රංගිරි දඹුල්ලේ දී ගිගුම් දෙන T20 ආසියානු සංග්‍රාමය

1
Women’s T20 Asia Cup

5 වැනි වරටත් පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (19) සිට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් 8ක ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය තරග 15කින් සමන්විත අතර තරගාවලිය මේ මස 28 වැනිදා දක්වා පැවැත්වේ.

තරගාවලිය සඳහා පසුගිය ආසන්නත ම වසරේ ශූරයන් වූ ඉන්දියාව සමඟ නේපාලය, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය A කාණ්ඩය යටතේ ද සහ පසුගිය ආසන්නත ම වසරේ අනුශූරයන් වූ ශ්‍රී ලංකාව සමඟ බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තය B කාණ්ඩය යටතේ ද තරගාවලියට එක් වෙනවා.

මෙතෙක් පැවැති ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගමාලාවන් හී අවස්ථා 3ක දී ඉන්දියාව සහ එක් අවස්ථාවක දී බංග්ලාදේශය ද දිනා ඇති අතර පාකිස්තානය අවස්ථා 2ක දී ද, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අවස්ථාවක් බැගින් ද අනුශූරයන් වී තිබෙනවා.

මෙතෙක් පැවැති ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රාහකයන්

  සත්කාරකත්වය වසර ජයග්‍රහණය ප්‍රතිවාදීන්
1 චීනය 2012 ඉන්දියාවට ලකුණු 18ක ජයක්. පාකිස්තානය
2 තායිලන්තය 2016 ඉන්දියාවට ලකුණු 17ක ජයක්. පාකිස්තානය
3 මැලේසියාව 2018 බංග්ලාදේශයට කඩුලු 3ක ජයක්. ඉන්දියාව
4 බංග්ලාදේශය 2022 ඉන්දියාවට කඩුලු 8ක ජයක්. ශ්‍රී ලංකාව

මෙම තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට නොමිලේ ක්‍රීඩාංගණයට ඇතුළුවීමට අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙනවා.

ආසියානු කුසලාන තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්

181/4 (20.0): තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද හොඳම ඉනිම ලෙසින් ඉතිහාසයට එක් ව ඇත්තේ ඉන්දියාව විසින් මැලේසියාවට එරෙහි ව 2022 වසරේ දී වාර්තා කරන ලද මෙම ඉනිමයි.

15/10 (13.1): තරගාවලියේ අඩු ම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය කණ්ඩායම බවට පත් ව ඇත්තේ හොංකොං ක්‍රීඩිකාවනුයි. ඔවුන් 2012 වසරේ දී පාකිස්තාන කණ්ඩායම හමුවේ මෙම අවාසනාවන්ත ඉනිම ක්‍රීඩා කළා.

283: කණ්ඩායම් 2ක් එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛයාව ලෙසින් ඉතිහාසයට එක් ව ඇත්තේ ඉන්දියාව (141/7) සහ බංග්ලාදේශය එක් ව 2018 වසරේ දී ලබා ගන්නා ලද මෙම ලකුණු එකතුවයි.

147: මැලේසියාවට එරෙහි ව 2018 වසරේ දී පාකිස්තාන කණ්ඩායම ලත් ජයග්‍රහණය වැඩිම තරග ඉතිහාසයේ වැඩිම ලකුණු පරාසයකින් ජයග්‍රහණය කළ තරගය බවට පත් වූවා.

220: එක් තරගාවලියක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව 2016 වසරේ දී තරග 5ක දී ලකුණු 220ක් ලබා ගන්නා ලද ඉන්දියාවේ Mithali Raj සතු වෙනවා.

97*: තරගයක එක් ඉනිමක ලත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව සතු කර ගෙන සිටින්නේ ඉන්දියාවේ Mithali Raj විසින් මැලේසියා කණ්ඩායමට එරෙහි ව 2018 දී වාර්තා කරන ලද මෙම ඉනිමයි.

13: එක් තරගාවලියක දී වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නිය ලෙසින් ඉතිහාසයට එක් ව සිටින්නේ ඉන්දියාවේ Deepti Sharma 2022 වසරේ දී තරග 8ක දී පෑ මෙම දක්ෂතාවයි.

5/10 (3.0): ආසියානු තරග ඉතිහාසයේ ඉනිමක හොඳම පන්දු යැවීමේ වාර්තාව සතු වෙන්නේ පාකිස්තානයේ Marina Iqbal 2012 වසරේ දී තායිලන්ත කණ්ඩායමට එරෙහි ව පෑ දක්ෂතාවයි.

128: ඕනෑම කඩුල්ලක් සඳහා වන හොඳම ලකුණු සබඳතාවේ වාර්තාව ඉන්දියාවේ Deepti Sharma සහ Jemimah Rodrigues එක් ව 2022 වසරේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායමට එරෙහි ව පෑ දක්ෂතාවයි.

 තරගයේ කාලසටහන

  • ජුලි 19

සවස 2.00ට, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර

රාත්‍රී 7.00ට, ඉන්දියාව සහ පාකිස්තානය අතර

  • ජුලි 20

සවස 2.00ට, මැලේසියාව සහ තායිලන්තය අතර

රාත්‍රී 7.00ට, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර

  • ජුලි 21

සවස 2.00ට, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර

රාත්‍රී 7.00ට, නේපාලය සහ පාකිස්තානය අතර

  • ජුලි 22

සවස 2.00ට ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර

රාත්‍රී 7.00ට බංග්ලාදේශය සහ තායිලන්තය අතර

  • ජුලි 23

සවස 2.00ට පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර

රාත්‍රී 7.00ට ඉන්දියාව සහ නේපාලය අතර

  • ජුලි 24

සවස 2.00ට බංග්ලාදේශය සහ මැලේසියාව අතර

රාත්‍රී 7.00ට ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර

  • ජුලි 26

සවස 2.00ට පළමු අවසන් පූර්ව තරගය

රාත්‍රී 7.00ට 2 වැනි අවසන් පූර්ව තරගය

  • ජුලි 28

රාත්‍රී 7.00ට අවසන් මහා තරගය

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<