2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානය අතර හෙඩින්ග්ලි ලීඩ් හිදී අද (04) නිමා වූ තරගයෙන් ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව්වන් සමත් විය.
ඒ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කිසිදු තරගයක් ජයග්‍රහණය නොකළ කණ්ඩායම ලෙස ඇෆ්ගනිස්තානය ඉතිහාස පොතට එක් වූ අතර ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ හිමි වූයේ අන්තිම තැනයි. කොදෙව් කණ්ඩායම 9 වැනි තැනට පත් විය.
එංගලන්තයත් තම ස්ථානය තහවුරු කර ගනී
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (03) ……
කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගනිමින් පිටියට පිවිස කඩුලු 6ක් දැවී ලකුණු 311ක් රැස් කළේය. ඊට පිළිතුරු ලෙසින් ඇෆ්ගනිස්තානයට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 288ක් පමණි.
බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් අද සහභාගී වූයේ තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ අවසන් තරගයටයි. එහෙත් එය සතුටින් සමරන්නට ඇෆ්ගන් ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත. පන්දු යැවීමේ දී ක්‍රිස් ගේල්ට එක් කඩුල්ලක් හිමි වූ අතර උඩ පන්දුවක් ද රැක ගැනීමට සමත් වෙමින් ඔහු එක්දින පිටියට සමු දුන්නේය.
කොදෙව් ඉනිමේ ආරම්භයේ දී ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල් (7) ඉතා ඉක්මනින් දවා ගැනීමට ඔවුන් සමත් වූහ. එහෙත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 88ක සබඳතාවක් එක් කිරීමට එවින් ලිවිස් සහ ශායි හෝප් සමත් වූහ. එවින් ලිවිස් තම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ 5 වැනි අර්ධ ශතකය රැස් කරමින් පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ශායි හෝප් ය. ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තේය. මෙය ශායි හෝප්ගේ 13 වැනි ජාත්‍යන්තර එක්දින ශතකය වන අතර මෙවර ලෝක කුසලාන තරගාවලියේ රැස් කරන ලද තෙවැනි අර්ධ ශතකයයි. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි. ශිම්රන් හෙට්මයර් (39) සමඟ එක්වූ ශායි හෝප් තෙවැනි කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් ද එක් කිරීමට සමත් විය.
>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<
ශායි හෝප්ගේ දැවී යෑමෙන් අනතුරුව නිකලස් පූරන් සහ නායක ජේසන් හෝල්ඩර් කොදෙව් ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ගොඩ නැගූහ. ඒ 5 වැනි කඩුල්ලට එක්වූ ලකුණු 105යි. නිකලස් පූරන් පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තේය. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ දෙවැනි අර්ධ ශතකයයි.
ඔහු පසුපසම ගිය ජේසන් හෝල්ඩර් ද ඊළඟ පන්දුවේ දී දැවී ගියේය. ඒ වෙද්දී ඔහු පන්දු 34ක දී හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටියේය.
කොදෙව් ඉනිම ඒ තරමින් පාලනය කිරීමේ දී දව්ලට් සඩ්‍රාන් ලකුණු 73කට කඩුලු 2ක් දවා ගත්තේය. තවත් කඩුලු 3ක් පන්දු යවන්නන් තිදෙනෙක් අතර බෙදී ගිය අතර නිකලස් පූරන් දුවද්දී දැවී යෑමකට ගොදුරු විය.
පූරන්ව රැකගන්න හෝල්ඩර්ගෙන් පොරොන්දුවක්
නිමා වූ කොදෙව් ශ්‍රී ලංකා තරගය ප්‍රේක්ෂකයන්ට…..
හඹා යන ඉනිමේ ඇෆ්ගනිස්තාන පළමු කඩුල්ල දෙවැනි පන්දුවාරයේ දී නැවත ක්‍රීඩාගාරයට යැවීමට කේමාර් රොච් සමත් විය. නමුත් ඔවුන්ගේ දෙවැනි කඩුල්ල කොදෙව් දෙවැනි කඩුල්ල සේ ම විය. රහ්මට් ෂා සහ අක්රම් අලි කිල් අතර සබඳතාව කොදෙව්වන් අභිබවා ගිය ලකුණු 133කි.
