පන්දු යැවීමේ සුවිශේෂී දක්ෂතා නිසාම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය දක්වාම පැමිණි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද (15) අනුශූරතාවයෙන් සෑහීමකට පත් වන්නට සිදු වුනා.
ඒ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි පෙළ කණ්ඩායම් අතරින් එකක් වන ඉන්දියාව හමුවේ අවසන් මහා තරගය කඩුලු 8කින් පරාජය වීමත් සමඟයි.
අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට චමරි අතපත්තු සමත් වූ අතර ඇයගේ තීරණය වූයේ මුලින් පිතිකරණයේ යෙදීම උචිත බවයි.
ඉන්දීය පිළට ලබා දීමට බලාපොරොත්තු වන ඉලක්කය පිළිබඳ විමසූ අවස්ථාවේ ඇය ලකුණු 130-135ක් මෙම තණතිල්ලේ හොඳ අභියෝගයක් වනු ඇති බව ප්‍රකාශ කර සිටියා.
නමුත් තරගය ඇරඹී යැවූ පළමු පන්දුවේ සිටම ඉන්දීය පිළේ ආක්‍රමණය දැඩි වූ අතර ක්‍රමයෙන් නිලකුණු පන්දු ගණන ඉහළ නගිද්දී, ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට හසු වූ බව පෙනෙන්නට තිබුණා.
එහි ප්‍රතිඵලය වූයේ බොහෝ දෙනා බලාපොරොත්තු තබා සිටි ශ්‍රී ලංකාව සතුවන එකම ලෝක මට්ටමේ ක්‍රීඩිකාව වන චමරි අතපත්තු ලකුණු 6කට දුවද්දී දැවී යාමයි.
පන්දු රකින්නියක් අතටම පන්දුව යොමු කර චමරි ලබා ගැනීමට උත්සාහ කළ ලකුණ කිසිදු අයුරකින් ප්‍රායෝගික වූයේ නැහැ. ඉන්පසු දෙවැනි කඩුල්ල ලෙස තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභිණිය (202) වන හර්ෂිතා මාධවී කඩුලු රකින්නිය අතට උඩපන්දුවක් ලබා දී දැවී ගියේ ශ්‍රී ලංකාව කබලෙන් ලිපට ඇද දමමින්!
ඇති වෙමින් තිබූ භයානක තත්ත්වය තේරුම් ගෙන පරිස්සම් වනවා වෙනුවට ඉන්දීය පන්දු රැකීම නැවතත් අවතක්සේරු කළ ශ්‍රී ලංකාවට අනුෂ්කා සංජීවනීගේ කඩුල්ලත් අහිමි වුනා. ඒ ඉක්මන් ලකුණක් ලබා ගැනීමට ගත් අසාර්ථක උත්සාහය හමුවේයි.
හොඳ වේගයක් සහ මනා පන්දු පාලනයක් සහිතව පන්දු යවන රේණුකා සිං යොමු කළ පළමු පන්දුවටම හසිනි පෙරේරා විසින් ස්ම්‍රිති මන්දානා අතට පහසු උඩපන්දුවක් ලබා දුන්නා.
එතකින් නොනැවතුනු රේණුකා නැවතත් කවීශා දිල්හාරිව ක්‍රීඩාගාරයට හරවා යවන්නේ ඇය හරහට එල්ල කළ පහර මඟහැරී කඩුල්ල බිඳ වැටීමත් සමඟයි. මේ අනුව Power Play පන්දුවාර 6 නිමා වන විටත් ශ්‍රී ලංකාව ලකුණු 16කට කඩුලු 5ක් අහිමි වී අන්ත අසරණව සිටියා.
ඉන්පසු නිලක්ෂි සිල්වා ලකුණු 6කට පිටියෙන් ඉවත් වන්නේ පිත්තේ ඇතුල් දාරයේ ගැටුණු පන්දුව කඩුල්ල සොයා යාමත් සමඟයි.
