මෙම වසරේ අගෝස්තු මාසයේ උස්බෙකිස්තානයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති 18න් පහළ (යොවුන්) ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා පැවැත්වෙන අවසන් තේරීම් තරගාවලිය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව මෙම තරගාවලිය පෙබරවාරි 21 සහ 23 යන දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
- තරූෂ දක්ෂතම ක්‍රීඩකයා වෙද්දී නේත්‍රා දක්ෂතම ක්‍රීඩිකාව වෙයි
- ඉතිහාසය අලුත් කළ 2022 මලල ක්‍රීඩා පිටිය
- සහය දිවීමේ වාර්තා අලුත් කළ දෙවැනි දිනය
- වාර්තා දෙකක් සමඟ කනිෂ්ඨ ජෝන් ටාබට් ඇරඹෙයි
- අයහපත් වාතාවරණය නිසා ජෝන් ටාබට් කල් යයි
මෙම තරගාවලිය සඳහා 2006 සහ 2007 වර්ෂවල උපන්, අවශ්‍ය පරිසාධන සුදුසුකම් සම්පූර්ණ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අයැදුම් කළ හැකි බව ද මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කළා.
ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ පෙර පැවති අදියරවල දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර මෙවර තරගාවලිය සඳහා වන පරිසාධන සීමා ද ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර තිබුණා.
2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවයේ පරිසාධන සීමාවන්
ජාතික යොවුන් මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<