ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ආසියානු නැගීඑන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (12) සමත් වුනා.
ඔවුන් හමුවේ පරාජයට පත්වුණේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමයි. කාසියේ වාසිය දිනා ගත් UAE කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන් පන්දුවාර 19කුත් පන්දු 3ක් තුල සියල්ලන්ම දැවී ලකුණු 95ක් ලබා ගැනීමට සමත් වුනා.
ඔවුන්ගේ පළමු කඩුලු දෙක බිඳ වැටෙන විට ලකුණු 63ක් ලබාගෙන තිබුණු නමුත්, ඔවුන්ගේ අවසන් කඩුලු 8 ලකුණු 32ක් තුල දවා ගැනීමට දකුණතින් වේගපන්දු යවන මදුෂිකා මෙත්තානන්ද ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා.
එහි දී මෙත්තානන්ද ලකුණු 16කට කඩුලු 4ක් දවා ගන්නා විට, නිමාෂා මීපගේ සහ මල්ෂා ෂෙහානි කඩුලු 2ක බැගින් දවාගෙන දස්කම් අතරට පැමිණියා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු ආරම්භක පිතිකාරිණි Esha Oza ලකුණු 39ක් ලබා ගත්තේ පන්දු 30ක් තුල 4 පහර 2ක් සහ 6 පහර 2ක් එල්ල කරමින්. ඊට අමතරව Theertha Satish ලකුණු 16කට දැවී ගියා.
- හොංකොං යන ශ්‍රී ලංකා නැගීඑන කාන්තා සංචිතය නම් කරයි
- නැගීඑන ආසියානු කුසලානයට යන අපේ ක්‍රීඩිකාවෝ
- ඉතිහාසගත LPL වෙන්දේසියට ක්‍රීඩකයින් 355ක්!
- නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන් පළමු වරට ශ්‍රී ලංකා සංචාරයකට
- ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න අවස්ථාවක්
පිළිතුරු ඉනිම දියත් කළ ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකාරිණියන් ඉතාමත් හොඳ ස්ථාවර ආරම්භයක් ලබා ගත් නමුත් ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු 3ක් ලකුණු 16ක් තුල බිඳ වැටීම නිසා ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයේ දී තිබුණු රිද්මය තරම දුරකට අඩාල වුනා.
විශ්මි ගුණරත්න ලකුණු 21ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය වුනු අතර නායිකා සත්‍යා සංදීපනී හැර අනෙක් මුල්පෙළ ක්‍රීඩිකාවන් සියලු දෙනාම ලකුණු 10 සීමාව ඉක්මවා ගියා. අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී සිය ඉලක්කය පසුකර ගියේ තියුණු සටනකින් පසුවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් පිතිකරණයෙන් දස්කම් දැක්වූ Oza කඩුලු 2ක් දවා ගන්නා විට, Indhuja Nandakumar ද කඩුලු 2ක් දවා ගත්තා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Theertha Satish | c Imesha Dulani b Malsha Shehani | 16 | 10 | 2 | 0 | 160.00 |
Esha Oza | b Madushika Methtananda | 39 | 30 | 2 | 2 | 130.00 |
Kavisha Egodage | lbw b Madushika Methtananda | 9 | 17 | 0 | 0 | 52.94 |
Chaya Mughal | run out (Nimasha Meepage) | 0 | 2 | 0 | 0 | 0.00 |
Khushi Sharma | b Malsha Shehani | 14 | 21 | 0 | 0 | 66.67 |
Samaira Dharnidharka | c Tharika Sewwandi b Madushika Methtananda | 1 | 2 | 0 | 0 | 50.00 |
Judit Peter | b Nimasha Meepage | 5 | 13 | 0 | 0 | 38.46 |
Vaishnave Mahesh | c Umasha Thimeshani b Nimasha Meepage | 0 | 8 | 0 | 0 | 0.00 |
Siya Gokhale | c Imesha Dulani b Sathya Sandeepani | 3 | 6 | 0 | 0 | 50.00 |
Avanee Patil | not out | 4 | 6 | 0 | 0 | 66.67 |
Indhuja Nandakumar | c Imesha Dulani b Madushika Methtananda | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 4 (b 1 , lb 2 , nb 0, w 1, pen 0) |
Total | 95/10 (19.3 Overs, RR: 4.87) |
Fall of Wickets | 1-23 (3.4) Theertha Satish, 2-63 (8.4) Esha Oza, 3-63 (9.1) Chaya Mughal, 4-67 (10.1) Kavisha Egodage, 5-69 (10.4) Samaira Dharnidharka, 6-83 (14.6) Judit Peter, 7-86 (16.4) Vaishnave Mahesh, 8-86 (17.3) Khushi Sharma, 9-94 (18.6) Siya Gokhale, 10-95 (19.3) Indhuja Nandakumar, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Madushika Methtananda | 3.3 | 0 | 16 | 4 | 4.85 | |
Tharika Sewwandi | 1 | 0 | 9 | 0 | 9.00 | |
Sathya Sandeepani | 3 | 0 | 19 | 1 | 6.33 | |
Malsha Shehani | 4 | 0 | 13 | 2 | 3.25 | |
Nimasha Meepage | 4 | 0 | 17 | 2 | 4.25 | |
Rashmi Silva | 4 | 0 | 18 | 0 | 4.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Vishmi Gunarathne | lbw b Esha Oza | 21 | 32 | 0 | 0 | 65.62 |
Umasha Thimeshani | c & b Chaya Mughal | 10 | 8 | 0 | 0 | 125.00 |
Kaushini Nuthyangana | st Judit Peter b Esha Oza | 14 | 15 | 0 | 0 | 93.33 |
Imesha Dulani | c Kavisha Egodage b Indhuja Nandakumar | 15 | 28 | 0 | 0 | 53.57 |
Sathya Sandeepani | c Avanee Patil b Indhuja Nandakumar | 7 | 11 | 0 | 0 | 63.64 |
Madushika Methtananda | not out | 11 | 12 | 0 | 0 | 91.67 |
Nilakshana Sandamini | run out (Vaishnave Mahesh) | 12 | 10 | 0 | 0 | 120.00 |
Malsha Shehani | run out (Khushi Sharma) | 1 | 1 | 0 | 0 | 100.00 |
Rashmi Silva | not out | 3 | 2 | 0 | 0 | 150.00 |
Extras | 2 (b 0 , lb 0 , nb 0, w 2, pen 0) |
Total | 96/7 (19.5 Overs, RR: 4.84) |
Fall of Wickets | 1-20 (2.6) Umasha Thimeshani, 2-39 (7.1) Kaushini Nuthyangana, 3-54 (11.4) Vishmi Gunarathne, 4-69 (15.3) Sathya Sandeepani, 5-70 (15.6) Imesha Dulani, 6-91 (18.6) Nilakshana Sandamini, 7-92 (19.2) Malsha Shehani, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Chaya Mughal | 3 | 0 | 16 | 1 | 5.33 | |
Vaishnave Mahesh | 4 | 0 | 26 | 0 | 6.50 | |
Khushi Sharma | 2.5 | 0 | 18 | 0 | 7.20 | |
Esha Oza | 4 | 0 | 10 | 2 | 2.50 | |
Kavisha Egodage | 4 | 0 | 15 | 0 | 3.75 | |
Indhuja Nandakumar | 2 | 0 | 11 | 2 | 5.50 |
තරගයේ ක්‍රීඩිකාව – මදුෂිකා මෙත්තානන්ද (ශ්‍රී ලංකාව)
ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය මේ මස 14 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතයි. එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<