි වුව ද, ඉදිරියේ දී තම ආබාධය සම්පූර්ණයෙන්ම සුව කර ගනිමින් නැවතත් ශක්තිමත් ව ධාවන පිටියට පිවිසීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කර තිබුණා.
එමෙන්ම මෙවර ඔලිම්පික් සුදුසුකම් ලබාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක් කිරීමට ද ඔහු සිය සටහන අවස්ථාවක් කරගත්තා.
තත්පර 9.96ක් වැනි කාලයක් තුළ මීටර් 100 ඉසව්ව නිමා කරමින් මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ සාර්ථකම මීටර් 100 ධාවකයා බවට පත් වීමට සමත් වූ යුපුන්, සිය ඉසව්වෙන් පොදුරාජ්‍ය මණ්ඩල පදක්කමක් ද ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කර දීමට සමත් වුනා. එමෙන්ම 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ද යුපුන් විසින් මීට පෙර අවස්ථාව උදා කරගත්තා.
මෙවර ඔළිම්පික් උළෙලේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<