ආසියානු කෙල්ලන්ගේ සෙල්ලං

Women’s T20 Asia Cup

1
Women’s T20 Asia Cup

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තීරණාත්ම දවස හෙට (26) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. ඒ අවසන් පූර්ව තරගය වටය ආරම්භ කරමින්. 

තරග කාලසටහන 

1 වැනි අවසන් පූර්ව තරගය 

  • බංග්ලාදේශය සහ ඉන්දියාව අතර සවස 2.00ට

2 වැනි අවසන් පූර්ව තරගය 

  • පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර රාත්‍රී 7.00ට

මෙවර මෙම වටය සඳහා එක් වූ කණ්ඩායම් අතුරින් 1 වැනි අවසන් පූර්ව වටයේ තරගයට එක් වෙන ඉන්දියාව සහ බංග්ලාදේශය මීට පෙර ආසියානු ශූරයන් වී ඇති අතර, 2 වැනි අවසන් පූර්ව වටයට පිවිසි පාකිස්තානය සහ ශ්‍රී ලංකාවට මෙතෙක් ආසියානු කුසලානයේ පහස විඳීමිට හැකි වී නැහැ.  

කෙසේ වෙතත් පාකිස්තානය 2012 සහ 2016 වසරේ දී ද ශ්‍රී ලංකාව 2022 වසරේ දී ආසියානු අනුශූර කුසලාන දිනා ගැනීමට සමත් ව සිටිනවා.   

මෙවර තරගාවලියේ දී එම සුවිශේෂී කඩඉමට පිවිසි කණඩායම්වල දක්ෂතා සම්බන්ධයෙන් ThePapare.com තබනට සටහනක් මේ.  

බංග්ලාදේශය 

  ප්‍රතිවාදීන්   තරග ප්‍රතිඵලය 
1  ශ්‍රී ලංකාව   ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.  
2  තායිලන්තය  බංග්ලාදේශයට කඩුලු 7ක ජයක්.  
3  මැලේසියාව  බංග්ලාදේශයට ලකුණු 114ක ජයක්.  

191/2 (20.0): ඔවුන් මෙවර තරගාවලියේ ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරන්නේ මැලේසියා කණ්ඩායමට එරෙහිවයි.  

268: කණ්ඩායම් 2ක් එක් ව රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් මැලේසියාව සමඟ පැවැති තරගය සටහන් වෙනවා.  

බංග්ලාදේශය 191/2 (20.0) සහ මැලේසියාව 77/8 (20.0) 

114: වැඩිම ලකුණු පරතරයකින් ලත් ජයග්‍රහණය මැලේසියාවට එරෙහි ව.  

130: කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වන්නේ Murshida Khatun. ඇය මෙම ලකුණු ප්‍රමාණයට මැලේසියාවට එරෙහි ව ලබා ගන්නා ලද අර්ධ ශතකයක් ද ඇතුලත්.  

80: ඉනිමක වැඩිම ලකුණුලාභිනිය Murshida Khatun. ඇය මැලේසියා කණ්ඩායමට එරෙහි ව පන්දු 59කට මුහුණ දෙමින් පෑ මෙම දක්ෂතාවට හතරේ පහර 10ක් සහ හයේ පහරක් ද ඇතුලත්. 

5: මැලේසියාව වෙනුවෙන් මෙතෙක් වැඩිම කඩුලු ලැබූවන් බවට පත් වෙන්නේ වමතින් දඟ පන්දු යැවූ Nahida Akter සහ පා දඟ පන්දු යවන Rabeya Khan. 

4/14 (4.0): හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Rabeya Khan. ඇය මෙම දක්ෂතාව සිදු කරන්නේ තායිලන්තයට එරෙහිවයි.  

89: ඕනෑ ම කඩුල්ලක් සඳහා වන හොඳම සබඳතාව එක් කරන්නේ Nigar Sultana සහ Murshida Khatun එක් ව මැලේසියාවට එරෙහි ව 2 වැනි කඩුල්ලට පෑ දක්ෂතාවයි.  

ඉන්දියාව 

  ප්‍රතිවාදීන්  තරග ප්‍රතිළුලය 
1  පාකිස්තානය  ඉන්දියාවට කඩුලු 7ක ජයක්.  
2  එක්සත් අරාබි එමීර් රාජ්‍යය   ඉන්දියාවට ලකුණු 78ක ජයක්.  
3  නේපාලය   ඉන්දියාවට ලකුණු 82ක ජයක්.  

201/5 (20.0): එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව වාර්තා කරන ලද මෙම ඉනිම මෙවර තරගාවලියේ කණ්ඩායමක් මෙතෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.  

324: එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම හා සමඟින් වාර්තා කරන ලද මෙම ලකුණු ප්‍රමාණය කණ්ඩායම් 2ක් එක් ව වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වෙනවා.  

ඉන්දියාව 201/5 (20.0) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය 12/7 (20.0) 

මෙම ලකුණු සංඛ්‍යාව මෙවර තරගාවලියේ මෙතෙක් එම දක්ෂතාව කළ ඉහළ ම කණ්ඩායම් අතර ද පෙරමුණේ ලියැවෙනවා.  

82: වැඩිම ලකුණු පරතරයකින් ලත් ජයග්‍රහණය නේපාලයට එරෙහිව වාර්තා කරනවා.   

158: ඉනිමක වැඩිම ලකුණුලාභී පිතිකාරිනිය වන්නේ Shafali Verma. ඇයගේ මෙම ලකුණු අතර නේපාලයට එරෙහි ව වාර්තා කරන ලද අර්ධ ශතකයක් ද ඇතුලත්. 

