Home Sinhala Brandon Kingගෙන් රාජකීය ප්‍රහාරයක්!

Brandon Kingගෙන් රාජකීය ප්‍රහාරයක්!

West Indies Tour of Sri Lanka 2024

337
West Indies tour of Sri Lanka

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වුණ පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබාගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය කොදෙව් නායකයා සතු වූ අතර, ඔහුගේ ආරාධනය අනුව ශ්‍රී ලංකාව තරගයේ පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා. මෙහි දී ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය වූ පැතුම් නිස්සංක (ලකුණු 11) සහ කුසල් මෙන්ඩිස් (ලකුණු 19) මෙන්ම කුසල් පෙරේරා (ලකුණු 06) ද ඉතා ඉක්මනින් පිටියෙන් ඉවත් කිරීමට කොදෙව් පන්දු යවන්නන් හට හැකියාව ලැබුණා.

ඔවුන් තිදෙනා ම ඉනිමේ ලකුණු සංඛ්‍යාව 58ක් වන විට පිටියෙන් ඉවත් වී සිටි අතර, ඉන් පසුව කඩුල්ලේ එක් වූ කමිඳු මෙන්ඩිස් සහ චරිත් අසලංක ශ්‍රී ලංකාව බලාපොරොත්තු තබා සිටි අඩිතාලම සකසා දීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක් එක් වූ අතර, මෙහි දී කමිඳු මෙන්ඩිස් පන්දු 40ක් තුළ ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ද ඉනිමට එක් කරගනිමිනුයි. එමෙන්ම චරිත් විසින් හතරේ පහර 9ක් සමඟ පන්දු 35ක් තුළ ලකුණු 59ක් ලබා ගැනීමට සමත් වුනා.

ඔවුන් දෙදෙනාට අමතරව කලකට පසු පිටියට පිවිසි භානුක රාජපක්ෂ පන්දු 11ක් තුළ ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අනුව නියමිත පන්දුවාර 20 අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 179ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ අතරතුර කොදෙව්වන් වෙනුවෙන් Romario Shepherd කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවෙන් හිමි වූ ලකුණු 180ක ඉලක්කය හඹා යාම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Brandon King සහ Evin Lewis දෙදෙනා ක්‍රීඩා පිටියට පිවිසුණා. එමෙන්ම ඔවුන් දෙදෙනා විසින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තඹයකට හෝ මායිම් නොකරමින් ඉතා ප්‍රවේගකාරී පිතිකරණයක නියැලුණු අතර, ඒ හේතුවෙන් ඔවුන් පන්දුවාර 8 එක් පන්දුවක් තුළ ලකුණු 100 සීමාවට ද ළඟා වුනා.

ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී King පන්දු 33කින් ලකුණු 63ක් ලබා ගැනීමට සමත් වුනා. එමෙන්ම Evin Lewis පන්දු 28ක් පමණක් වැය කරමින් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා පිටියෙන් ඉවත් කිරීමට මතීෂ පතිරණ සහ කමිඳු මෙන්ඩිස් සමත් වීමත් සමඟ කොදෙව් ලකුණු ලබා ගැනීමේ වේගය ඉතා ඉක්මනින් පහත වැටුණා. නමුත් ඔවුන්ගේ මැද පෙළ පිතිකරුවන් ඉතා සංයමයෙන් යුතුව ලකුණු එක දෙක එකතු කර ගනිමින් අදාළ ඉලක්කය කරා යාමට සමත් වුනා. පන්දුවාර 19 එක් පන්දුවක් තුළ කොදෙව්වන් කඩුලු 5ක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ මතීෂ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා

  • තරගයේ වීරයා – Brandon King

දෙරට අතර මීළඟ විස්සයි විස්ස තරගය එළඹෙන 15 වැනි දා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
179/7 (20)

West Indies
180/5 (19.1)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Shai Hope b Romario Shepherd 11 10 2 0 110.00
Kusal Mendis b Gudakesh Motie 19 16 1 1 118.75
Kusal Perera b Shamar Joseph 6 3 1 0 200.00
Kamindu Mendis c Roston Chase b Shamar Springer 51 40 5 2 127.50
Charith Asalanka c Evin Lewis b Alzarri Joseph 59 35 9 0 168.57
Bhanuka Rajapakse c Gudakesh Motie b Romario Shepherd 17 11 1 1 154.55
Wanindu Hasaranga run out (Shai Hope) 1 1 0 0 100.00
Chamindu Wickramasinghe not out 4 3 1 0 133.33
Maheesh Theekshana not out 4 1 1 0 400.00


Extras 7 (b 0 , lb 3 , nb 0, w 4, pen 0)
Total 179/7 (20 Overs, RR: 8.95)
Bowling O M R W Econ
Alzarri Joseph 4 0 40 1 10.00
Shamar Joseph 4 0 27 1 6.75
Romario Shepherd 4 0 39 2 9.75
Roston Chase 4 0 29 0 7.25
Gudakesh Motie 2 0 16 1 8.00
Shamar Springer 2 0 25 1 12.50


Batsmen R B 4s 6s SR
Brandon King c Kusal Perera b Kamindu Mendis 63 33 11 1 190.91
Evin Lewis c Chamindu Wickramasinghe b Matheesha Pathirana 50 28 5 4 178.57
Shai Hope c & b Wanindu Hasaranga 7 6 1 0 116.67
Roston Chase c Kusal Mendis b Matheesha Pathirana 19 16 1 0 118.75
Rovman Powell c Wanindu Hasaranga b Maheesh Theekshana 13 18 1 0 72.22
Sherfane Rutherford not out 14 12 1 0 116.67
Romario Shepherd not out 1 2 0 0 50.00


Extras 13 (b 0 , lb 6 , nb 0, w 7, pen 0)
Total 180/5 (19.1 Overs, RR: 9.39)
Bowling O M R W Econ
Chamindu Wickramasinghe 2 0 27 0 13.50
Asitha Fernando 4 0 37 0 9.25
Maheesh Theekshana 4 0 31 1 7.75
Wanindu Hasaranga 4 0 38 1 9.50
Matheesha Pathirana 3.1 0 27 2 8.71
Kamindu Mendis 2 0 14 1 7.00