චමෝදි ප්‍රබෝදා සහ ලිමන්සා තිලකරත්න ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සහභාගී වන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන් කොන් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (01) නවසීලන්තය සමඟ පැවැති තරගයෙන් ලකුණු 55ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූවා.
Alan Pettigrew Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 159ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 104ක් පමණයි.
මෙම තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ හිරුණි හංසිකා සහ රශ්මි නේත්‍රාංජලී විවේක ගන්වා තිබූ අතර ඒ වෙනුවට ලිමන්සා තිලකරත්න සහ ශෙහාරා ඉඳුවරී කණ්ඩායමට කැඳවා තිබුණා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, ලිමන්සා තිලකරත්න, විමෝක්ෂා බාලසූරිය, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), දැහැමි සනෙත්මා, රශ්මිකා සෙව්වන්දි, අශේනි තලගුණේ, චමෝදි ප්‍රබෝදා, ප්‍රමුදි මෙත්සරා සහ ශෙහාරා ඉඳුවරී.
නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
Tash Wakelin (නායිකාව), Emma McLeod, Izzy Sharp, Kate Irwin, Rishika Jaswal, Anika Todd, Eve Wolland, Darcy Rose Prasad, Abby Treder, Elizabeth Buchanan (කඩුලු රකින්නිය) සහ Louisa KotKamp.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ සුමුදු නිසංසලා යි. ඇය පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.
ඊට අමතර ව විමෝක්ෂා බාලසූරිය පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 29ක් ද සහ රශ්මිකා සෙව්වන්දි පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ද ලබා ගන්නවා.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී චමෝදි ප්‍රබෝදා පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 12ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Rishika Jaswal ලකුණු 43කට කඩුලු 3ක් දවා ගන්නා ලද අතර Kate Irwin සහ Louisa KotKamp කඩුලු 2ක් බැගින් දවා ගන්නවා. ඊට අමතර ව Tash Wakelin ට ද කඩුල්ලක් හිමි වෙනවා.
- රශ්මිකාගේ උත්සාහය අපතේ යයි
- Moors සහ Ace Capital අවසන් මහා තරගයට
- ප්‍රභාත් සහ නිශාන්ගේ දඟපන්දුව නවසීලන්තය අන්ත අසරණ කරයි
- සුගන්දිකා කුමාරි ට කඩුලු ත්‍රිත්වයක්
- මිචෙල් සහ නිමාලි කාන්තා ලෝක කුසලානයට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට චමෝදි ප්‍රබෝධා සමත් වූවා. ඒ අසාර්ථක ආරම්භයත් සමඟින් නවසීලන්ත ඉනිම 36 වැනි පන්දුවාරයේ දී ලකුණු 104කට සීමා කිරීමට ඔවුන් සමත් වෙනවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Abby Treder. ඇය පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා ගන්නවා. ඊට අමතර ව Kate Irwin පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ද සහ Tash Wakelin පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ද ලබා ගත්තා.
ඉනිම අවසන් වන විට Darcy Rose Prasad පන්දු 39කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 14ක් ලබා සිටියා.
පන්දු යැවීමේ දී චමෝදි ප්රබොදා ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත් අතර ලිමන්සා තිලකරත්න ලකුණු 31කට කඩුලු 3ක් දවා ගනිමින් ඇයට අනගි සහයෝගයක් ලබා දුන්නා. ඊට අමතර ව රශ්මිකා සෙව්වන්දි, ශෙහාරා ඉඳුවරී සහ අශේනි තලගුණේ කඩුල්ලක් බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 159 (42.0) ලිමන්සා තිලකරත්න 14, විමෝක්ෂා බාලසූරිය 29, සුමුදු නිසංසලා 34, රශ්මිකා සෙව්වන්දි 29, චමෝදි ප්‍රබෝදා නොදැවී 12, Louisa KotKamp 2/22, Rishika Jaswal 3/43, Kate Irwin 2/21
නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවි 104 (35.2) Kate Irwin 26, Tash Wakelin 18, Darcy Rose Prasad නොදැවී 14, Abby Treder 29, චමෝදි ප්‍රබෝදා 4/24, ලිමන්සා තිලකරත්න 3/31
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 55ක ජයක්.
මෙම තරගයත් සමඟින් මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග අවසන් වන අතර තරගාවලියේ තවත් තරගයක් හෙට (02) ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<