මේ අනුව ශ්‍රී ලංකාවේ මුල් පිතිකරණ ස්ථාන 6ම තනි ඉලක්කමේ ලකුණුවලට දැවී යද්දී, අංක 10 පිතිකාරිණී ඉනෝකා රණවීර අවසන් පන්දුවාරයේ දී හතරේ පහර 2ක් එල්ල කරමින් නොදැවී ලබා ගත් ලකුණු 18ත්, ඕෂධී රණසිංහගේ ලකුණු 13ත් නිසා ශ්‍රී ලංකා ඉනිම අවසානයේ කඩුලු 9කට ලකුණු 65ක් ලෙස සටහන් වුනා.
කෙසේ වෙතත් උණුසුම් අවසන් මහා තරගයක් දැක බලා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ප්‍රේක්ෂකයින්ට මෙම ලකුණු ප්‍රමාණය සාධාරණයක් ඉටු කළේ නැහැ.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාවට වැඩිම තර්ජනයක් එල්ල කළ රේණුකා සිං ලකුණු 5කට කඩුලු 3ක් දවා ගනිද්දී, ස්නේහ් රානා සහ රාජේශ්වරී ගයක්වාඩ් කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙළුවා.
- පාකිස්තානය අන්දමන්ද කරමින් ශ්‍රී ලංකාවට ලකුණක තියුණු ජයක්!
- ඉනෝකාගේ සුපිරි පන්දු යැවීම ශ්‍රී ලංකාවට ජය ගෙනයි
- මල්ෂා ප්රමුඛ පන්දු යවන්නියෝ මැලේසියා ඉනිම ලකුණු 33කට සීමා කරති!
- ළාබාල UAE හමුවේ ශ්‍රී ලංකා ක්රීඩිකාවෝ යන්තමින් ගැලවෙති
ශ්‍රී ලංකාවට බියකරු සිහිනයක් බඳු වූ තණතිල්ල ඉන්දීය ඉනිම ආරම්භ කළ පසු දිස්වූයේ පිතිකරණ පාරාදීසයක් ලෙසයි. එහි පුදුම වීමට කිසිවක් නොතිබූ අතර වෙනස වූයේ ඉන්දීය පිතිකරණය තාක්ෂණය අතින් ශ්‍රී ලංකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙන් තිබීමයි. විශේෂයෙන්ම මෙවැනි දඟ කැවෙන තණතිලි වල කඩුල්ල ආරක්ෂා කරගෙන ලකුණු රැස් කළ හැකි පහරවල් ගැන ඔවුන්ට දැඩි අවබෝධයක් ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා.
ඉන්දීය පිළ වෙනුවෙන් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ ස්ම්‍රිති මන්දානා අද නොදැවී ලකුණු 51ක් රැස් කළේ පන්දු 25කට පමණක් මුහුණ දෙමින්. ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ඇය හතරේ පහර 6ක් සහ අලංකාර හයේ පහර 3ක් එල්ල කළා.
ශෆාලි වර්මාගේ ඉනිම අද ලකුණු 5කට සීමා වූ අතර එම කඩුල්ලට හිමිකම් කියූ ඉනෝකා රණවීර මෙවර ආසියානු කුසලානයේ මුළු කඩුලු 13ක් බිඳ හෙළමින් දීප්ති ශර්මා සමඟ වැඩිම කඩුලු ලාභින් අතර සමතැන් ලැබුවා.
ඉන්දීය පිළේ බිඳ වැටුණු අනෙක් එකම කඩුල්ලට හිමිකම් කීවේ කවීෂා දිල්හාරියි. ඇයගේ පන්දුව හමුවේ දැවී ගියේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභිණිය (217) වන ජෙමයිමා රොද්‍රිගෝසුයි.
