බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පැවැත්වෙන සිව්දින තරග දෙකකින් සමන්විත තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද (6) දඹුල්ලේ දී නිමා වුනා.
දිනය අවසන් වන විට පිළිතුරු ඉනිම ක්රීඩා කරන කොදෙව්වන් කඩුල්ලක් දැවී ලකුණු 27ක් ලබාගෙන සිටියේ ශ්රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 405ක් පසුපසින් සිටිමින්.
දෙවැනි දිනය ආරම්භ වන විට ශ්රී ලංකාව පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 163ක් ලබාගෙන සිටියා. දෙවැනි දිනයේ උදෑසන ශ්රී ලංකා මැදපෙළ කඩුලු 3ක් ලකුණු 51ක් තුල දැවී ගිය අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු මල්ෂ තරුපති ඒ වන විට පිටියේ ස්ථාවරව සිටි දිනුර කළුපහන සමඟ එක්ව අගනා ලකුණු 103ක සබඳතාවයක් ගොඩනංවමින් ශ්රී ලංකා ලකුණු සටහන ස්ථාවර කළා.
>>Photos – West Indies U19 tour of Sri Lanka 2023 – 1st Youth Test
පන්දු 58ක් තුල 4 පහර 8ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් වේගවත් ලකුණු 65ක් ලබා ගත් මල්ෂ දවා ගන්නට Joshua Dorne සමත් වුනේ පන්දු යැවීමට ඔහුට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්රයෝජන ලබාගෙනයි.
මල්ෂගේ දැවී යාමට පසුව ද සිය ලකුණු පිපාසය අත් නොහළ කළුපහන සමඟ එක්වුණු විහස් තෙව්මික 8 වැනි කඩුල්ල වෙනුවෙන් නැවතත් සෙමින් සීරුවේ ශ්රී ලංකා පළමු ඉනිම ස්ථාවර කළේ කොදෙව් පන්දු යවන්නන්ට අමතර පීඩනයක් ලබා දෙමින්.
එහි දී ඔවුන් දෙදෙනා ද එක්ව 8 වැනි කඩුල්ලට අගනා ලකුණු 114ක සබඳතාවයක් ගොඩනංවමින් පළමු ඉනිම තුල වාර්තා වුනු හොඳම සබඳතාවය වාර්තා කළා. අවසානයේ දී විහස් ලකුණු 35කට දැවී ගියා.
- සුපිරි 4 වටයේ ශ්රී ලංකාව
- ගණිත කර්ම ගැන ඇෆ්ගනිස්තානය දැනන් හිටියේ නැති ලු!
- Nabiගේ ප්රහාරය පරාජය කරමින් ශ්රී ලංකාව සුපිරි 4ට
- දකුණු අප්රිකානු ලෝක කුසලාන සංචිතය නම් කරයි
- පුලිඳුගේ වේගවත් අර්ධ ශතකය ශ්රී ලංකාව ඔසවයි
ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් සිය මංගල සිව්දින තරගය තුලම ශතකයක් ලබා ගත් කළුපහන අගනා පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 150*ක් ලබා ගත්තේ පන්දු 229ක් තුල 4 පහර 16ක් සහ 6 පහර 2ක් සිය ඉනිමට ඇතුළත් කරගෙනයි.
ඔහු ලකුණු 150 ලබා ගැනීමත් සමඟම ශ්රී ලංකාව සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ වන විට ශ්රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 432ක දැවැන්ත ලකුණු පුවරුවක පීඩනයක් කොදෙව්වන් මත පතිත කර තිබුණු අතර පන්දු යැවීමේ දී දකුණතින් දඟපන්දු යවන Tarrique Edward කඩුලු 3ක් දවා ගත්තා.
