Home Sinhala ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක්!

ශ්‍රී ලංකාවට ඓතිහාසික තරගාවලි ජයක්!

West Indies Tour of Sri Lanka 2024

92
West Indies Tour of Sri Lanka 2024

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වුණු තෙවැනි විස්සයි විස්ස තරගයෙන් කඩුලු 09ක පහසු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද (17) සමත් වුනා.

මෙම තරගයේ කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව් නායක Rovman Powell සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව කොදෙව්වන් තරගයේ පළමු ඉනිම දියත් කිරීම ආරම්භ කළා.

කෙසේ වෙතත් අද දිනයේ ද කොදෙව්වන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඉඩ ලබ දුන්නේ නැහැ. කොදෙව් පළමු කඩුල්ල, ඉනිමට ලකුණු 5ක් එක් වන විට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ විසින් සමත් වූ අතර, කොදෙව් ඉනිමේ ලකුණු 62ක් සටහන් වන විට කඩුලු 5ක් බිඳ වැටීම නිසා ඔවුන් තරමක් අසරණ තත්වයකට පසු වුනා.

කෙසේ වෙතත් මින් පසුව සිය නායකත්වයේ වගකීම උර මතට ගත් Powell සහ Gudakesh Motie දෙදෙනා විසින් හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී පිතිකරණ අනුපිළිවෙළේ උසස් වීමක් ලද Motie විසින් හයේ පහර තුනක් ද සමඟ පන්දු 15කින් ලකුණු 32ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම Powellගේ පිත්තෙන් ලකුණු 37ක් ඉනිමට එක් වුනා. මීට අමතරව Romario Shepherdගේ පිත්තෙන් එක් වූ ඉක්මන් ලකුණු 18ත් සමඟ කොදෙව්වන් විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

කොදෙව්වන්ගෙන් ලද ඉලක්කය හඹා යාම සඳහා සුපුරුදු ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ලෙස කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා විසින් වේගවත් පිතිකරණයක නියැලෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක් එක් කිරීමට සමත් වුනා. ඔවුන් ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 32ක් පමණක් වීම විශේෂත්වයක්. මෙහි දී පැතුම් හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟ පන්දු 22කින් ලකුණු 39ක් ලබා ගැනීමට සමත් වුනා.

පැතුම් පිටියෙන් ඉවත් වීමත් සමඟ කුසල් පෙරේරා පිටියට පිවිසුණු අතර ඉන් පසුව කුසල් යුගලය විසින් ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 106ක විශිෂ්ට සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, මෙහි දී කුසල් මෙන්ඩිස් පන්දු 50ක් වැය කරමින් ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 05ක් සහ හයේ පහර 03ක් ද සමඟයි. මේ අතර අනෙක් අන්තයෙන් කුසල් පෙරේරා ද පන්දු 36කින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 07ක් සමඟිනුයි.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවෙමින් අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා.

Result


Sri Lanka
166/1 (18)

West Indies
162/8 (20)

Batsmen R B 4s 6s SR
Brandon King b Nuwan Thushara 23 19 3 1 121.05
Evin Lewis b Nuwan Thushara 0 1 0 0 0.00
Shai Hope c Pathum Nissanka b Wanindu Hasaranga 18 25 2 0 72.00
Roston Chase c & b Kamindu Mendis 8 13 0 0 61.54
Sherfane Rutherford b Charith Asalanka 6 5 1 0 120.00
Rovman Powell c Bhanuka Rajapakse b Matheesha Pathirana 37 27 1 3 137.04
Gudakesh Motie st Kusal Mendis b Wanindu Hasaranga 32 15 1 3 213.33
Romario Shepherd b Nuwan Thushara 18 12 1 1 150.00
Fabian Allen not out 4 1 1 0 400.00
Alzarri Joseph not out 2 1 0 0 200.00


Extras 14 (b 4 , lb 2 , nb 0, w 8, pen 0)
Total 162/8 (20 Overs, RR: 8.1)
Bowling O M R W Econ
Maheesh Theekshana 3 0 19 2 6.33
Nuwan Thushara 2 0 27 1 13.50
Dunith Wellalage 4 0 36 0 9.00
Wanindu Hasaranga 4 0 24 2 6.00
Kamindu Mendis 3 0 21 1 7.00
Charith Asalanka 2 0 14 1 7.00
Matheesha Pathirana 2 0 15 1 7.50


Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Gudakesh Motie 39 22 7 1 177.27
Kusal Mendis not out 68 50 5 3 136.00
Kusal Perera not out 55 36 7 0 152.78


Extras 4 (b 0 , lb 0 , nb 0, w 4, pen 0)
Total 166/1 (18 Overs, RR: 9.22)
Bowling O M R W Econ
Fabian Allen 2 0 23 0 11.50
Alzarri Joseph 3 0 38 0 12.67
Gudakesh Motie 4 0 31 1 7.75
Shamar Joseph 2 0 26 0 13.00
Romario Shepherd 3 0 24 0 8.00
Roston Chase 4 0 24 0 6.00



මෙම තරගයේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් නම් කළ අතර, තරගාවලියේ වීරයා ලෙස පැතුම් නිස්සංක නම් කෙරුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ද ශ්‍රී ලංකාව අද සමත් වුනා. එමෙන්ම මෙය ශ්‍රී ලංකාව විසින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලද පළමු විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණය ලෙස ද ඉතිහාසගත වුනා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගමාලාව එළඹෙන ඉරිදා (20) පල්ලෙකැලේ දී ආරම්භ වීමට නියමිතයි.

එම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<