ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙල ඊයේ (23) දිනයේ දී චීනයේ Nanjing හිදී සාර්ථකව නිමාවට පත් වුනා.
තරගාවලියේ අවසන් ඉසව් ද්විත්වය වූ කාන්තා සහ පිරිමි මීටර් 400×4 ඉසව් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම් ද සහභාගී වූ අතර, මෙහි දී ඔවුන් තම පෞද්ගලික හොඳම දක්ෂතා දැක්වීමට සමත් වීම විශේෂත්වයක්.
පිරිමි 400×4 සහය දිවීම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව ද ඇතුළුව කණ්ඩායම් 5ක් තරග බිමට පිවිසුණු අතර, මෙහි දී ඇමරිකා එක්සත් ජනපදය ඉතා පහසුවෙන් ඉසව්ව ජය ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉසව්වේ අවසන් ස්ථානය උරුම වූ නමුත්, මෙහි දී ඔවුන් විසින් වාර්තා කළ මිනිත්තු 3.10.58ක තරග නිමි කාලය නව ජාතික වාර්තාවක් ලෙස (කෙටි ධාවන පත සඳහා) සටහන් වුනා. ඔවුන් විසින් මෙසේ බිඳ දැමීමට සමත් වුනේ වසර 18ක් ඉපැරණි වාර්තාවක් වීමත් විශේෂත්වයක්.
මේ අතර කාන්තා 400×4 ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ද ඉසව්වේ අවසන් ස්ථානයට පත් වීමට සිදු වූ අතර, එහි දී ඔවුන් මිනිත්තු 3.40.62ක කාලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මෙය ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමක් කෙටි ධාවන මංතීරූවල (මීටර් 200) තරග වැදුණු පළමු අවස්ථාව ලෙස ද සටහන් වුනා.
මීට අමතරව ඊයේ ක්‍රියාත්මක වූ ඉසව් අතුරින් කාන්තා දුර පැනීම ඉසව්ව ජය ගැනීමට ඇමරිකාවේ Claire Bryant විසින් සමත් වූ අතර, පිරිමි දුර පැනීම ඉසව්ව ජය ගැනීමට ඉතාලියේ Mattia Furlani විසින් සමත් වීම විශේෂත්වයක්. තවමත් 20 හැවිරිදි වියේ පසු වන Furlaniගේ මෙම ජයත් සමඟින් ම මෙතෙක් කල් දුර පැනීම ඉසව්වල ලෝක මට්ටමේ ජයග්‍රහණ රැසක් වාර්තා කිරීමට සමත් වී සිටි ග්‍රීසියේ Miltiadas Tentoglou දරුණු පසුබෑමකට ලක් වීමත් විශේෂ අවධානයකට ලක් වුනා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර කාන්තා උස පැනීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාවේ Nicola Olyslagers විසින් සමත් වූ අතර, එහි රිදී පදක්කම ද ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Eleanor
Patterson විසින් දිනා ගත්තේ, ඉසව්වේ ලෝක වාර්තාවට හිමි කම් කියනා යුක්‍රේනයේ Yaroslava Mahuchikh තෙවැනි තැනට ඇද දමමිනුයි.
මේ අතර නෝර්වේ දේශයේ Jakob Ingebrigtsen විසින් මෙම තරගාවලියේ තම දෙවැනි රන් පදක්කම ද ජයග්‍රහණය කරමින් පිරිමි මීටර් 1500 ඉසව්ව පහසුවෙන් ජය ගැනීමට සමත් වූ අතර, කාන්තා මීටර් 1500 ඉසව්ව ජය ගැනීමට ඉතියෝපියාවේ Gudaf Tsegay විසින් සමත් වුනේ නව තරග වාර්තාවක් ද පිහිටුවමිනුයි.
මේ අතර ඊයේ දිනයේ වැඩිම අවධානයක් දිනා ගත් ඉසව්ව ලෙස ක්‍රියාත්මක වූ කාන්තා මීටර් 60 කඩුලු පැන දීම ඉසව්ව ජය ගැනීමට බහමාස් හි Devynne Charlton විසින් සමත් වුනේ තත්පර 7.72ක තරග නිමි කාලයක් වාර්තා කරමිනුයි.
මෙම තරගයේ දී ක්‍රීඩිකාවන් හය දෙනෙකු ම තත්පර 7.76ක කාලයක් තුළ තරගය අවසන් කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.
මේත් සමඟින් ම 2025 ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය නිමාවට පත් වන අතර, තරගාවලියේ දී රන් පදක්කම් හයක් ජයග්‍රහණය කිරීමට සමත් වූ ඇමරිකා එක්සත් ජනපදය පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුනා.
දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<