සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවති යොවුන් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය තවත් දිනයක් ඉදිරිව තිබිය දී ම කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යෞවනයෝ අද (14) සමත් වුනා.
ඒ අනුව තරග 2කින් යුත් යොවුන් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඊට පෙර දෙරට අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය ද 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම කැපී පෙනුණා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් යෞවනයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට ලකුණු 127ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා යෞවනයෝ තම පළමු ඉනිමට ලකුණු 326ක් ලබා ගත්තා.
ලකුණු 199ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ සංචාරක යෞවනයෝ දෙවැනි දිනය අවසන් කරන්නේ කඩුලු 8ක් දැවී ලකුණු 251ක් ලකුණු පුවරුවට එක් කරමින්.
ඒ අනුව තරගයේ තෙවැනි දිනය වූ අද කොදෙව් පිතිකරුවෝ පිටියට පිවිසෙද්දී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 52ක් ඉදිරියෙන් සිටියා. ඊට තවත් ලකුණු 26ක් එක් වෙද්දී කොදෙව්වන්ගේ දෙවැනි ඉනිම නිමා කිරීමට ශ්‍රී ලංකා යෞවනයෝ සමත් වුනා. ඔවුන් ඒ සඳහා දිනයේ වැය කළේ පන්දු 35ක් පමණයි.
කොදෙව් ඉනිම වෙනුවෙන් පෙර දිනයේ දී නොදැවී ලකුණු 133ක් ලබා සිටි Jordan Johnson ඉනිම නිමා වන විට පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 157ක් ලබා සිටියා.
දිනයේ දැවී ගිය කඩුලු 2 ම දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූ අතර එහි දී පන්දු යැවූ විහස් තෙව්මික වැඩි වැඩ කොටසක් කළේ, පුලිඳු පෙරේරා සහ රුවිශාන් පෙරේරාගේ ද සහයෝගය ලබා ගනිමින්.
කොදෙව් දෙවැනි ඉනිම ලකුණු 277කට අවසන් වෙද්දී පන්දු යැවීමේ දී විහස් තෙව්මික ලකුණු 63කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඔහු පළමු ඉනිමේ දී ද ලකුණු 43කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූ අතර තරගයේ දී ලකුණු 106කට කඩුලු 8ක් දවා ගත්තා.
ඊට අමතර ව කවීෂ පියුමාල් සහ මල්ෂ තරුපති කඩුලු 2 බැගින් ද රුවිශාන් පෙරේරා කඩුල්ලක් ද දවා ගත්තා.
- ශ්‍රී ලංකා යෞවනයින්ගෙන් සාර්ථක ආරම්භයක්
- දඹුල්ලේ වැස්සෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු යට වෙන ලකුණු
- කළුපහන සමඟ එක්වුණු ශ්‍රී ලංකා පසුපෙළින් සුපිරි ප්‍රහාරයක්
- පුලිඳුගේ දැවැන්ත ඉනිම ශ්‍රී ලංකාව තරගාවලි ජයක් කරා රැගෙන යයි!
- සුපුන් වඩුගේ – මනුල කුලරත්නගේ සබඳතාවය ශ්‍රී ලංකාව දිනවයි
ජයග්‍රහණය සඳහා ලකුණු 79ක හඹා යන ඉනිමක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසියේ පුලිඳු පෙරේරා සහ සිනෙත් ජයවර්ධන. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව පන්දු 25ක දී ලකුණු 33ක් වෙද්දී නිමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වුනා.
ඒ වෙද්දී නායක සිනෙත් ජයවර්ධන පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 30ක් ලබා සිටියා.
අනතුරුව පිටියේ රැඳී සිටි ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා (3) සහ පළමු ඉනිමේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුකරු වූ මල්ෂ තරුපති (2) ද අඩු ලකුණුවලට සීමා කිරීමට කොදෙව්වෝ සමත් වුනා.
තරගය අවසන් වන විට රුසඳ ගමගේ සහ රවිශාන් ද සිල්වා පිටියේ නොදැවී රැඳී සිටි අතර ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 80කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 42ක සබඳතාවක් එක් කළා.
එහි දී රුසඳ ගමගේ පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමගින් ලකුණු 21ක් ද සහ රවිශාන් ද සිල්වා පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 17ක් ද ලබා සිටියා.
කඩුලු ලබා ගැනීමේ දී Isai Thorne සහ Tarrique Edward කඩුල්ල බැගින් දවා ගත්තා.
