28 වැනි Battle Of The Lions තරගයේ ජය Wycherley ජාත්‍යන්තර පාසලට

Wycherley International School vs Colombo International School - 28th Battle of the Lions

10

ලලිත් ඇතුළත්මුදලි අභියෝගතා කුසලානය සඳහා Wycherley ජාත්‍යන්තර පාසල සහ කොළඹ ජාත්‍යන්තර පාසල අතර ඊයේ (15) පැවැත්වුණු තරගයෙන් කඩුලු 05ක ජයක් ලබා ගැනීමට Wycherley විද්‍යාලය සමත් වුනා. 

කොළඹ තර්ස්ටන් විද්‍යාලය ක්‍රීඩාංගණයේ සත්කාරකත්වයෙන් 28 වැනි වරට ක්‍රියාත්මක වූ මෙම Battle Of The Lions සටනේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ ජාත්‍යන්තර පාසල සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 133ක් පමණයි. 

මෙහි දී Wycherley විද්‍යාලය වෙනුවෙන් ඉන්ෆාස් රියාස්, ශාමික දේශාන් සහ හම්දාන් මොහිනුදීන් කඩුලු 02 බැගින් දවා ගැනීමට සමත් වුනා. 

අදාළ ඉලක්කය හඹා ගිය Wycherley ජාත්‍යන්තර පාසල පන්දුවාර 35 පන්දු 4ක් තුළ කඩුලු 05ක් දැවී නියමිත ලකුණු ප්‍රමාණය අබිබවා යාමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් දෝජිත ජයවර්ධන ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වුනා. 

කොළඹ ජාත්‍යන්තර පාසල – 133 (41.1) විශේන් ගුණසේකර 38, ශෝන් පොලොන්නෝවිට 21, ඉන්ෆාස් රියාස් 2/4, ශාමික දේශාන් 2/22, හම්දාන් මොහිනුදීන් 2/27 

 

Wycherley ජාත්‍යන්තර පාසල – 135/5 (35.4) දෝජිත ජයවර්ධන 42, අම්රීන් ඉස්මත් 30, නවීන් රාජපක්ෂ 22, එනෝශ් වල්පිට 2/20, නිකිල් පීරීස් 2/26 

 

Wycherley ජාත්‍යන්තර පාසාට කඩුලු 05ක ව්ජයක්. 

මෙම තරගයේ සජීවී දසුන් ඔබ වෙත සමීප කළ සේම 2025 පාසල් ක්‍රිකට් වසන්තයේ සියලු උණුසුම් තරග දසුන්, තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<