Home Sinhala පැතුම් සහ දුනිත් තරගාවලිය සමකිරීමේ වගකීම ඉටුකරයි

පැතුම් සහ දුනිත් තරගාවලිය සමකිරීමේ වගකීම ඉටුකරයි

West Indies Tour of Sri Lanka 2024

93
West Indies Tour of Sri Lanka 2024

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වුණු දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 73ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (15) සමත් වුනා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සතු වූ අතර, ඔහු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක් එක් කිරීමට සමත් වුනා. කෙසේ වෙතත් Gudakesh Motie විසින් ඔවුන් දෙදෙනා ව තරමක් පාලනය කරමින් පන්දු යැවීමට සමත් වූ නිසා ලකුණු ලබා ගැනීම තරමක් මන්දගාමී ස්වරූපයක් ගනු ලැබුවා.

කුසල්ගේ ඉනිම ලකුණු 26කට සීමා වූ අතර, ඉන් පසුව කඩුල්ලට පිවිසි කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුනා. මේ අතරතුර පැතුම් නිස්සංක විසින් පන්දු 49ක් තුළ හතරේ පහර 9ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 54ක් ලබා ගනිමින් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වීමට සමත් වුනා.

මීට අමතරව කමිඳු මෙන්ඩිස්ගේ පිත්තෙන් ඉනිමට එක් වූ ලකුණු 19ත් සමඟ ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබාගැනීමට සමත් වුනා. කොදෙව්වන් වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Romario Shepherd කඩුලු 2ක් බිඳ හෙළුවා.

ශ්‍රී ලංකාවෙන් හිමි වූ ඉලක්කය බැලූ බැල්මට ම හඹා යා හැකි බවක් පෙනුනත් එය අතිශය අසීරු කටයුතු බවට පත් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට හැකියාව ලැබුණා.

මෙහි දී මෙම තරගය සඳහා කැඳවීම් ලද දුනිත් වෙල්ලාලගේ තම මංගල විස්සයි විස්ස තරගය ක්‍රීඩා කරමින් ලකුණු 09ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර, නායක චරිත් අසලංක, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ කඩුලු 2 බැගින් දඩයම් කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.

කොදෙව් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ නායක Rovman Powell ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වූ අතර, පන්දුවාර 16 එක් පන්දුවක් තුළ කොදෙව් ඉනිම ලකුණු 89කට සීමා වුනා.

  • තරගයේ වීරයා – පැතුම් නිස්සංක

Result


Sri Lanka
162/5 (20)

West Indies
89/10 (16.1)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Shamar Joseph 54 49 9 1 110.20
Kusal Mendis c Rovman Powell b Shamar Springer 26 25 2 1 104.00
Kusal Perera lbw b Shamar Joseph 24 16 3 1 150.00
Kamindu Mendis c Sherfane Rutherford b Romario Shepherd 19 14 1 1 135.71
Charith Asalanka b Sheldon Cottrell, 9 7 2 0 128.57
Bhanuka Rajapakse not out 5 7 0 0 71.43
Wanindu Hasaranga not out 5 2 1 0 250.00


Extras 20 (b 0 , lb 10 , nb 0, w 10, pen 0)
Total 162/5 (20 Overs, RR: 8.1)
Bowling O M R W Econ
Alzarri Joseph 4 0 33 1 8.25
Shamar Joseph 3 0 35 1 11.67
Gudakesh Motie 4 0 13 0 3.25
Romario Shepherd 3 0 23 2 7.67
Shamar Springer 2 0 24 1 12.00
Roston Chase 4 0 24 0 6.00


Batsmen R B 4s 6s SR
Brandon King st Kusal Mendis b Dunith Wellalage 5 8 1 0 62.50
Evin Lewis lbw b Maheesh Theekshana 7 13 1 0 53.85
Andre Fletcher c Kamindu Mendis b Dunith Wellalage 4 11 0 0 36.36
Roston Chase c Kamindu Mendis b Dunith Wellalage 0 3 0 0 0.00
Sherfane Rutherford b Charith Asalanka 14 16 2 0 87.50
Gudakesh Motie b Charith Asalanka 4 7 0 0 57.14
Rovman Powell c Matheesha Pathirana b Kusal Mendis 20 17 1 1 117.65
Romario Shepherd lbw b Wanindu Hasaranga 1 2 0 0 50.00
Shamar Springer c Dunith Wellalage b Wanindu Hasaranga 7 6 1 0 116.67
Alzarri Joseph b Maheesh Theekshana 16 10 1 1 160.00
Shamar Joseph not out 5 4 1 0 125.00


Extras 6 (b 0 , lb 4 , nb 0, w 2, pen 0)
Total 89/10 (16.1 Overs, RR: 5.51)
Bowling O M R W Econ
Maheesh Theekshana 3.1 0 7 2 2.26
Nuwan Thushara 1 0 9 0 9.00
Dunith Wellalage 4 0 9 3 2.25
Charith Asalanka 2 0 6 2 3.00
Kamindu Mendis 1 0 10 0 10.00
Wanindu Hasaranga 3 0 32 2 10.67
Matheesha Pathirana 2 0 12 1 6.00



තරගාවලියේ තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය එළඹෙන 17 වැනි දා පැවැත්වීමට නියමිතයි. මේ වන විට තරගාවලිය 1-1ක් ලෙස සම මට්ටමේ පසුවනවා.

මෙම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<