ඉන්දීය දේශීය ක්‍රිකට් පිටියේ වැඩි අවධානයක් දිනා ගෙන සිටින යොවුන් පිතිකරුවෙකු වන Yashasvi Jaiswal ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් ලෝක ශූරතාවයට නම් කළ ඉන්දීය කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඒ අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි.
එම සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස මීට පෙර නම් කර තිබූ Ruturaj Gaikwadට සිය විවාහය නිසා මෙම ටෙස්ට් තරගය සඳහා සහභාගී වීම අහිමි වීම නිසා ඔහුගේ ස්ථානයට Yashasvi Jaiswal එක් කර තිබෙනවා.
මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් තරගාවලියේ ඉහළ දස්කම් අතර සිටින Yashasvi Jaiswal කොදෙව් තරගාවලියේ දී විස්සයි විස්ස සහ ටෙස්ට් සංචිත වලට ඇතුළත් වෙතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසු වෙනවා.
- ටෙස්ට් ලෝක ශූරතාවයේ ත්‍යාග මුදල් නිවේදනය කරයි
- මහීෂ් – මතීෂ ඇතුළු චෙන්නායි රජුන් කුසලානය සොයා අහමදාබාද් යයි
- ලක්නව් ආ ගමන නිමයි; මුම්බායෙන් අලුත් තරුවක්!
- ප්‍රබල පන්දු යවන්නෙක් ගැන Harbhajanගෙන් අනතුරු ඇඟවීමක්
මෙවර තරගාවලියේ තරග 14ක් ක්‍රීඩා කරමින් ලකුණු 625ක් ලබා ගැනීමට ඔහුට හැකි වූ අතර තරගාවලියේ දී අගනා ශතකයක් රැස් කිරීමට ද ඔහුට හැකියාව ලැබුණා.
විස්සයි විස්ස පිටියේ මෙන්ම රතු පන්දු පිටියේ ද අවසන් කාලසීමාවේ ඉහළ දස්කම් දැක්වූ ඉන්දීය පළමු පෙළ තරග පිටියේ තරග නවයක් ක්‍රීඩා කරමින් ලකුණු 1169ක් ලබා ගැනීමට ඔහු සමත් වුනා.
එම ලකුණු අතරට ශතක පහක් ද ඇතුළත් වන අතර ඔහු ඉදිරි දින කිහිපය තුළ එංගලන්තයට පිටත් වන බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
අවසන් තරගයට නම් කළ සංචිතයට ඇතුළත් වූ වේගපන්දු යවන ක්‍රීඩක Jaydev Unadkat අද (29) කණ්ඩායම සමඟ එක්වීමට සැලසුම් කර තිබෙන අතර Mumbai Indians නියෝජනය කළ නායක Rohit Sharma ඇතුළු ක්‍රීඩකයින් හෙට (30) එංගලන්තයට පිටත් වීමට නියමිතයි.
ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය ඇතුළු දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
Cricbuzz ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<