මලල ක්රීඩා පිටියේ සුප්රකට තරගාවලියක් වන Oslo Diamond League 2022 තරගාවලිය සඳහා සහභාගී වූ ශ්රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් එහි මීටර් 100 ඉසව්ව පස්වැන්නා ලෙස අවසන් කරන්නට සමත් වුනේ ලොව ප්රබලතම ක්රීඩකයින් රැසක් සමඟ කරට කර සටනක් දෙමිනි.
ශ්රී ලංකා වේලාවෙන් අද (17) අලුයම පැවති මෙම තරගයේ ආරම්භයට පෙර ඇද හැළුණු වර්ෂාව නිසාවෙන් ක්රීඩකයින්ට සුපුරුදු දස්කම්වලට පිවිසීමට නොහැකි වූ අතර යුපුන් තරගය අවසන් කිරීමට තත්පර 10.16ක කාලයක් ගත කළා.
එහි පළමු ස්ථානය තත්පර 10.05ක කාලයකින් ඉසව්ව අවසන් කළ සුපිරි ධාවන ශූර Andre De Grasse හට හිමි වූ අතර තත්පර 10.06ක කාලයකින් අවසන් කළ Reece Prescod දෙවැනි ස්ථානයත්, තත්පර 10.09ක කාලයකින් ඉසව්ව අවසන් කළ Akani Simbine තෙවැනි ස්ථානයත් දිනා ගත්තා.
මෙම තරගය සඳහා මීටර් 100 ඉසව්ව නියෝජනය කරන ලොව ප්රබලම ක්රීඩකයින් කිහිපදෙනෙකුම සහභාගී වූවත්, ක්රීඩාංගණයේ පැවති අයහපත් කාලගුණය නිසාවෙන් කිසිවෙකුටත් තත්පර 10ට අඩුවෙන් තරගය අවසන් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.
- යුපුන් ලෝක ශූරයින් සමඟ සටනකට
- සුමේධ ස්විස්ටර්ලන්තයේ දී ලෝකඩ පදක්කමකට
- ඉන්දියාවට ගිය අමාෂා සහ අරුණ අවසන් මහා තරගයට
- සාරංගි රන් දිනයි!
මෙම තරගයේ ජයග්රහණයක් හිමි කර ගැනීමට යුපුන්ට නොහැකි වූවත් ‘ඩයමන්ඩ් ලීග්’ තරගාවලියෙන් හිමි වන ප්රසාද ලකුණු මත යුපුන්ට ලෝක වර්ගීකරණයේ පළමු 40 දෙනා අතරට පැමිණීමට හැකි වන අතර ඒ සමඟ ඔහුට ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ද ඉහළ යනු ඇත.
කෙටිදුර ධාවනයෙන් මෙරට මලල ක්රීඩාවේ පෙරළියක් ඇති කළ යුපුන් මෙම වසරේ දී මීටර් 100 ඉසව්ව තත්පර 10.06ක කාලයකින් අවසන් කරමින් තමන්ගේම දකුණු ආසියානු වාර්තාව අලුත් කිරීමට ද සමත් වුනා.
>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<