81: ඉනිමක දී වැඩිම ලකුණු වාර්තා කළ ඉන්දීය පිතිකාරිනිය වන්නේ Shafali Verma. ඇය නේපාලයට එරෙහි ව පන්දු 48කට මුහුණ දෙමින් වාර්තා කරන ලද මෙම ඉනිමට හතරේ පහර 12ක් සහ හයේ පහරක් ඇතුලත් වෙනවා.  

8: ඉන්දීය කණ්ඩායමේ වැඩිම කඩුලුලාභිනිය බවට පත් ව සිටින්නේ දකුණතින් පිට දඟ පන්දු යවන Deepti Sharma.  

3/13 (4.0): ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ ද Deepti Sharma විසින් නේපාල කණ්ඩායමට එරෙහි ව පෑ දක්ෂතාවයි.  

122: Shafali Verma සහ Dayalan Hemalatha එක් ව 1 වැනි කඩුල්ල සඳහා වන මෙම සබඳතාව ඉන්දීය ඉනිමේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

පාකිස්තානය 

  ප්‍රතිවාදීන්  තරග ප්‍රතිඵලය 
1  ඉන්දියාව  ඉන්දියාවට කඩුලු 7ක ජයක්.  
2  නේපාලය  පාකිස්තානයට කඩුලු 9ක ජයක්.  
3  එක්සත් අරාබි එමීර් රාජ්‍යය   පාකිස්තානයට කඩුලු 10ක ජයක්.  

110/1 (11.5): නේපාලයට එරෙහි ව පෑ මෙම දක්ෂාතව පාකිස්තාන කණඩායමේ මෙතෙක් පෑ ඉහළ ම දක්ෂතාවයි.  

220: පාකිස්තානය හා ඉන්දියාව එක් ලබා ගත් මෙම ලකුණු සංඛ්‍යාව පාකිස්තාන ලැයිස්තුවේ පළමු තැනට පත් දක්ෂතාවයි. 

පාකිස්තානය 108/10 (19.2) සහ ඉන්දියාව 112/3 (14.1) 

10 wkts: පාකිස්තානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව වාර්තා කරන ලද මෙම ජයග්‍රහණය ආසියානු කුසලාන ඉතිහාසයේ මෙවන් දක්ෂතාවක් කළ පළමු අවස්ථාව බවට ද පත් වුනා.  

124: පාකිස්තාන කණ්ඩායමේ මෙතෙක් වැඩිම ලකුණුලාභිනිය වන්නේ Gull Feroza. ඇය මෙම ලකුණු අතරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ නේපාලයට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතක 2ක් ද ඇතුලත්.  

62*: එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි ව Gull Feroza පෑ මෙම දක්ෂතාවය පන්දු 55කින් වාර්තා කළ අතර ඊට හතරේ පහර 8ක් එක් කිරීමට ද ඇය සමත් වුනා.  

4: පාකිස්තානය වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නිය වන්නේ Sadia Iqbal.  

2/09 (3.0): ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Syeda Aroob Shah විසින් ඉන්දියාවට එරෙහි ව පෑ දක්ෂතාවයි.  

107*: Muneeba Ali සහ Gull Feroza එක් ව එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහි ව වාර්තා කරන ලද මෙම ඉනිම ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

ශ්‍රී ලංකාව  

  ප්‍රතිවාදීන්  තරග ප්‍රතිඵලය 
1  බංග්ලාදේශය  ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.  
2  මැලේසියාව   ශ්‍රී ලංකාවට ලකුණු 144ක ජයක්.  
3  තායිලන්තය  ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්.  

184/4 (20.0): මැලේසියාවට එරෙහිව වාර්තා කරන ලද මෙම ඉනිම ශ්‍රී ලංකාව මෙතෙක් මෙම තරගාවලියේ දී ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු ප්‍රමාණයයි.  

225: ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක් ව වාර්තා කරන ලද මෙම ලකුණු ප්‍රමාණය කණ්ඩායම් 2ක් එක් ව ලබා ගන්නා ලද වැඩිම ලකුණු ප්‍රමාණයේ ශ්‍රී ලංකා ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් දක්ෂතාවයි.  

144: මැලේසියාවට එරෙහි ව ලත් මෙම ජයග්‍රහණය මෙවර තරගාවලියේ වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය කළ තරගය ලෙසට පත් වූවා.  

180: ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන් ම මෙතෙක් නිමා වූ තරගාවලියේ ද වැඩිම ලකුණුලාභිනිය වන්නේ චමරි අතපත්තු යි.  

119*: චමරි අතපත්තු විසින් මැලේසියාවට එරෙහි ව පන්දු 69කට මුහුණ දී හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් සමඟින් වාර්තා කරන ලද මෙම ඉනිම මෙවර මෙන් ම ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්සයි තරග ඉතිහාසයේ ඉනිමක වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වූවා.  

5: කවීෂා දිල්හාරි ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලැබූ පන්දු යවන්නිය බවට පත් වූවා.  

3/09 (4.0): ශෂිනි ගිම්හානි විසින් මැලේසියාවට එරෙහි ව පෑ මෙම දක්ෂතාව මෙතෙක් ශ්‍රී ලංකා පන්දු යවන්නියක් ඉනිමක පෑ දක්ෂතාව ලෙසින් සටහන් වෙනවා.  

115: චමරි අතපත්තු සහ අනුශ්කා සංජීවනී විසින් මැලේසියාවට එරෙහි ව 3 වැනි කඩුල්ලට දැක් වූ මෙම දක්ෂතාව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕනෑ ම කඩුල්ලක සඳහා වන හොඳම සබඳතාවයි.  

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රිඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<