ස්වීඩනයේ Stockholm හි පැවැත්වුණු Diamond League තරගාවලියේ දී මීටර් 100 ඉසව්ව (ජාතික) නියෝජනය කළ යුපුන් අබේකෝන් ජයග්රහණයක් වාර්තා කිරීමට සමත් වුනා.
2024 වසර සඳහා පැවැත්වෙන Diamond League මලල ක්රීඩා තරගාවලියේ හයවැනි අදියර අද (02) ස්වීඩනයේ Stockholm හිදි ආරම්භ වූ අතර, මෙහි දී පිරිමි මීටර් 100 (ජාතික) නියෝජනය කරමිනුයි යුපුන් ධාවන පිටියට පිවිසුණේ.
මෙම ඉසව්ව සඳහා ස්වීඩනය නියෝජනය කරමින් ධාවකයින් පස් දෙනෙකුත්, කැනඩාවෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් එක් ධාවකයකු බැගිනුත් යුපුන්ට අමතරව සහභාගී වුනා.
- ශ්රී ලංකාවට පළමු දිනයේම රිදී පදක්කමක්
- කාලිංග කුමාරගේ ජපානයේ දී ජයග්රහණයක් වාර්තා කරයි
- ලෝක සහය දිවීමේ ශූරතාවලියට ඇමරිකානු ආක්රමණයක්!
- නදීශාට දෙවැනි තැන ලැබෙද්දී යුපුන් තෙවැනි තැනට!
- තාත්තාට අහිමි වූ ලෝක වාර්තාව පුත්රයා ඩැහැ ගනී!
යුපුන් විසින් අද දිනයේ සිය ඉසව්ව තත්පර 10.22ක කාලයක් සමඟින් නිමා කිරීමට සමත් වූ අතර, තරගයේ ජයග්රහණය ද ඔහුට හිමි වුනා.
කෙසේ වෙතත් මෙය මෙවර තරගවාරයේ ඔහුගේ පෞද්ගලික හොඳම තරග නිමි කාලවලට වඩා තරමක් පහතිනුයි සටහන් වුනේ.
Diamond League තරගාවලියේ දේශීය තරග අංශය යටතේ පැවැත්වුණු මෙම තරගයෙන් ජයග්රහණය කළ යුපුන් ප්රධාන මීටර් 100 ඉසව්වට* ද සුදුසුකම් ලබා ගත්තා.
*. යුපුන් සහභාගී වූ ඉසව්ව Diamond League තරගවලට අමතරව දේශීය තරගකරුවන් වෙනුවෙන් පැවැත්වුණු ඉසව්වක් වන අතර, Diamond League ඉසව්වට අදාළ පිරිමි මීටර් 100 ඉසව්ව පසුව පැවැත්වීමට සැලසුම් කර තිබුණා.
ඒ අනුව සිය පළමු තරගයෙන් පැය දෙකකට පමණ පසුව යුපුන් පිරිමි මීටර් 100 ඉසව්වේ ප්රධාන තරගයට සහභාගී වූ අතර, එයට ඔහුට අමතරව ජපානයේ Sani Brown, කැමරූන් දේශයේ Emmanuel Eseme වැනි ක්රීඩකයින් ද සහභාගී වුනා.
මෙම ඉසව්වේ දී යුපුන් අනෙක් තරගකරුවන්ට සාර්ථක අභියෝගයක් එල්ල කරමින් හොඳ ආරම්භයක් ලබා ගත්තත්, තරගයේ අවසන් මීටර් 20 – 30 අතර ප්රමාණයේ ඔහු යම් ආබාධයකට ලක් වූ බවකුයි පෙනෙන්නට තිබුණේ. මේ නිසා ඔහුගේ වේගය අඩාල වූ අතර, එහි ප්රතිඵලයක් ලෙස ඔහුට හිමි වුනේ ඉසව්වේ අවසන් ස්ථානයයි. යුපුන්ගේ තරග නිමි කාලය තත්පර 10.63ක් ලෙස සටහන් වුනා.
දිනෙන් දින උණුසුම් වන දේශීය මලල ක්රීඩාවේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<