තායිලන්තයට ලකුණු 22ක ජයක්

Women’s T20 Asia Cup

1
Women’s T20 Asia Cup

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (20) පස්වරුවේ පැවැති නේපාලය සහ මැලේසියාව අතර තරගයේ දී ලකුණු 22ක ජයග්‍රහණයක් ලබා ගැනීමට තායිලන්ත ක්‍රීඩිකාවෝ සමත් වූවා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් තායිලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 133ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් මැලේසියා ක්‍රීඩිකාවෝ ලබා ගත්තේ කඩුලු 8ක් දැවී ලකුණු 111ක් පමණයි.

මෙම තරගයේ දී තායිලන්තය වෙනුවෙන් Nannaphat Chaihan සහ මැලේසියාව වෙනුවෙන් Suabika Manivannan ද එක්දින කාන්තා ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වූවා.

කාසිය වාසිය දිනා ගත් තායිලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් ඒ අනුව පිටියට පිවිසිය ද ඔවුන්ගේ ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වෙන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 46ක් ව තිබිය දී දවා ගැනීමට ප්‍රතිවාදී පන්දු යවන්නියෝ සමත් වූවා.

අනතුරු ව සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සබඳතාවක් එක් කිරීමට Nannapat Koncharoenkai සහ Phannita Maya සමත් වූවා. ඔවුන් ගේ සබඳතාව බිඳී යන්නේ Nannapat Koncharoenkai පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 40ක් ලබා ගෙන තිබිය දී දැවී යෑමත් සමඟිනුයි.

Phannita Maya පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තා. ඉනිම අවසන් වන විට Suwanan Khiaoto (14) සහ  Rosenan Kanoh (13) නොදැවී පිටියේ රැදී සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Mahirah Izzati Ismail ලකුණු 16කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර ඊට අමතර ව  Suabika Manivannan, Aisya Eleesa සහ Winifred Duraisingam කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මැලේසියා ආරම්භක පිතිකාරිනියන් වූ නායිකා Winifred Duraisingam සහ Wan Julia තරගයට කදිම ආරම්භයක් ලබා ගත්ත ද එතැන් සිට පැමිණි පිතිකාරිනියන්ගේ දුර්වලතා හේතුවෙන් තරගයේ පාලනය තමන් වෙතින් මඟහැර ගැනීමට ඔවුන්ට සිදු වූවා.

Winifred Duraisingam පළමු කඩුල්ල සඳහා දැවී යන පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටි අතර ඇය සහ Wan Julia අතර පළමු කඩුල්ලට පන්දු 67ක දී එක් වූ සබඳතාව ලකුණු 68ක්.

Wan Julia පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වෙන්නේ මෙවර තරගාවලියේ 2 වැනි අර්ධ ශතකයේ ද හිමිකාරීත්වය ලබා ගනිමිනුයි.

එමෙන් ම එම ඉනිම ඇයගේ තරග 67ක් වන එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ මංගල අර්ධ ශතකය ද වූවා.

ඇය දැවී යන විට මැලේසියා ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 101ක් වූ අතර එතැන් සිට ඉතිරි කඩුලු 5 පන්දු 12ක් තුළ ලකුණු 10ක් පමණක් ලබා දෙමින් දවා ගැනීමට තායිලන්ත පන්දු යවන්නියෝ සමත් වූවා.

Winifred Duraisingam සහ Wan Julia ට අමතර ව අනෙක් කිසිදු පිතිකාරිනියකට ඉලක්කම් 2 ලකුණු අතරට පිවිසීමට තායිලන්ත පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ. පන්දු යැවීමේ දී Onnicha Kamchomphu ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත් අතර Chanida Sutthiruang, Thipatcha Putthawong, Nattaya Boochatham සහ Suleeporn Laomi කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

 

තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 133 (20.0) Nattaya Boochatham 18, Nannapat Koncharoenkai 40, Phannita Maya 29, Mahirah Izzati Ismail 3/16

 

මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 111 (20.0) Winifred Duraisingam 22, Wan Julia 52, Onnicha Kamchomphu 2/20

 

තායිලන්ත කණ්ඩායමට ලකුණු 22ක ජයක්.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Nannapat Koncharoenkai (තායිලන්තය)

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් හෙට (21) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා. ඒ අනුව ඉන්දියාව සහ එaක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය පසුවරුවේත් සහ නේපාලය සහ පාකිස්තානය අතර තරගය රාත්‍රියේදීත් පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<