දිනයේ අවසන් මිනිත්තු කිහිපය තුල සිය ඉනිම ආරම්භ කළ කොදෙව්වන්ගේ පළමු කඩුල්ල ලකුණු 20 දී දවා ගත් දකුණතින් පිට දඟපන්දු යවන විහස් ලකුණු 15ක් ලබාගෙන සිටි Adrian Weirගේ කඩුල්ල තමන් සතු කරගත්තා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pulindu Perera | c & b Nathan Sealy | 71 | 66 | 8 | 2 | 107.58 |
Sineth Jayawardena | c Tarrique Edward b Isai Thorne | 34 | 34 | 7 | 0 | 100.00 |
Ravishan Nethsara | b Isai Thorne | 31 | 82 | 3 | 0 | 37.80 |
Rusanda Gamage | b Tarrique Edward | 7 | 20 | 0 | 0 | 35.00 |
Dinura Kalupahana | not out | 150 | 229 | 16 | 2 | 65.50 |
Sharujan Shanmuganathan | c Jewel Andrew b Tarrique Edward | 17 | 32 | 2 | 0 | 53.12 |
Vishwa Rajapakse | c Nathan Edward b Tarrique Edward | 9 | 23 | 2 | 0 | 39.13 |
Malsha Tharupathi | c Reon Edwards b Joshua Dorne | 65 | 58 | 8 | 2 | 112.07 |
Vihas Thewmika | b Nathan Sealy | 35 | 88 | 2 | 0 | 39.77 |
Vishwa Lahiru | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 13 (b 2 , lb 6 , nb 3, w 2, pen 0) |
Total | 432/8 (105 Overs, RR: 4.11) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nathan Edward | 17 | 0 | 80 | 0 | 4.71 | |
Reon Edwards | 11 | 2 | 62 | 0 | 5.64 | |
Isai Thorne | 22 | 5 | 58 | 2 | 2.64 | |
Nathan Sealy | 27 | 2 | 100 | 2 | 3.70 | |
Tarrique Edward | 23 | 0 | 99 | 3 | 4.30 | |
Jordan Johnson | 2 | 0 | 11 | 0 | 5.50 | |
Joshua Dorne | 3 | 0 | 14 | 1 | 4.67 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Adrian Weir | b Vihas Thewmika | 15 | 15 | 2 | 1 | 100.00 |
Stephan Pascal | lbw b Vishwa Lahiru | 11 | 41 | 1 | 0 | 26.83 |
Joshua Dorne | c Vishwa Rajapakse b Vishwa Lahiru | 6 | 14 | 1 | 0 | 42.86 |
Jordan Johnson | c & b Vihas Thewmika | 149 | 207 | 11 | 2 | 71.98 |
Steve Wedderburn | c Rusanda Gamage b Vihas Thewmika | 41 | 104 | 2 | 1 | 39.42 |
Jewel Andrew | b Malsha Tharupathi | 8 | 30 | 1 | 0 | 26.67 |
Nathan Sealy | c Malsha Tharupathi b Vishwa Lahiru | 9 | 19 | 1 | 0 | 47.37 |
Nathan Edward | lbw b Vihas Thewmika | 36 | 83 | 4 | 0 | 43.37 |
Tarrique Edward | c Vishwa Rajapakse b Vihas Thewmika | 10 | 22 | 1 | 0 | 45.45 |
Reon Edwards | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Isai Thorne | lbw b Vihas Thewmika | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 24 (b 10 , lb 6 , nb 0, w 3, pen 5) |
Total | 309/10 (89.5 Overs, RR: 3.44) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dinura Kalupahana | 13 | 1 | 52 | 0 | 4.00 | |
Vishwa Lahiru | 24 | 8 | 61 | 3 | 2.54 | |
Vihas Thewmika | 28.5 | 4 | 78 | 6 | 2.74 | |
Sineth Jayawardena | 9 | 0 | 25 | 0 | 2.78 | |
Vishwa Rajapakse | 3 | 0 | 20 | 0 | 6.67 | |
Malsha Tharupathi | 12 | 0 | 42 | 1 | 3.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pulindu Perera | c Nathan Sealy b Reon Edwards | 13 | 18 | 1 | 0 | 72.22 |
Sineth Jayawardena | c Jewel Andrew b Isai Thorne | 0 | 2 | 0 | 0 | 0.00 |
Ravishan Nethsara | c Mavendra Dindyal b Tarrique Edward | 50 | 52 | 8 | 0 | 96.15 |
Rusanda Gamage | b Nathan Sealy | 7 | 10 | 0 | 0 | 70.00 |
Sharujan Shanmuganathan | not out | 26 | 46 | 2 | 0 | 56.52 |
Dinura Kalupahana | not out | 22 | 22 | 3 | 0 | 100.00 |
Extras | 4 (b 2 , lb 2 , nb 0, w 0, pen 0) |
Total | 122/4 (25 Overs, RR: 4.88) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Isai Thorne | 5 | 0 | 35 | 1 | 7.00 | |
Reon Edwards | 4 | 0 | 18 | 1 | 4.50 | |
Nathan Sealy | 8 | 1 | 26 | 1 | 3.25 | |
Tarrique Edward | 8 | 0 | 39 | 1 | 4.88 |
දෙරට අතර පැවති එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්රී ලංකාව ජයග්රහණය කළා. පළමු සිව්දින තරගයේ තෙවැනි දිනය හෙටයි (7). තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<