බස්නාහිර පළාත් පිරිමි සහ කාන්තා කැරම් තරගාවලිය මේ මස 06, 07 සහ 08 යන දිනයන් හිදී උදෑසන 8 සිට කොහුවල ශ්‍රී ලංකා කැරම් සම්මේලන මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.
ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව පසු බසියි
ආසියානු බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා සහභාගී වූ හත් දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම..
ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ උපදෙස් මත බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන මෙම තරගාවලියේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම වන අතර මේ සඳහා බස්නාහිර පළාතේ ස්ථීර පදිංචි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් සහභාගී වේ.
මෙම තරගාවලියේ පැවැත්වෙන සියලුම තරග කේවල තරග ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර තරගාවලිය අවසානයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු තෝරා ගැනීමෙන් පසු ඉන් පස් දෙනෙකු ජාතික මහා ක්‍රීීඩා උළෙලට යොමු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ ලේකම් තුමුල නාඔටුන්න මහතා ThePapare.com සමඟින් පැවසීය.
“මේ පළාත් තරගාවලියේ දී පවත්වන සියලුම තරග කේවල තරග ලෙස තමයි පවත්වන්නේ. ඒ වගේම 80%ක් කොළඔ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ තරගාවලියට සහභාගී වෙනවා. ඒ විතරක් නෙමෙයි ලෝක කැරම් ශූර චමිල් කුරේ ඇතුළු ඒ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් සිව්දෙනත්, ජොශප් රොෂීටා ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවනුත් මේ සඳහා තරග කරනවා.”
මෙම තරගාවලිය පිළිබඳ වැඩි විස්තර පහත දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.
- එස්.ජේ.ජී. සිල්වා මහතා – 071 4464254
සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ (තාක්ෂණික)
බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය
- කමලා මහත්මිය – 071 6589143
ඊට අමතරව අනෙකුත් පළාත්වල ද මෙම තරගාවලිය සංවිධානය කර ඇති අතර දකුණු පළාත් තුළ තරග මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිත වේ. 0777 528311 දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හැක.
අනෙකුත් පළාත් හි තරග පවත්වන දිනයන් ඉදිරියේ දී දැනුම් දෙනු ඇත.
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට