ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා උලෙළ ඊයේ (21) චීනයේ Nanjing හිදී ආරම්භ වුනා.
තරගාවලියේ පළමු දිනය තුළ අවසන් මහා තරග කිහිපයක් ක්‍රියාත්මක වූ අතර, ඉන් ඉහළ අවධානයක් පිරිමි මීටර් 60 ඉසව්ව වෙනුවෙන් යොමු වුනා.
මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චමෝද් යෝදසිංහ සහභාගී වූ අතර, ඉසව්වේ මූලික වටයේ දෙවැනි තරගයට සහභාගී වූ චමෝද් තත්පර 6.70ක කාලයක් වාර්තා කරමින් තෙවැනි ස්ථානයට පැමිණීමට සමත් වුනා.
මූලික වටයට සහභාගී වූ ක්‍රීඩකයින් 58ක් අතුරින් චමෝද් 24 වැනි ස්ථානය ලබාගත් අතර, ඔහු ඉසව්වේ අවසන් පූර්ව තරග වටයට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් වුන.
කෙසේ වෙතත් අවසන් පූර්ව වටයේ දී චමෝද් සහභාගී වූ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ඔහුට අවසන් ස්ථානයෙන් සෑහීමට සිදු වුනා.
එහි දී ඔහු තත්පර 6.70ක කාලයක් වාර්තා කළ අතර, සමස්ත තරගකරුවන් 24 දෙනා අතරේ චමෝද්ගේ නම 22 වැනි ස්ථානයට පත් වුනා.
මෙම ඉසව්වේ අවසන් මහා තරගයට පිවිසෙමින් ඉසව්ව ජයග්‍රහණය කිරීමට මහා බ්‍රිතාන්‍යයේ Azu Jeremiah සමත් වුනේ තත්පර 6.49ක කාලයක් වාර්තා කරමිනුයි.
මේ අතර ඊයේ දිනයේ දී පිරිමි මීටර් 400 මූලික වටයේ ඉසව් ද ක්‍රියාත්මක වූ අතර, එයට සහභාගී වීමට නියමිත ව සිටි ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ අවසන් මොහොතේ තරගයෙන් ඉවත් වී තිබුණා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මේ අතර පිරිමි තුන් පිම්ම ඉසව්ව ජය ගැනීමට ඉතාලියේ Andy Diaz සමත් වූ අතර, පිරිමි උස පැනීම ඉසව්වට සහභාගී වූ දකුණු කොරියාවේ Sanghyeak Woo මීටර් 2.31ක උසක් සමඟ ඉසව්ව ජය ගැනීමට සමත් වුනේ ගිය වර ලෝක ශූරයා වූ නවසීලන්තයේ Hamish Kerr දෙවැනි තැනට ඇද දමමිනුයි.
මේ අතර කාන්තා යගුලිය විසි කිරීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට කැනඩාවේ Sarah Mitton විසින් සමත් වුනා.
තරගාවලියේ දෙවැනි දිනය අද (22) ක්‍රියාත්මක වීමට නියමිතයි.
අද දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක කවීශ බණ්ඩාර පිරිමි මීටර් 60 කඩුලු පැන දිවීම ඉසව්වේ මූලික වටයට සහභාගී වීමට සූදානමින් පසු වනවා.
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>