ලෝක ටෙස්ට් ශූරතාවයේ ආකෘතිය වෙනස් වෙයි ද?

ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවය

410

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයට COVID-19 වෛරස ව්‍යාප්තිය නිසා දැඩි බලපෑමක් එල්ල විය. එම නිසාම ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ අවසන් කණ්ඩායම් දෙක තෝරා ගන්නා ආකාරය වෙනස් කරන්නට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. එම යෝජනාවට අනුව කණ්ඩායම් ක්‍රීඩා කළ තරගවලින් ලබා ගැනීමට තිබුනු ලකුණු වලින් ඔවුන් ලබා ගත් ප්‍රසාද ලකුණු, ප්‍රතිශතයක් ලෙස ගෙන අවසන් කණ්ඩායම් දෙක තීරණය කරනු ඇත. 

ESPNcricinfo වාර්තා කර තිබුනු අන්දමට ICC ක්‍රිකට් කමිටුව මේ ආකාරයට තරගාවලියේ අවසන් කණ්ඩායම් තේරීමට කැමැත්ත පළකර ඇති අතර ICC ප්‍රධාන විධායක කමිටුවට මේ සතියේ දී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. 

මෙම වසරේ අවසන් කාර්තුව සඳහා වන ICC විධායක හමුව එළඹෙන සඳුදා පැවැත්වීමට නියමිතය. 

ESPNcricinfo තවදුරටත් වාර්තා කර තිබුනේ ක්‍රීඩා කිරීමට නොහැකි වූ ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරග ජය පරාජයෙන් තොරව නිමා වූ තරග ලෙස තීරණය කරමින් ප්‍රසාද ලකුණු කණ්ඩායම් දෙකට බෙදා දීම පිළිබඳව ICC ක්‍රිකට් කමිටුව සාකච්චා කළ බවයි. කෙසේ වෙතත් එම යෝජනාවට අනුමැතිය හිමිව නැත. 

WTC තරගාවලියේ මූලික තරග සැලැස්මට අනුව කණ්ඩායම් නවයක් වසර දෙකක කාලයක් පුරා තරගාවලි හය බැගින් ක්‍රීඩා කරන්නට නියමිත තිබුනි. එක් තරගාවලියකට හිමි වන උපරිම ප්‍රසාද ලකුණු ගණන 120ක් වූ අතර වසර දෙක අවසානයේ දී වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. අවසන් මහා තරගය ලබන වසරේ ජුනි මාසයේ Lord’s ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිතය. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

නව ආකෘතිය අනුව ඉන්දියාව ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග හතරම පරාජය වී එංගලන්තයට එරෙහිව තරග පහම ජයගතහොත් ඔවුන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව 480ක් බවට පත්වන අතර ඔවුන්ට හිමි වන ප්‍රතිශතය 66.67%කි. 

ඉන්දියාව ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 3-1ක් ලෙස පරාජය වී එංගලන්තයට එරෙහිව තරග පහම ජයගතහොත් ඔවුන්ට 70.83% ප්‍රතිශතයක් හිමි වේ. 

අනෙක් කණ්ඩායම් සැලකූ කළ නව ආකෘතිය අනුව වැඩි වාසි ඇත්තේ නවසීලන්තයටයි. ඔවුන් කොදෙව් සහ පාකිස්තාන තරගාවලි ජයගතහොත් ඔවුන්ට 70%ක ප්‍රතිශතයක් හිමි වන අතර ඒ අනුව අවසන් කණ්ඩායම් දෙකට පිවිසීමට ඔවුන්ට වැඩි අවස්ථාවක් ඇත. 

HindustanTImes ඇසුරිනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<