පළාත් කාන්තා මංගල දිනය අවාසනාවන්ත වෙයි

184

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ මංගල දිනය අවාසනාවන්ත ලෙසින් අද (24) කොළඹ, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. පිටියේ දී අවසන් විය.

නිපුන්ලා සමඟ එක්වූ අංජු මේරියන්ස්ලා පාලනය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major Emerging ක්‍රිකට් තරගාවලියේ…………

තරගාවලිය ආරම්භ කරමින් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබුණේ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් Team දඹුල්ල සහ ඕෂදී රණසිංහගේ නායකත්වයෙන් යුත් Team කොළඹ කණ්ඩායම් අතර තරගය ය. 

එහෙත් පෙර දිනයේ වට වර්ෂාව හේතුවෙන් ක්‍රීඩාංගණයේ පැවති අයහපත් තත්ත්වය මත තරගය ප්‍රමාද වීමේ පළමු නිගමනය ලැබෙන්නේ පෙරවරු 9.00ට පමණය. අවස්ථා කිහිපකය දී ම ක්‍රීඩාංගණය නිරීක්ෂණය කළ ද තත්ත්වයේ කිසිදු වෙනසක් නොවීම හේතුවෙන් පිටියේ විනිසුරුවන් ලෙසින් කටයුතු කළ චාමර ද සොයිසා සහ දේදුනු ද සිල්වා විසින් පෙරවරු 11.30ට පමණ තරගය අතහැර දමන බවට ප්‍රකාශ කළහ. 

අනතුරුව පස්වරුවේ හර්ෂිතා මාධවීගේ නායකත්වයෙන් යුත් Team මහනුවර සහ නිලක්ෂි ද සිල්වාගේ නායකත්වයෙන් යුත් Team ගාල්ල කණ්ඩායම් අතර තරගය පැවැත්වීමට නියමිතව තිබූ අතර එම තරගයට ද පෙර තත්ත්වය ම බලපෑවේය. 

භානුක සහ මාලිංගගේ කණ්ඩායම් අවසන් සටනට

පසුගිය සතියේ දී අබුඩාබි හිදී ආරම්භ වූ අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ පළමු වටය අවසානයේ දී මරත ඇරබියන්ස්…………

එවර පිටියේ විනිසුරුවන් වූ චන්ද්‍රික අමරසිංහ සහ නිමාලි පෙරේරා විසින් අවස්ථා කිහිපයක දී ම පිටිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පස්වරු 1.45ට පමණ තරගය අතහැර දමන බවට ප්‍රකාශ කළහ. 

තරගාවලියේ දෙවැනි දිනය හෙට (25) මෙම ක්‍රීඩාංගණයේ දී ම ක්‍රියාත්මක වීමට නියමිත අතර මෙම කණ්ඩායම් හතර ම එහි දී තරග වැදීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<