සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට මීට පසුව කාන්තා කාණ්ඩය ඔස්සේ ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගී වීම තහනම් කිරීමට ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය තීරණය කළ බව පසුගිය දා නිවේදනය කළා.
මේ පිළිබඳ අදහස් දක්වමින් ලෝක මලල ක්‍රීඩා සංගමයේ සභාපති Sebastian Coe ප්‍රකාශ කළේ, පිරිමියෙකු ලෙස වැඩිවියට පත් වූ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ඉදිරියේ දී කාන්තා කාණ්ඩය ඔස්සේ ශ්‍රේණිගත කිරීමේ තරග කිසිවකට සහභාගී වීමට නොහැකි බවයි.
එමෙන්ම එම කාණ්ඩයේ සුදුසුකම් පිළිබඳ පර්යේෂණයක් පැවැත්වීමට ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවන බව සහ මෙම තහනම සදාකාලිකව පනවන එකක් බව තමන් නොපවසන බව Coe ප්‍රකාශ කළා.
මීට පෙර පැවති නීතිවලට අනුව සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් හට රුධිර testosterone පරීක්ෂාවක් සිදු කර එහි අගය උපරිම 5nmol/L ලෙස මාස 12ක් පවත්වා ගැනීමට හැකියාව හිමි වුවහොත් කාන්තා කාණ්ඩය යටතේ ක්‍රීඩා කිරීමට අවසර හිමි වුනා.
- ලොව වේගවත්ම මිනිසාගේ ගිණුමේ මුදල් අතුරුදන්
- රිටි පැනීමේ ඉතිහාසය වෙනස් කරන Armand Duplantis
- Yohan Blake ක්‍රීඩා පිටියෙන් සමුගැනීමට දින නියම කරයි
- ඉතිහාසය අලුත් කළ 2022 මලල ක්‍රීඩා පිටිය
- සහය දිවීමේ වාර්තා අලුත් කළ දෙවැනි දිනය
එමෙන්ම ඒ පිළිබඳ වැඩිදුර අදහස් දක්වමින් Coe ප්‍රකාශ කළේ, කාන්තා මලල ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවයි.
“විවිධ කණ්ඩායම් අතර අවශ්‍යතා සහ අයිතිවාසිකම් අතර පරස්පරතා ඇති වෙද්දී තීරණ ගන්න අපහසු වෙනවා. ඒත් අපි හැමවෙලේම මේක ගැන බලලා කාන්තාවන්ට කිසිදු අසාධාරණයක් නොවෙන්නයි කටයුතු කරන්නේ.”
එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් පිහිටුවන කමිටුව මාස 12ක කාලයක් එය අධ්‍යනය කිරීමට නියමිත අතර ස්වාධීන නිලධාරියෙකු ප්‍රධානත්වය දරන එම කමිටුවට නිලධාරීන් තිදෙනෙක් ඇතුළත් කිරීමට නියමිතයි.
BBC ඇසුරිනි.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<