කාන්තාවන්ගේ සුපිරි පළාත් සටන අත ළඟම

166

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවන වරටත්  සංවිධානය කරනු ලබන සීමිත පන්දුවාර කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය මේ මස 24 වැනිදා එස්. එස්. සී. පිටියේ දී ඇරඹීමට නියමිතයි.

කවීෂා සහ මාධවී ගඟට ඉණි කපයි

2019 ACC ආසියානු කුසලාන නැගී එන කාන්තා න්‍රිකට් ………

මෙම තරගාවලිය පසුගිය වසරේ පන්දුවාර 50 ආකෘතියෙන් ක්‍රියාත්මක වූ නමුත් ලබන වසරේ පෙබරවාරි 21 සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස මෙවර සුපිරි පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලිය විස්සයි විස්ස ආකෘතිය යටතේ සංවිධානය කරයි. 

මෙරට කාන්තා ක්‍රිකට් තවදුරටත් ඉහළට නංවාලීමේ අරමුණින් සංවිධානය වන මෙම තරගාවලිය නොවැම්බර් 24 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා කොළඹ, මහනුවර, ගාල්ල හා දඹුල්ල යන කණ්ඩායම් හතර සහභාගී වේ. 

ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන තරගාවලියේ මූලික වටයේ දී එක් කණ්ඩායමක්‌ තරග තුනකට සහභාගි වීමට නියමිතයි. අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.

කොළඹ කණ්ඩායමේ නායිකාව ලෙස ඕෂදී රණසිංහ ද, දඹුල්ල කණ්ඩායමේ නායිකාව ලෙස චමරි අතපත්තු ද, මහනුවර කණ්ඩායමේ නායිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම ද, ගාල්ල කණ්ඩායමේ නායිකාව ලෙස නිලක්‍ෂි ද සිල්වා ද, කටයුතු කරති.  

එසේම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වතාවට සංවිධානය කරනු ලැබූ කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ද ඉතාමත්  සාර්ථකව අවසන් වූ අතර එහි ශූරතාව දිනා ගත්තේ ශෂිකලා සිරිවර්ධන නායකත්වය දරනු ලැබූ ගාල්ල කණ්ඩායම විසිනි. එහි අනුශූරතාව දිනා ගත්තේ චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායමයි.

තරග කාල සටහන

  • නොවැම්බර් 24 – දඹුල්ල සහ කොළඹ අතර (පෙරවරුවේ)
  • නොවැම්බර් 24 – මහනුවර සහ ගාල්ල  අතර (පස්වරුවේ)
  • නොවැම්බර්. 25 – දඹුල්ල සහ මහනුවර අතර (පෙරවරුවේ)
  • නොවැම්බර් 25 – කොළඹ  සහ ගාල්ල අතර (පස්වරුවේ)
  • නොවැම්බර් 27 – දඹුල්ල සහ ගාල්ල අතර (පෙරවරුවේ)
  • නොවැම්බර් 27 – මහනුවර හා කොළඹ අතර (පස්වරුවේ)
  • නොවැම්බර් 29 – අවසන් මහා තරගය (පෙරවරුවේ)

*සියලු තරග එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තරගාවලියේ සියලුම තතු හා සේයා රූ ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්ව සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

සංචිතයන්,

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<