ලංදේසි කඳවුරට එල්ල වූ කැන්ගරු ප්‍රහාරය

ICC World Cup 2023

536
Glenn Maxwell

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (26) ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය අතර තරගය ඉතිහාසයට එක් වූයේ එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයට වේගවත් ම ශතකය එක් කරමින්. 

24 වැනි තරගය (දිවා/රාත්‍රී), Delhi, ඔක්තෝබර් 25, 2023, ICC Cricket World Cup 

ඕස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය 

  • කාසියේ වාසිය – ඕස්ට්‍රේලියාව 
  • තරගයේ වීරයා – Glenn Maxwell (ඕස්ට්‍රේලියාව) 

ඕස්ට්‍රේලියාව – කඩුලු 8ක් දැවී 399 (50) David Warner 104, Steven Smith 71, Marnus Labuschagne 62, Glenn Maxwell 106, Logan van Beek 4/74, Bas de Leede 2/15 

නෙදර්ලන්තය – සියලුම දෙනා දැවී 90 (21) Vikramjit Singh 25, Mitchell Marsh 2/19, Adam Zampa 4/08 

ඕස්ට්‍රේලියාවට ලකුණු 309ක ජයක්.  

40: මෙම තරගයේ දී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Glenn Maxwell තම ශතකය පන්දු 40කින් වාර්තා කළ අතර එය එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ වේගවත් ම ශතකය ලෙසයි හැඳින්වෙන්නේ. 

ලෝක කුසලාන තරග ඉතිහාසයේ වේගවත් ම ශතක පෙළගැස්ම 
  ක්‍රීඩකයා  රට  ප්‍රතිවාදීන්  පන්දු  ක්‍රීඩාංගණය  දිනය 
1  Glenn Maxwell (106)  ඕස්ට්‍රේලියාව  නෙදර්ලන්තය  40  Delhi   25, ඔක්තෝබර් 2023 
2  Aiden Markram (106)  දකුණු අප්‍රිකාව  ශ්‍රී ලංකාව  49  Delhi   07, ඔක්තෝබර් 2023 
3  Kevin O’Brien (113)  අයර්ලන්තය  එංගලන්තය  50  Bengaluru   02, මාර්තු 2011 
4  Glenn Maxwell (102)  ඕස්ට්‍රේලියාව  ශ්‍රී ලංකාව  51  Sydney   08, මාර්තු 2015 
5  AB de Villiers (162)  දකුණු අප්‍රිකාව  බටහිර ඉන්දීය කොදෙව්  52  Sydney   27, පෙබරවාරි 2015 
  • ඕස්ට්‍රේලියා එක්දින තරග ඉතිහාසයේ මෙම වාර්තාව මීට පෙර ද සතු කරගෙන සිටියේ Glenn Maxwell. ඔහු 2015 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 51ක දී වාර්තා කරන ලද ශතකය ඊට හිමිකම් කීවා. 

2: Glenn Maxwell විසින් රැස් කරන ලද මෙම ශතකය ඕස්ට්‍රේලියා කාන්තා/පිරිමි එක්දින තරග ඉතිහාසයේ වේගවත් ම ශතක අතරට එක් වෙන්නේ දෙවැන්න ලෙසයි. එහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ඕස්ට්‍රේලියා දකුණත් පිතිකාරිනී Meg Lanning. ඇය 2012 දෙසැම්බර් 17 වැනිදා නවසීලන්ත කාන්තාවන්ට එරෙහිව North Sydney හිදී පැවති තරගයේ දී පන්දු 45ක දී ශතකය වාර්තා කරමින් එහි පළමු අසුනේ රැඳී සිටිනවා.  

4: Glenn Maxwell ගේ මෙම ශතකය ලෝක එක්දින තරග ඉතිහාසයට එක් වෙන්නේ වේගවත් ම ශතක අතර සිව්වැන්නටයි. 

එහි පළමුවැන්න දකුණු අප්‍රිකාවේ AB de Villiers (31- බටහිර ඉන්දීය කොදෙව්වන්ට 2015 දී), දෙවැන්න නවසීලන්තයේ Corey Anderson (36- බටහිර ඉන්දීය කොදෙව්වන්ට 2014 දී) සහ තෙවැන්න පාකිස්තානයේ Shahid Afridi (37- ශ්‍රී ලංකාවට 1996 දී) සතු වෙනවා.  