අවසන් තරගයේ වීරයා ලෙසින් විහස් තෙව්මික නම් කෙරුණ අතර තරගාවලියේ වීරයා ලෙසින් කොදෙව් ක්‍රීඩක Jordan Johnson නම් කෙරුණා.
- බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම පන්දුවාර 36.4ක දී සියලුම දෙනා දැවී 127 (Stephan Pascal 28, Steve Wedderburn 24, Jordan Johnson 52, විහස් තෙව්මික 5/43, මල්ෂ තරුපති 3/16)
- ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – පළමු ඉනිම පන්දුවාර 77.5ක දී සියලුම දෙනා දැවී 326 ( පුළිඳු පෙරේරා 41, රවිශාන් ද සිල්වා 43, රුසඳ ගමගේ 58, දිනුර කළුපහන 33, ශාරුජන් ශන්මුගනාදන් 36, මල්ෂ තරුපති 70, විහස් තෙව්මික නොදැවී 31, Isai Thorne 2/64, Tarrique Edward 2/75, Nathan Sealy 4/82)
- බටහිර ඉන්දීය 19න් පහළ කණ්ඩායම –දෙවැනි ඉනිම පන්දුවාර 68.5ක දී සියලුම දෙනා දැවී 277 (Stephan Pascal 25, Steve Wedderburn 37, Jordan Johnson නොදැවී 157, කවීෂ පියුමාල් 2/57, විහස් තෙව්මික 3/63, මල්ෂ තරුපති 2/51)
- ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – දෙවැනි ඉනිම පන්දුවාර 18.4ක දී කඩුලු 3ක් දැවී 81 (සිනෙත් ජයවර්ධන 30, රුසඳ ගමගේ නොදැවී 21, රවිශාන් ද සිල්වා නොදැවී 17)
තරගයේ වීරයා – විහස් තෙව්මික
තරගාවලියේ වීරයා – Jordan Johnson
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Stephan Pascal | lbw b Vihas Thewmika | 28 | 69 | 4 | 0 | 40.58 |
Steve Wedderburn | c Pulindu Perera b Vihas Thewmika | 24 | 45 | 3 | 0 | 53.33 |
Joshua Dorne | run out (Sharujan Shanmuganathan) | 3 | 10 | 0 | 0 | 30.00 |
Jordan Johnson | c Pulindu Perera b Vihas Thewmika | 52 | 49 | 6 | 2 | 106.12 |
Mavendra Dindyal | c Sineth Jayawardena b Kaveesha Piyumal | 0 | 12 | 0 | 0 | 0.00 |
Devonie Joseph | st Sharujan Shanmuganathan b Vihas Thewmika | 0 | 2 | 0 | 0 | 0.00 |
Nathan Sealy | lbw b Malsha Tharupathi | 2 | 9 | 0 | 0 | 22.22 |
Tarrique Edward | c Sineth Jayawardena b Vihas Thewmika | 0 | 6 | 0 | 0 | 0.00 |
Isai Thorne | lbw b Malsha Tharupathi | 1 | 16 | 0 | 0 | 6.25 |
Deshawn James | c Rusanda Gamage b Malsha Tharupathi | 0 | 1 | 0 | 0 | 0.00 |
Tamarie Redwood | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 8 , lb 9 , nb 0, w 0, pen 0) |
Total | 127/10 (36.4 Overs, RR: 3.46) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ruvishan Perera | 5 | 3 | 9 | 0 | 1.80 | |
Dinura Kalupahana | 2 | 0 | 10 | 0 | 5.00 | |
Kaveesha Piyumal | 13 | 3 | 32 | 1 | 2.46 | |
Vihas Thewmika | 11.4 | 1 | 43 | 5 | 3.77 | |
Malsha Tharupathi | 5 | 1 | 16 | 3 | 3.20 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pulindu Perera | run out (Devonie Joseph) | 41 | 47 | 6 | 1 | 87.23 |
Sineth Jayawardena | c Nathan Sealy b Deshawn James | 0 | 8 | 0 | 0 | 0.00 |
Ravindu De Silva | c Nathan Sealy b Isai Thorne | 43 | 77 | 5 | 1 | 55.84 |
Rusanda Gamage | lbw b Nathan Sealy | 58 | 52 | 10 | 0 | 111.54 |
Dinura Kalupahana | lbw b Nathan Edward | 33 | 74 | 1 | 0 | 44.59 |
Sharujan Shanmuganathan | lbw b Nathan Edward | 36 | 105 | 2 | 0 | 34.29 |