මේ අනුව තමන්ට ලැබුණු පහසු ඉලක්කය ඉක්මනින්ම සම්පූර්ණ කළ ඉන්දීය පිළ කඩුලු 8කින් ජය ලැබුවේ පන්දුවාර 8.3කට පමණක් මුහුණ දෙමිනුයි. විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු රේණුකා සිං තරගයේ වීරවරිය ලෙස සම්මාන දිනා ගත්තා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chamari Athapaththu | run out (Richa Ghosh) | 6 | 12 | 1 | 0 | 50.00 |
Anushka Sanjeewani | run out (Richa Ghosh) | 2 | 4 | 0 | 0 | 50.00 |
Harshitha Samarawickrama | c Richa Ghosh b Renuka Singh | 1 | 5 | 0 | 0 | 20.00 |
Nilakshi de Silva | b Rajeshwari Gayakwad | 6 | 8 | 1 | 0 | 75.00 |
Hasini Perera | c Smriti Mandhana b Renuka Singh | 0 | 1 | 0 | 0 | 0.00 |
Kavisha Dilhari | b Renuka Singh | 1 | 6 | 0 | 0 | 16.67 |
Oshadi Ranasinghe | b Rajeshwari Gayakwad | 13 | 20 | 1 | 0 | 65.00 |
Malsha Shehani | c & b Sneh Rana | 0 | 5 | 0 | 0 | 0.00 |
Sugandika Kumari | b Sneh Rana | 6 | 24 | 0 | 0 | 25.00 |
Inoka Ranaweera | not out | 18 | 22 | 2 | 0 | 81.82 |
Achini Kulasuriya | not out | 6 | 13 | 0 | 0 | 46.15 |
Extras | 6 (b 0 , lb 0 , nb 0, w 6, pen 0) |
Total | 65/9 (20 Overs, RR: 3.25) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Deepti Sharma | 4 | 0 | 7 | 0 | 1.75 | |
Renuka Singh | 3 | 1 | 5 | 3 | 1.67 | |
Rajeshwari Gayakwad | 4 | 0 | 16 | 2 | 4.00 | |
Sneh Rana | 4 | 0 | 13 | 2 | 3.25 | |
Dayalan Hemalatha | 3 | 0 | 8 | 0 | 2.67 | |
Shafali Verma | 2 | 0 | 16 | 0 | 8.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Shafali Verma | st Anushka Sanjeewani b Inoka Ranaweera | 5 | 8 | 0 | 0 | 62.50 |
Smriti Mandhana | not out | 51 | 25 | 6 | 3 | 204.00 |
Jemimah Rodrigues | b Kavisha Dilhari | 2 | 4 | 0 | 0 | 50.00 |
Harmanpreet Kaur | not out | 11 | 14 | 1 | 0 | 78.57 |
Extras | 2 (b 0 , lb 0 , nb 0, w 2, pen 0) |
Total | 71/2 (8.3 Overs, RR: 8.35) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Oshadi Ranasinghe | 2.3 | 0 | 30 | 0 | 13.04 | |
Sugandika Kumari | 1 | 0 | 7 | 0 | 7.00 | |
Inoka Ranaweera | 3 | 0 | 17 | 1 | 5.67 | |
Kavisha Dilhari | 2 | 0 | 17 | 1 | 8.50 |
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලානයට හිමිකම් කීවේ 7 වැනි වතාවටයි. මෙම තරගාවලිය තුල පාකිස්තානය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබූව ද ඔවුන් තුන් ඉරියව්වෙන්ම දැක්වූ දස්කම් කුසලානය ජයග්‍රහණය කිරීමට අතිශයින්ම ප්‍රමාණවත් වූ බව සඳහන් කළ හැකියි.
තරගාවලියේ වීරවරිය ලෙස දීප්ති ශර්මා සම්මානයට පාත්‍ර වූවා. වසර 14කට පසු ආසියානු කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවට එයම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි වුවත් පිතිකරණයේ දී සිදු වන තාක්ෂණික වැරදි නිවැරදි කර ගැනීමට හැකි නම් ශ්‍රී ලංකා කාන්තා පිළට ලෝකයේ ප්‍රබල කණ්ඩායම් සමඟ කරට කර සටනක් ලබා දීමට හැකි වනු ඇති.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<