බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වුණු පළමු එක්දින තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව අද (20) සමත් වුනා.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද දහවල් ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය බටහිර ඉන්දීය කොදෙව් නායක Shai Hope සතු වූ අතර, ඔහුගේ තීරණය වුනේ පළමුව පන්දුවට පහර දීමයි.
මෙහි දී කොදෙව් ඉනිම ආරම්භ කිරීමේ වගකීම Alick Athanaze සහ Brandon King දෙදෙනා වෙත බාර වූ නමුත් වනිඳු හසරංග විසින් ඉතා ඉක්මනින් ඔවුන් දෙදෙනාව ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වුනා. එමෙන්ම නායක Hope ද අද දිනයේ එතරම් සාර්ථක නොවූ අතර, ඔහුගේ ඉනිම ලකුණු 05කට සීමා කිරීමට ජෙෆ්‍රි වැන්ඩසේ සමත් වුනා.
කොදෙව් ඉනිමේ කඩුලු 3ක් ලකුණු 54ක් තුළ බිඳ වැටීමත් සමඟ පිටියේ එක් වූ Keacy Carty සහ Sherfane Rutherford විසින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී Keacy Cartyගේ පිත්තෙන් ඉනිමට ලකුණු 37ක් එක් වුනා.
Cartyගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි Roston Chase විසින් Sherfane Rutherford සමඟ එක් වී ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 85ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වූ අතර මෙහි දී Chase ලකුණු 33ක් ලබා ගත්තා. එමෙන්ම කොදෙව්වන්ට ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් වෙත යාමට මග විවර කළ Rutherford නොදැවී ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ද සමඟයි.
කොදෙව් ඉනිමේ 39 වැනි පන්දුවාරයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ වන විට ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 185ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- Major Club කාන්තා එක්දින තරගාවලියටත් දින තබයි
- Youth පිටිය වැනසූ කෙල්ලෝ
- ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසය
- England Lions පහසු ජයක් කරා
වර්ෂාව නිසා කොදෙව් ඉනිමෙ එතෙකින් නිමා වූ අතර, Duckworth-Lewis න්‍යාය අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 37ක් තුළ ලකුණු 232ක ඉලක්කයක් හිමි වුනා.
එම ඉලක්කය හඹා යාම සඳහා අද එක්දින වරම් ලද නිශාන් මදුශ්ක සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසුනත් අවිශ්කට වැඩි වේලා කඩුල්ලේ රැඳී සිටීමට හැකියාවක් ලැබුණේ නැහැ.
අවිශ්ක මෙන්ම සදීර සමරවික්‍රම සහ කුසල් මෙන්ඩිස් ද ඉතා ඉක්මනින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කොදෙව් පන්දු යවන්නන්ට හැකි වූ අතර, ඒ නිසා ශ්‍රී ලංකා ඉනිම වරෙක කඩුලු 3කට ලකුණු 45ක් ලෙස සටහන් වී තිබුණා. නමුත් මේ මොහොතේ නිශාන් සමඟ කඩුල්ලේ එක් වූ නායක චරිත් අසලංක ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක ඉක්මන් සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. ඒ සඳහා ඔවුන්ට වැය වී තිබුණේ පන්දු 109ක් පමණයි. මෙහි දී නිශාන් මදුශ්ක පන්දු 54කින් ලකුණු 69ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් සමඟිනුයි. එමෙන්ම චරිත් අසලංක පන්දු 71කින් ලකුණු 77ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් එල්ල කිරීමට සමත් වුනා.
ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් පසුව කඩුල්ලේ එක් වූ ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් ඉනිමේ හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 47ක් එක් කිරීමට සමත් වූ අතර, මෙහි දී ඉක්මන් ඉනිමක් දියත් කළ කමිඳු පන්දු 21කින් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් ද සමඟිනුයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 31 පන්දු 5ක් තුළ අදාළ ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී හඹා යාමට සමත් වුනා.
කොදෙව්වන් වෙනුවෙන් Gudakesh Motie කඩුලු 3ක් බිඳ හෙළන අතරේ, Alzarri Joshep කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
- තරගයේ වීරයා – චරිත් අසලංක
දෙරට අතර දෙවැනි එක්දින තරගය එළඹෙන බදාදා (23) පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Alick Athanaze | st Kusal Mendis b Wanindu Hasaranga | 10 | 20 | 0 | 0 | 50.00 |
Brandon King | b Wanindu Hasaranga | 14 | 24 | 2 | 0 | 58.33 |
Keacy Carty | c Dunith Wellalage b Charith Asalanka | 37 | 58 | 1 | 1 | 63.79 |
Shai Hope | lbw b Jeffery Vandersay | 5 | 13 | 0 | 0 | 38.46 |
Sherfane Rutherford | not out | 74 | 82 | 5 | 3 | 90.24 |
Roston Chase | not out | 33 | 33 | 4 | 0 | 100.00 |
Extras | 12 (b 0 , lb 9 , nb 0, w 3, pen 0) |
Total | 185/4 (38.3 Overs, RR: 4.81) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 4 | 0 | 28 | 0 | 7.00 | |
Janith Liyanage | 3 | 0 | 9 | 0 | 3.00 | |
Dunith Wellalage | 7 | 0 | 20 | 0 | 2.86 | |
Wanindu Hasaranga | 6 | 0 | 18 | 2 | 3.00 | |
Jeffery Vandersay | 8.3 | 0 | 45 | 1 | 5.42 | |
Charith Asalanka | 10 | 0 | 56 | 1 | 5.60 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | c Brandon King b Gudakesh Motie | 69 | 54 | 7 | 1 | 127.78 |
Avishka Fernando | c Roston Chase b Alzarri Joseph | 5 | 7 | 1 | 0 | 71.43 |
Kusal Mendis | c Shai Hope b Alzarri Joseph | 13 | 8 | 3 | 0 | 162.50 |
Sadeera Samarawickrama | b Gudakesh Motie | 18 | 12 | 3 | 0 | 150.00 |
Charith Asalanka | lbw b Gudakesh Motie | 77 | 71 | 8 | 3 | 108.45 |
Janith Liyanage | not out | 18 | 18 | 1 | 1 | 100.00 |
Kamindu Mendis | not out | 30 | 21 | 3 | 1 | 142.86 |
Extras | 4 (b 0 , lb 2 , nb 0, w 2, pen 0) |
Total | 234/5 (31.5 Overs, RR: 7.35) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Jayden Seales | 4.5 | 0 | 43 | 0 | 9.56 | |
Alzarri Joseph | 6 | 0 | 39 | 2 | 6.50 | |
Gudakesh Motie | 8 | 0 | 47 | 3 | 5.88 | |
Roston Chase | 6 | 0 | 42 | 0 | 7.00 | |
Hayden Walsh | 4 | 0 | 37 | 0 | 9.25 | |
Romario Shepherd | 3 | 0 | 24 | 0 | 8.00 |
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<