පළමු වතාවට පැවැත්වීමට නියමිත 2019 ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය නිකුත් කර තිබේ. තරගාවලිය මේ මස 22 වැනිදා සිට 27 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.
අතපත්තු හා සමරවික්‍රමගේ වෑයම අපතේ යයි
එලීසා හීලි දියත් කළ වාර්තාගත පිතිකරණය නිසා ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර සිඩ්නි ඕවල් පිටියේ දී අද (2) පැවැත්වුණු තෙවැනි…
කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව හා පාකිස්තානය නියෝජනය කරමින් නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වන අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් මේ තරගාවලිය සංවිධානය කරනු ලබයි.
තරගාවලිය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා නැගී එන කාන්තා සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්වුවත් එහි නායිකාව කවුරුන් ද යන වග නිල වශයෙන් සඳහන් වී නොමැත. කෙසේ නමුත් මේ සංචිතය තුල සිටින අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් යුගලයක් වන හර්ශිතා සමරවික්‍රම හෝ හසිනි පෙරේරා නායකත්වය දැරීමට වැඩි ඉඩකඩක් තිබේ.
වයස අවුරුදු 21ක් වන සමරවික්‍රම මේ වන විට ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා එක්ව සිටියි. ඇය එම තරගාවලිය තුල අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හා සසඳා බැලීමේ දී යම් සාර්ථකත්වයක් ලබාගෙන තිබෙන බව පැහැදිලිය.
පිතිකරුවන් අභිබවා පන්දු යවන්නෝ ඉදිරියට
සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට්….
සමරවික්‍රම හා පෙරේරාට අමතරව මේ නැගී එන සංචිතයේ සිටින ක්‍රීඩිකාවන් අතරින් ඉමල්කා මෙන්ඩිස්, මල්ෂා ශෙහානි, කවීෂා දිල්හාරි හා තාරිකා සෙව්වන්දි යන ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර තිබේ.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නැගී එන සංචිතය – හර්ශිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, ඉමල්කා මෙන්ඩිස්, මදුෂිකා මෙත්තානන්ද, මල්ෂා ශෙහානි, කවීෂා දිල්හාරි, ලිහිණි අප්සරා, උමේෂා තිමාශිනි, සත්‍යා සංදීපනී, ජිමාන්ජලි විජේනායක, සචිනි නිසංසලා, තාරිකා සෙව්වන්දි, ශිකාරි නුවන්තා, නිලක්ෂනා සඳමිණි (කඩුලු රකින්නිය), සයනි ඕෂධී
තරගාවලියේ තරග වාර්තා, විශේෂ වීඩියෝ හා තරග සේයා රූ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<