එහි දී ඉක්මන් ගමන් ගියේ රහ්මට් ෂා ය. ඔහු පන්දු 78කට මුහුණ දී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තේය. එය ඔහුගේ ජාත්‍යන්තර එක්දින තරග පිටියේ 15 වැනි අර්ධ ශතකය වූව ද මෙවර ලෝක කුසලානයේ මංගල අර්ධ ශතකයයි.
ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අක්රම් අලි කිල් ය. ඔහු තෙවැනි කඩුල්ල වෙනුවෙන් නජිබුල්ලා සඩ්රාන් සමඟින් ලකුණු 51ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක විය. එහෙත් ක්‍රිස් ගේල්ගේ පන්දුවක් පා ආවරණයේ වැදීමෙන් ඔහුගේ ඉනිම අවසන් බැව් පැවැසුණි. නමුත් ඔහු ලෙහෙසියෙන් පසු බා යන්නෙක් නොවීය. තමන් වෙත ලබා දුන් තීරණය අභියෝගයට ලක් කිරීමට ඔහු දෙවරක් සිතුවේ නැත.
විනිසුරු තීරණය අභියෝගයට ලක් කළ ද ඔහුට ඒ මගින් බේරීමට ලැබුණේ නැත. තෙවැනි විනිසුරු ද එම දැවී යෑම සනාථ කළේය. ඒ අනුව ඔහුගේ ඉනිම පන්දු 93ක දී නිමා වූයේ හතරේ පහර 10ක් සමඟින් ලකුණු 86ක් ලබා ගනිමින් සිටිය දී ය. එය ඔහුගේ මංගල ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය මෙන්ම තමන්ගේ හොඳම ඉනිම ද විය.
මාටින් ගප්ටිල් ඇඟිලි දෙකෙන් පුහුණුකරුවාට කළ සංඥාව
2015 ලෝක කුසලානයේ නවසීලන්තය සහ බටහිර ………
ගේල්ගේ එම පන්දු වාරයේ දී ම නජිබුල්ලා සඩ්රාන් (31) දුවන්නට යෑමේ දී දවා ගැනීමට කොදෙව් ක්‍රීඩකයෝ සමත් වූහ. ඔවුන්ගේ ඉනිම ඒ වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 194ක් විය. එතැන් සිට ඇෆ්ගන් ඉනිම ක්‍රියාත්මක වූයේ අස්ගර් ඇෆ්ගන් යටතේය. ඔහු පන්දු 32ක දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේය.
ඔහුගේ දැවී යෑමත් සමඟින් ඇෆ්ගන්වරුන්ට ගොඩ ඒමක් නැති විය. ඔවුන්ගේ අවසන් පිතිකරුවන් 6 දෙනා අතුරින් ඉලක්කම් දෙකේ ඉනිමක් ක්‍රීඩා කළේ සායෙඩ් ශිර්ෂාඩ් ය. කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේගපන්දු යවන කාලෝස් බ්‍රැත්වෙයිට් ලකුණු 63කට කඩුලු 4ක් දවා ගත්තේය. එය මෙවර ලෝක කුසලාන තරගාවලියේ ඔහුගේ හොඳම දක්ෂතාවය ද විය. ඊට අමතරව කේමාර් රොච් ද කඩුලු 3ක් දවා ගත්තේය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි ස්ථානයට පිවිසීමට උත්සාහ කරන පාකිස්තානය සහභාගී වෙන බංග්ලාදේශ සමඟ තරගය හෙට (05) ලන්ඩන් නුවර දී පැවැත්වීමට නියමිතයි.
