ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව සහභාගී වන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන් කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (22) අවසන් වූ අතර එම තරගයේ දී එංගලන්ත ක්‍රීඩිකාවන් විසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එරෙහි ව කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූවා.
Brisbane හී, Ian Healy Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 90ක් ලබා ගත් අතර ප්‍රතිවාදී ඔස්ට්‍රේලියාව තරගය අවසන් වීමට තවත් පන්දු 42ක් ඉතිරි ව තිබිය දී කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමින් අදාල ඉලක්කය සපුරා ගත්තා. ඒ අනුව ඔස්ට්‍රේලියාව මෙම තරගාවලියේ තමන් සහභාගී වූ තරග ද්විත්වයේ දී ම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වෙනවා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
මනුදි නානායක්කාර (නායිකාව), සංජනා කාවින්දි, හිරුණි හංසිකා, විමෝක්ෂා බාලසූරිය, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), දැහැමි සනෙත්මා, රශ්මිකා සෙව්වන්දි, රශ්මි නේත්‍රාංජලී, ප්‍රමුදි මෙත්සරා, චමෝදි ප්‍රබෝධා සහ අශේනි තලගුණේ.
ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම
Lucy Hamilton (නායක), Samara Dulvin, Ines Mckeon, Eleanor Larosa, Ella Briscoe, Hasrat Gill, Lucy Finn, Elizabeth Worthley (කඩුලු රකින්නිය), Maggie Clark, Juliette Morton, Amy Hunter.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ රශ්මිකා සෙව්වන්දි. ඇය පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.
ඊට අමතර ව සුමුදු නිසංසලා පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 12ක් ලබා ගත්තා.
අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ. එහි දී නායිකා Lucy Hamilton ලකුණු 15කට කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
ඊට අමතර ව Ella Briscoe, Eleanor Larosa, Amy Hunter, Juliette Morton, Hasrat Gill සහ Maggie Clark කඩුල්ල බැගින් බෙදා ගත්තා.
- පළමු ටෙස්ට් තරගයේ තීරණය දෙපිළටම විවෘතයි
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- Major Club කාන්තා එක්දින තරගාවලියටත් දින තබයි
- Youth පිටිය වැනසූ කෙල්ලෝ
- ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසය
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 7ක් වෙද්දී දැවී ගිය ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40ක සබඳතාවක් පිහිටු වීමට Lucy Hamilton සහ Ines Mckeon සමත් වූවා.
එහි දී Ines Mckeon පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා.
ඊට අමතර ව Eleanor Larosa පන්දු 14කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද සහ Lucy Hamilton පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා. කඩුලු දවා ගැනීමේ දි හිරුණි හංසිකා සහ රශ්මිකා සෙව්වන්දි කඩුල්ලක් බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 90 (13.0) සුමුදු නිසංසලා 12, රශ්මිකා සෙව්වන්දි 19, Lucy Hamilton 2/15
ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – කඩුලු 3ක් දැවී 96 (13.0) Ines Mckeon 49, Lucy Hamilton 13, Eleanor Larosa නොදැවී 14, හිරුණි හංසිකා 1/18
ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
මෙම ප්‍රතිඵලයත් සමඟින් මෙතෙක් මෙම තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගී වූ තරග 2 ම ජයග්‍රහණය කරන අතර ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පත් වීමට සමත් වෙනවා.
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 25 වැනිදා Oval හී Bill Pippen ක්‍රීඩාංගණයේ දී ඔස්ට්‍රේලියාව සමඟින් පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ තුන් කොන් විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<