සංචාරක බටහිර ඉන්දිය කොදෙව් සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි යොවුන් ටෙස්ට් තරගය අද (12) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 127කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වුනා.
කොදෙව් කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දෙමින් පළමු කඩුල්ල සඳහා Stephan Pascal එක්ව ලකුණු 57ක සම්බන්ධතාවක් ගොඩ නැගීමෙන් අනතුරුව Steve Wedderburn ලකුණු 24කට විහස් තෙව්මිකගේ පන්දුවක් හමුවේ දැවී ගියා.
ලකුණු 3ක් ලබා සිටි Joshua Dorne දුවද්දී දැවී යාමක් නිසා පිටියෙන් ඉවත් වෙද්දී, ආරම්භක පිතිකරු Stephan Pascal ලකුණු 28ක් ලබා සිටිය දී දවා ගැනීමට විහස්ට හැකි වුනා.
Mavendra Dindyal සහ Devonie Joseph ලකුණු ලබා ගැනීමට පෙරම පිටියෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි වූ අතර නායක Nathan Sealyට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු දෙකක් පමණයි.
කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Jordan Johnson ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූ අතර අනෙක් කිසිදු පසු පෙළ පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ හැකි වුනේ නැහැ.
පන්දු යැවීමේ දී අගනා දස්කම් පෙන්නුම් කළ විහස් තෙව්මික ලකුණු 43කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර මල්ෂ තරුපති ලකුණු 13ක් තුළ කඩුලු 3ක් දවා ගත්තා.
- ආබාධ නිසා පාකිස්තානය අමතර ක්‍රීඩකයින් කැඳවයි
- ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය නම් කරයි
- නවසීලන්තයෙන් ලෝක කුසලානයට අත්දැකීම් බහුල සංචිතයක්
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස සිනෙත් ජයවර්ධන ලකුණු නොලබා දැවී ගියත්, දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 51ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු පුළිඳු පෙරේරා ලකුණු 41කට අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වුනා.
රුසඳ ගමගේ සමඟ එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 72ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු රවිශාන් ද සිල්වා ලකුණු 43කට දැවී ගිය අතර අගනා අර්ධ ශතකයක් ලබා ගත් රුසඳ ගමගේ ලකුණු 53ක් රැස් කළා.
දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරන දිනුර කළුපහන නොදැවී ලකුණු 23ක් සහ ශරූජන් ශම්මුගනාදන් නොදැවී ලකුණු 21ක් ලබා සිටියා.
ඒ අනුව තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබා ගෙන කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 64ක් පෙරමුණේ පසුවනවා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Stephan Pascal | lbw b Vihas Thewmika | 28 | 69 | 4 | 0 | 40.58 |
Steve Wedderburn | c Pulindu Perera b Vihas Thewmika | 24 | 45 | 3 | 0 | 53.33 |
Joshua Dorne | run out (Sharujan Shanmuganathan) | 3 | 10 | 0 | 0 | 30.00 |
Jordan Johnson | c Pulindu Perera b Vihas Thewmika | 52 | 49 | 6 | 2 | 106.12 |
Mavendra Dindyal | c Sineth Jayawardena b Kaveesha Piyumal | 0 | 12 | 0 | 0 | 0.00 |
Devonie Joseph | st Sharujan Shanmuganathan b Vihas Thewmika | 0 | 2 | 0 | 0 | 0.00 |
Nathan Sealy | lbw b Malsha Tharupathi | 2 | 9 | 0 | 0 | 22.22 |
Tarrique Edward | c Sineth Jayawardena b Vihas Thewmika | 0 | 6 | 0 | 0 | 0.00 |
Isai Thorne | lbw b Malsha Tharupathi | 1 | 16 | 0 | 0 | 6.25 |
Deshawn James | c Rusanda Gamage b Malsha Tharupathi | 0 | 1 | 0 | 0 | 0.00 |
Tamarie Redwood | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 8 , lb 9 , nb 0, w 0, pen 0) |
Total | 127/10 (36.4 Overs, RR: 3.46) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ruvishan Perera | 5 | 3 | 9 | 0 | 1.80 | |
Dinura Kalupahana | 2 | 0 | 10 | 0 | 5.00 | |
Kaveesha Piyumal | 13 | 3 | 32 | 1 | 2.46 | |
Vihas Thewmika | 11.4 | 1 | 43 | 5 | 3.77 | |