106: Glenn Maxwell මෙතෙක් සහභාගී වූ ලෝක කුසලාන තරග 23ක ඉනිම් 21 දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද මෙයයි. මීට පෙර ඔහුගේ හොඳම ඉනිම බවට පත් ව තිබුණේ 2015 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 4ක් සමඟින් ලබා ගත් ලකුණු 102යි. 

39: Glenn Maxwell මෙම තරගයේ දී පිටියට පිවිසෙන්නේ 39 වැනි පන්දුවාරයේ දීයි. ඒ වෙද්දී ඕස්ට්‍රේලියාවේ කඩුලු 4ක් දැවී ගොස් තිබුණා. ඒ අනුව Glenn Maxwellගේ ඉනිම එක්දින ජාත්‍යන්තර තරගයක දී ප්‍රමාද වී පැමිණ ශතකයක් ලබා ගත් පිතිකරුවන් අතර පළමු අසුනට පත් වුනා. 

ඊට පෙර එවැනි දක්ෂතාවක් කර තිබුණේ දකුණු අප්‍රිකාවේ AB de Villiers. ඔහු 2015 ජනවාරි 18 වැනිදා බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ Johannesburg හිදී පැවති තරගයේ දී පිටියට පිවිසෙන්නේ 38.4 වැනි පන්දුවාරයේ දී. ඒ වෙද්දී ඔවුන්ට අහිමි වී තිබුණේ කඩුලු 2ක් පමණයි.  

2/115 (10): මෙම තරගයේ දී නෙදර්ලන්තයේ දකුණතින් මද වේගපන්දු යැවූ Bas de Leede, තමන්ගේ පන්දුවාර 10 තුළ දී ප්‍රතිවාදීන්ට ලකුණු 115ක් ලබා දෙනවා. එය එක්දින ජාත්‍යන්තර තරග පිටියේ වැඩියෙන් ම ප්‍රහාරයකට ලක් වූ පන්දු යවන්නන් අතර පළමු ස්ථානයට පත් වූ ප්‍රහාරයක්. 

එහි එතෙක් රැඳී සිටියේ ඕස්ට්‍රේලියාවේ දකුණතින් මද වේගපන්දු යැවූ Mick Lewis. 2006 වසරේ දී දකුණු අප්‍රිකාව සමඟ Johannesburg හී පැවති තරගයේ දී ඔහුගේ පන්දුවාර 10 තුළ ප්‍රතිවාදීන් ලකුණු 113ක් ලබා ගෙන සිටි අතර එය මේ දක්වා ම වාර්තා පොත් අතර රැඳී තිබුණා.  

4/74 (10): නෙදර්ලන්තයේ දකුණතින් මද වේගපන්දු යවන Logan van Beek, තරග 4ක් වූ තම ලෝක කුසලාන තරගවල දී හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට මෙම තරගයේ දී සමත් වුනා.  

මීට පෙර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් ව තිබුණේ දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 8.5ක් යවමින් ලකුණු 60කට ලබා ගත් කඩුලු 3යි.  

399/8 (50): නෙදර්ලන්තයට එරෙහිව වාර්තා කරන ලද මෙම ඉනිම ඕස්ට්‍රේලියා එක්දින ලෝක කුසලාන තරගවල හොඳම ඉනිම් අතර දෙවැනි තැනට පත් වුනා.

ඕස්ට්‍රේලියාවේ මෙම වාර්තාව රැඳී තිබෙන්නේ 2015 ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව Perth හී පැවති තරගයේ දී කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 417යි. 

  • මෙම ලකුණු සංඛ්‍යාව නෙදර්ලන්තයට එරෙහිව කණ්ඩායමක් රැස් කරන ලද ලකුණු සංඛ්‍යාවන් අතර තෙවැනි තැනට පත්වුනා. එහි පළමු ස්ථානය 2022 වසරේ දී එංගලන්තය විසින් කඩුලු 4ක් දැවී ලබා ගත් ලකුණු 498ත් සහ දෙවැනි ස්ථානය 2006 වසරේ දී ශ්‍රී ලංකාව විසින් කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 443ත් රැඳී පවතිනවා. 

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<