Diniru Abeywickramasinghe | c Devonie Joseph b Isai Thorne | 1 | 4 | 0 | 0 | 25.00 |
Malsha Tharupathi | c Nathan Edward b Nathan Sealy | 70 | 49 | 6 | 4 | 142.86 |
Vihas Thewmika | not out | 31 | 38 | 3 | 0 | 81.58 |
Kaveesha Piyumal | b Nathan Sealy | 1 | 4 | 0 | 0 | 25.00 |
Ruvishan Perera | lbw b Nathan Sealy | 6 | 10 | 1 | 0 | 60.00 |
Extras | 6 (b 1 , lb 4 , nb 1, w 0, pen 0) |
Total | 326/10 (77.5 Overs, RR: 4.19) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Isai Thorne | 20 | 3 | 64 | 2 | 3.20 | |
Deshawn James | 10 | 2 | 39 | 1 | 3.90 | |
Tarrique Edward | 17 | 2 | 75 | 2 | 4.41 | |
Nathan Sealy | 20.5 | 1 | 82 | 4 | 4.00 | |
Tamarie Redwood | 8 | 1 | 53 | 0 | 6.62 | |
Mavendra Dindyal | 1 | 0 | 5 | 0 | 5.00 | |
Jordan Johnson | 1 | 0 | 3 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Stephan Pascal | c Sharujan Shanmuganathan b Kaveesha Piyumal | 25 | 30 | 4 | 0 | 83.33 |
Steve Wedderburn | c Sineth Jayawardena b Vihas Thewmika | 37 | 84 | 4 | 1 | 44.05 |
Jordan Johnson | not out | 157 | 163 | 20 | 1 | 96.32 |
Mavendra Dindyal | c Sharujan Shanmuganathan b Ruvishan Perera | 15 | 39 | 1 | 0 | 38.46 |
Devonie Joseph | c & b Vihas Thewmika | 16 | 18 | 3 | 0 | 88.89 |
Joshua Dorne | lbw b Malsha Tharupathi | 16 | 35 | 2 | 0 | 45.71 |
Nathan Sealy | c & b Vihas Thewmika | 1 | 7 | 0 | 0 | 14.29 |
Tarrique Edward | c Sharujan Shanmuganathan b Malsha Tharupathi | 0 | 5 | 0 | 0 | 0.00 |
Isai Thorne | lbw b Kaveesha Piyumal | 1 | 9 | 0 | 0 | 11.11 |
Tamarie Redwood | run out (Sharujan Shanmuganathan) | 2 | 22 | 0 | 0 | 9.09 |
Deshawn James | run out (Sharujan Shanmuganathan) | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 7 (b 0 , lb 6 , nb 1, w 0, pen 0) |
Total | 277/10 (68.5 Overs, RR: 4.02) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kaveesha Piyumal | 16 | 5 | 57 | 2 | 3.56 | |
Vihas Thewmika | 21.5 | 2 | 63 | 3 | 2.93 | |
Sineth Jayawardena | 8 | 1 | 31 | 0 | 3.88 | |
Dinura Kalupahana | 2 | 0 | 26 | 0 | 13.00 | |
Malsha Tharupathi | 12 | 2 | 51 | 2 | 4.25 | |
Ruvishan Perera | 9 | 0 | 43 | 1 | 4.78 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pulindu Perera | run out (Nathan Sealy) | 3 | 11 | 0 | 0 | 27.27 |
Sineth Jayawardena | c Nathan Sealy b Isai Thorne | 30 | 14 | 5 | 1 | 214.29 |
Malsha Tharupathi | c Isai Thorne b Nathan Edward | 2 | 7 | 0 | 0 | 28.57 |
Rusanda Gamage | not out | 21 | 43 | 3 | 0 | 48.84 |
Ruvishan Perera | not out | 17 | 37 | 1 | 0 | 45.95 |
Extras | 8 (b 8 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 81/3 (18.4 Overs, RR: 4.34) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Isai Thorne | 6 | 1 | 29 | 1 | 4.83 | |
Deshawn James | 1 | 0 | 14 | 0 | 14.00 | |
Tarrique Edward | 6.4 | 0 | 16 | 1 | 2.50 | |
Nathan Sealy | 5 | 1 | 14 | 0 | 2.80 |
දෙස් – විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<