ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා Hardik Pandyaගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයක් නම් කරනු ඇති බවට මේ වන විට විවිධ ආරංචි පැතිර යමින් පවතිනවා.
ඉන්දීය කණ්ඩායම ඊයේ (25) දිනයේ දී 2022 වසරට නියමිතව තිබූ ක්‍රිකට් කාලසටහන නිමා කරමින් බංග්ලාදේශයට එරෙහිව කඩුලු තුනක ජයග්‍රහණයක් වාර්තා කළ අතර, ඔවුන්ගේ 2023 ක්‍රිකට් තරග කාලසටහන ආරම්භ වීමට නියමිත ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයෙනුයි.
ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තවමත් එම තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතය නම් කර නොමැති අතර තේරීම් කමිටු ප්‍රධානී විසින් ක්‍රීඩකයින් විඩාවට පත් නොවන අයුරින් සීමිත පන්දුවාර කණ්ඩායම් දෙකක් තෝරා ගැනීමට අදහස් කරන බවට ද මීට පෙර පවසා තිබුණා. නමුත් ඒ කිසිවක් තවමත් නිල වශයෙන් ම අවසන් කර නැහැ.
නමුත් Star Sport රූපවාහිනී නාලිකාව නම් ඉදිරියේ වෙන්න තියෙන දේවල් ගැන කලින් ම දැනුවත් වෙලා තියෙනවා!
ඊයේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ තරගය ජයග්‍රහණය කිරීමෙන් පැය කිහිපයක් ගෙවී යද්දී Star Sport නාලිකාව මගින් “Hardik ‘Raj’” යන උධෘත පාඨය සඳහන් කරමින් වීඩියෝ පටයක් Twitter හරහා නිකුත් කර තිබුණා. එම වීඩියෝ පටය අවසානයේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ Hardik Pandya දෙපසින් සිටින පෝස්ටරයක් ප්‍රදර්ශනය වී තිබෙනවා.
ආසියානු ශූරයින් සමඟ සටනට Hardik Pandya යටතේ ඉන්දීය කණ්ඩායම සූදානම් බව පවසමින් පළ කර තිබූ වීඩියෝව පසුව ඔවුන් විසින් ඉවත් කර ගෙන තිබුණා.
— The Game Changer (@TheGame_26) December 25, 2022
- ඔවුන් මාව මානසික ව වැට්ටුවා; Warner නැවතත් සිය හඬ අවධි කරයි
- අවිශ්ක, සදීර, වියස්කාන්ත්, ශෙවෝන් තරු බවට පත් වූ 2022 LPL
- Stokesගේ චෙන්නායි ආගමනය Dhoniගේ IPL ඉරණම තීන්දු කරයි ද?
- ඉන්දීය ක්‍රිකට් වල ඉහල පෙළේ නිලධාරියෙකුට Messi තෑගි එවයි!
- Shahid Afridiට නව තනතුරක්
බංග්ලාදේශය සමඟ පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ආබාධයකට ලක් වුන Rohit Sharma ශ්‍රී ලංකාව සමඟ තරග සංචාරයටත් සහභාගී නොවනු ඇතැයි පැතිර යන අනුමාන කිරීම්වලට ද එම වීඩියෝව මගින් තවත් උත්තේජනයක් ලබා දී තිබෙනවා.
එමෙන්ම ඉන්දීය තේරීම් කමිටුව මීට පෙර ප්‍රකාශ කළේ Virat Kohli ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරගාවලියෙන් විවේක ගැන්වෙනු ඇති බවයි.
ඉන්දු-ලංකා විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 03 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ජනවාරි 12 වැනිදායින් ආරම්භ වීමට නියමිතයි.
එම තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Hindustan Times ඇසුරිනි.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<