>>තවත් ක්‍රිකට් පුවත් සඳ හා පිවිසෙන්න<<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chris Gayle | c Ikram Alikhil b Dawlat Zadran | 7 | 18 | 1 | 0 | 38.89 |
Evin Lewis | c Mohammad Nabi b Rashid Khan | 58 | 78 | 6 | 2 | 74.36 |
Shai Hope | c Rashid Khan b Mohammad Nabi | 77 | 92 | 6 | 2 | 83.70 |
Shimron Hetmyer | c Noor Ali Zadran b Dawlat Zadran | 39 | 31 | 3 | 2 | 125.81 |
Nicholas Pooran | run out () | 58 | 43 | 6 | 1 | 134.88 |
Jason Holder | c Dawlat Zadran b Sayed Shirzad | 45 | 34 | 1 | 4 | 132.35 |
Carlos Brathwaite | not out | 14 | 5 | 2 | 1 | 280.00 |
Fabian Allen | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 13 (b 0 , lb 4 , nb 0, w 9, pen 0) |
Total | 311/6 (50 Overs, RR: 6.22) |
Fall of Wickets | 1-21 (5.3) Chris Gayle, 2-109 (24.5) Evin Lewis, 3-174 (34.5) Shimron Hetmyer, 4-192 (37.4) Shai Hope, 5-297 (49.1) Nicholas Pooran, 6-297 (49.2) Jason Holder, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mujeeb ur Rahman | 10 | 0 | 52 | 0 | 5.20 | |
Dawlat Zadran | 9 | 1 | 73 | 2 | 8.11 | |
Sayed Shirzad | 8 | 0 | 56 | 1 | 7.00 | |
Gulbadin Naib | 3 | 0 | 18 | 0 | 6.00 | |
Mohammad Nabi | 10 | 0 | 56 | 1 | 5.60 | |
Rashid Khan | 10 | 0 | 52 | 1 | 5.20 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Gulbadin Naib | c Evin Lewis b Kemar Roach | 5 | 6 | 1 | 0 | 83.33 |
Rahmat Shah | c Chris Gayle b Carlos Brathwaite | 62 | 78 | 10 | 0 | 79.49 |
Ikram Alikhil | lbw b Chris Gayle | 86 | 93 | 8 | 0 | 92.47 |
Najibullah Zadran | run out () | 31 | 38 | 1 | 1 | 81.58 |
Asghar Afghan | c Jason Holder b Carlos Brathwaite | 40 | 32 | 4 | 1 | 125.00 |
Mohammad Nabi | c Fabian Allen b Kemar Roach | 2 | 6 | 0 | 0 | 33.33 |
Samiullah Shinwari | c Shimron Hetmyer b Kemar Roach | 6 | 9 | 0 | 0 | 66.67 |
Rashid Khan | c Jason Holder b Carlos Brathwaite | 9 | 16 | 0 | 1 | 56.25 |
Dawlat Zadran | c Sheldon Cottrell, b Carlos Brathwaite | 1 | 2 | 0 | 0 | 50.00 |
Sayed Shirzad | c Fabian Allen b Oshane Thomas | 25 | 17 | 2 | 2 | 147.06 |
Mujeeb ur Rahman | not out | 7 | 5 | 1 | 0 | 140.00 |
Extras | 14 (b 0 , lb 2 , nb 2, w 10, pen 0) |
Total | 288/10 (50 Overs, RR: 5.76) |
Fall of Wickets | 1-5 (1.3) Gulbadin Naib, 2-138 (26.2) Rahmat Shah, 3-189 (35.3) Ikram Alikhil, 4-194 (35.5) Najibullah Zadran, 5-201 (37.4) Mohammad Nabi, 6-227 (41.4) Samiullah Shinwari, 7-244 (44.2) Asghar Afghan, 8-255 (44.6) Dawlat Zadran, 9-260 (46.3) Rashid Khan, 10-288 (49.6) Mujeeb ur Rahman, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sheldon Cottrell, | 7 | 0 | 43 | 0 | 6.14 | |
Kemar Roach | 10 | 2 | 37 | 3 | 3.70 | |
Oshane Thomas | 7 | 0 | 43 | 1 | 6.14 | |
Jason Holder | 8 | 0 | 46 | 0 | 5.75 | |
Fabian Allen | 3 | 0 | 26 | 0 | 8.67 | |
Carlos Brathwaite | 9 | 0 | 64 | 4 | 7.11 | |
Chris Gayle | 6 | 0 | 28 | 1 | 4.67 |