මෙරෝන් ලෝක මට්ටමේ දී කැපී පෙනෙයි!

World Junior Athletics Championship 2024

2
World Junior Athletics Championship 2024

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේ දී ම මෙරෝන් විජේසිංහ විසින් වටිනා ජයග්‍රහණයක් අත් කර ගැනීමට සමත් වුනා.

ඊයේ (27) දිනයේ පේරු රාජ්‍යයේ ලිමා හිදි ආරම්භ වූ ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් තරග බිමට පිවිසුණා.

මේ අතරින් කාන්තා දුර පැනීම මූලික වටයේ ඉසව්වට මදුශානි හේරත් සහභාගී වූ නමුත් ඇය විසින් සාර්ථක කර ගැනීමට සමත් වූ හොඳම දුර සටහන් වුනේ මීටර් 5.18ක් ලෙසයි. එය මෙම ඉසව්වට සහභාගී වූ තරගකාරිනියන් 25 දෙනා අතුරින් 25 වැනි ස්ථානයේ රැඳුණා.

කෙසේ වෙතත් මින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම් නායක මෙරෝන් විජේසිංහ පිරිමි මීටර් 100 මූලික වටයේ සිව්වැනි තරගයට සහභාගී වූ අතර, එහි දී තත්පර 10.55ක කාලයක් වාර්තා කරමින් ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මෙරෝන් සමත් වුනා.

මෙම ඉසව්වේ ම හය වැනි තරගයට සහභාගී වූ දිනෙත් ඉඳුවර තත්පර 10.72ක කාලයක් සමඟ 05 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනත්, ඔහුට අවසන් පූර්ව වරම් හිමි කර ගැනීමට හැකි වුනේ නැහැ.

ඉසව්වට සහභාගී වූ සමස්ත තරගකරුවන් 64 දෙනා අතුරින් දිනෙත් 43 වැනි ස්ථානයට පත් වූ අතර, මෙරෝන් 24 වැනි ස්ථානයට පත් වුනා.

එ අනුව මෙරෝන් විසින් ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (28) අලුයම සහභාගී වූ අතර, අවසන් පූර්ව වටයේ තෙවැනි තරගයේ දී තත්පර 10.68ක කාලයක් වාර්තා කළ මෙරෝන් හට හිමි වුනේ අවසන් ස්ථානයයි.

එමෙන්ම ඉසව්වේ අවසන් පූර්ව වටය නිමා වන විට ඔහු සමස්ත තරගකරුවන් අතුරින් 22 වැනි ස්ථානයට පත් වීම විශේෂත්වයක්.

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශුරතාවලියේ නැවුම් තතු විත්ති ඔබ වෙත රැගෙන ඒමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<