Malsha Tharupathi | 5 | 1 | 16 | 3 | 3.20 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pulindu Perera | run out (Devonie Joseph) | 41 | 47 | 6 | 1 | 87.23 |
Sineth Jayawardena | c Nathan Sealy b Deshawn James | 0 | 8 | 0 | 0 | 0.00 |
Ravindu De Silva | c Nathan Sealy b Isai Thorne | 43 | 77 | 5 | 1 | 55.84 |
Rusanda Gamage | lbw b Nathan Sealy | 58 | 52 | 10 | 0 | 111.54 |
Dinura Kalupahana | lbw b Nathan Edward | 33 | 74 | 1 | 0 | 44.59 |
Sharujan Shanmuganathan | lbw b Nathan Edward | 36 | 105 | 2 | 0 | 34.29 |
Diniru Abeywickramasinghe | c Devonie Joseph b Isai Thorne | 1 | 4 | 0 | 0 | 25.00 |
Malsha Tharupathi | c Nathan Edward b Nathan Sealy | 70 | 49 | 6 | 4 | 142.86 |
Vihas Thewmika | not out | 31 | 38 | 3 | 0 | 81.58 |
Kaveesha Piyumal | b Nathan Sealy | 1 | 4 | 0 | 0 | 25.00 |
Ruvishan Perera | lbw b Nathan Sealy | 6 | 10 | 1 | 0 | 60.00 |
Extras | 6 (b 1 , lb 4 , nb 1, w 0, pen 0) |
Total | 326/10 (77.5 Overs, RR: 4.19) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Isai Thorne | 20 | 3 | 64 | 2 | 3.20 | |
Deshawn James | 10 | 2 | 39 | 1 | 3.90 | |
Tarrique Edward | 17 | 2 | 75 | 2 | 4.41 | |
Nathan Sealy | 20.5 | 1 | 82 | 4 | 4.00 | |
Tamarie Redwood | 8 | 1 | 53 | 0 | 6.62 | |
Mavendra Dindyal | 1 | 0 | 5 | 0 | 5.00 | |
Jordan Johnson | 1 | 0 | 3 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Stephan Pascal | c Sharujan Shanmuganathan b Kaveesha Piyumal | 25 | 30 | 4 | 0 | 83.33 |
Steve Wedderburn | c Sineth Jayawardena b Vihas Thewmika | 37 | 84 | 4 | 1 | 44.05 |
Jordan Johnson | not out | 157 | 163 | 20 | 1 | 96.32 |
Mavendra Dindyal | c Sharujan Shanmuganathan b Ruvishan Perera | 15 | 39 | 1 | 0 | 38.46 |
Devonie Joseph | c & b Vihas Thewmika | 16 | 18 | 3 | 0 | 88.89 |
Joshua Dorne | lbw b Malsha Tharupathi | 16 | 35 | 2 | 0 | 45.71 |
Nathan Sealy | c & b Vihas Thewmika | 1 | 7 | 0 | 0 | 14.29 |
Tarrique Edward | c Sharujan Shanmuganathan b Malsha Tharupathi | 0 | 5 | 0 | 0 | 0.00 |
Isai Thorne | lbw b Kaveesha Piyumal | 1 | 9 | 0 | 0 | 11.11 |
Tamarie Redwood | run out (Sharujan Shanmuganathan) | 2 | 22 | 0 | 0 | 9.09 |
Deshawn James | run out (Sharujan Shanmuganathan) | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 7 (b 0 , lb 6 , nb 1, w 0, pen 0) |
Total | 277/10 (68.5 Overs, RR: 4.02) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kaveesha Piyumal | 16 | 5 | 57 | 2 | 3.56 | |
Vihas Thewmika | 21.5 | 2 | 63 | 3 | 2.93 | |
Sineth Jayawardena | 8 | 1 | 31 | 0 | 3.88 | |
Dinura Kalupahana | 2 | 0 | 26 | 0 | 13.00 | |
Malsha Tharupathi | 12 | 2 | 51 | 2 | 4.25 | |
Ruvishan Perera | 9 | 0 | 43 | 1 | 4.78 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pulindu Perera | run out (Nathan Sealy) | 3 | 11 | 0 | 0 | 27.27 |
Sineth Jayawardena | c Nathan Sealy b Isai Thorne | 30 | 14 | 5 | 1 | 214.29 |
Malsha Tharupathi | c Isai Thorne b Nathan Edward | 2 | 7 | 0 | 0 | 28.57 |
Rusanda Gamage | not out | 21 | 43 | 3 | 0 | 48.84 |
Ruvishan Perera | not out | 17 | 37 | 1 | 0 | 45.95 |
Extras | 8 (b 8 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 81/3 (18.4 Overs, RR: 4.34) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Isai Thorne | 6 | 1 | 29 | 1 | 4.83 | |
Deshawn James | 1 | 0 | 14 | 0 | 14.00 | |
Tarrique Edward | 6.4 | 0 | 16 | 1 | 2.50 | |
Nathan Sealy | 5 | 1 | 14 | 0 | 2.80 |
බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<