මෙරට දී පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලි ද්විත්වයකට සහභාගී වන බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට අගනුවරට සේන්දු වී තිබෙනවා.
එක්දින ජාත්‍යන්තර තරග 3ක සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3ක කාලසටහනකින් යුත් මෙම සංචාරයට එක් වූ මෙම කණ්ඩායම ඊට පෙර අගනුවර දී විශේෂ පුහුණු සැසි කිහිපයකට ද සහභාගී වීමට නියමිතයි.
සංචාරක කොදෙව් ක්‍රීඩිකාවෝ මෙම තරගාවලිය හා එක් වෙන්නේ පසුගිය අප්‍රේල් මාසයේ දී පැවැති පාකිස්තාන තරග සංචාරය සාර්ථකව නිමා කරමිනුයි. ඔවුන් එහි දී සහභාගී වූ තරග 3කින් යුත් එක්දින තරගාවලිය 3-0ක් ලෙසින් ද සහ තරග 5කින් යුත් විස්සයි විස්ස තරගාවලිය 4-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.
- කොදෙව් – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැටුමට දින නියම වෙයි
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්
- T20 ලෝක කුසලානයේ දී අපිට හමුවෙන ප්‍රතිවාදීන්
- 61 වැනි සහෝදර ගැටුම ජය පරාජයෙන් තොරයි
- කොල්කටාව තෙවැනි වරටත් IPL ශූරතාව දිනා ගනී!
තරගාවලි සංචාරයට එක් කර තිබෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකත්වය 26 වැනි වියේ පසුවෙන ආරම්භක දකුණත් පිතිකාරිනී Hayley Matthews වෙත පවරා තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අප්‍රේල් මාසයේ ක්‍රීඩිකාව ලෙසින් ද නම් කෙරුණ ඇය, කොදෙව් එක්දින කණ්ඩායම 14 වතාවක් ද විස්සයි විස්ස කණ්ඩායම 32 වතාවක දී ද මෙහෙයවා තිබෙනවා.
සංචාරක කණ්ඩායමේ උප නායිකාව ලෙස නම් කර තිබෙන්නේ කණ්ඩායමේ කඩුලු රැකීමේ ද නිරත මැද පෙළ පිතිකාරිනී Shemaine Campbelle.
කොදෙව් කාන්තා කණ්ඩායමේ ආසන්නත ම තරගාවලිය වූ පාකිස්තාන තරගාවලියට නම් නොකරන ලද දකුණතින් මඳ වේග පන්දු යවන Shabika Gajnabi ද මෙම කණ්ඩායමට ඇතුලත් කර තිබෙනවා. එමෙන් ම 19 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් වේග පන්දු යවන Kate Wilmott පළමු වරට කොදෙව් කාන්තා එක්දින කණ්ඩායම සඳහා නම් කර ඇති අතර ඇයත් සමඟ Chinelle Henry, Chedean Nation, Stafanie Taylor, and Rashada Williams යන ජැමෙයිකානු ක්‍රීඩිකාවෝ ද මෙම කණ්ඩායම සඳහා එක් කර තිබෙනවා.
සංචාරයට එක් වූ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම:
Hayley Matthews (captain), Shemaine Campbelle (vice-captain), Aaliyah Alleyne, Shamilia Connell, Afy Fletcher, Cherry Ann Fraser, Shabika Gajnabi, Chinelle Henry, Zaida James, Qiana Joseph, Chedean Nation, Karishma Ramharack, Stafanie Taylor, Rashada Williams, Kate Wilmott.
මේ මස 15 වැනිදා සිට පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලිය 2022-25 ICC Women’s ශූරතාවලියේ තරග ලෙසිනුයි පැවැත්වෙන්නේ. මේ වන විට එම ලැයිස්තුවේ 7 වැනි ස්ථානය බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩිකාවෝ සතු කර ගෙන සිටින අතර ශ්‍රී ලංකාව රැදී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද සහ විස්සයි විස්ස තරගාවලියේ සියලු තරග හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්විමට නියමිතයි.
තරග කාලසටහන..,
- පළමු එක්දින තරගය, ගාල්ල, ජූනි 15 වැනිදා.
- දෙවැනි එක්දින තරගය, ගාල්ල, ජූනි 18 වැනිදා.
- තෙවැනි එක්දින තරගය, ගාල්ල, ජූනි 21 වැනිදා.
- පළමු විස්සයි විස්ස තරගය, හම්බන්තොට, ජූනි 24 වැනිදා.
- දෙවැනි විස්සයි විස්ස තරගය, හම්බන්තොට, ජූනි 26 වැනිදා.
- තෙවැනි විස්ස විස්ස තරගය, හම්බන්තොට, ජූනි 28 වැනිදා.
මෙම තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<