සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (1) ගාල්ලේ දී නිමා වුනා.
අද දිනය නිමා වන විට පිළිතුරු දෙවැන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 46ක් ලබාගෙන සිටින්නේ කොදෙව් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 3ක් පසුපසින් සිටිමින්.
දිනය ආරම්භ වන විට කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 135ක් පසුපසින් පසුවෙමින්.
දෙවැනි තරගය ක්‍රීඩා කරන කණ්ඩායම්,
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චරිත් අසලංක, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ප්‍රවීන් ජයවික්‍රම.
බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (capt.), Shai Hope, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Jason Holder, Joshua da Silva (wk), Jomel Warrican, Veerasammy Permaul, Kemar Roach.
ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හට කොදෙව් දඟපන්දු යවන්නන් මෙන් වැඩි සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාවක් නොලැබුණේ නිසි පන්දු පතිතයකින් සහ නිසි පාලනයකින් තොරව පන්දු යැවීමයි.
එසේම කොදෙව් මුල්පෙළ පිතිකරුවන් ද නායක Brathwaite වටා එක්කාසු වෙමින් ඔවුන්ගේ ඉනිම ගොඩනැංවීම සඳහා අවශ්‍ය මුල්පෙළ අඩිතාලම හොඳින් සකස් කරගත්තා. ලකුණු 44ක් ලබා ගත් Blackwood සහ Brathwaite පළමු කඩුල්ල සඳහා ගොඩනැංවූ ලකුණු 62ට නොදෙවෙනි සබඳතාවයක්, Bonner සහ Brathwaite කොදෙව් මුල් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූවා.
එහි දී ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 75ක සබඳතාවයක් ගොඩනැංවුණු අතර ඒ සඳහා පන්දු 183ක් වැය වුනා. කෙසේ නමුත් දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩක රමේෂ් ලකුණු 35ක් ලබාගෙන සිටි Bonnerගේ කඩුල්ල දවා ගත්තා. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් Bonner පිටියෙන් ඉවත්ව ගියේ ඔවුන්ගේ කණ්ඩායමේ එක් විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවක් ද අපතේ යවමිනි.
තෙවැනි දිනයේ පළමු සැසිය තුල පන්දුවාර 33කුත් පන්දු 2ක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුල්ලක් ලබා දෙමින් ලකුණු 76ක් ලබා ගැනීමට කොදෙව් මුල්පෙළ පිතිකරුවන් සමත් වුනා.
දිවා ආහාරය වන විට කොදෙව් කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 145ක් ලබාගෙන සිටි අතර Brathwaite අද දිනයේ දී ඔහුගේ 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරගත්තා. එය ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් තුන්වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.
- දිමුත්ට ලෝක වාර්තාව මඟ හැරෙයි; නිස්සංකගෙන් අර්ධ ශතකයක්
- ක්‍රීඩකයින් 5කට ජෛව ආරක්ෂිත බුබුලෙන් යන්න අවසර
- මැතිව්ස්ගේ ආබාධයේ නවතම තත්වය
- 19න් පහළ තෙවැනි පෙළ Tier B කොටසේ අවසන් පාසල් 4 තීන්දුයි
දිවා ආහාරයට පසුව ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් තරමක් ආක්‍රමණශීලි ලෙස පන්දු යැවීම සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම සැසිය තුල ක්‍රියාත්මක වුනු පන්දුවාර 33ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 90කට කඩුලු 6ක් දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි හිසරදයක වුනු Brathwaiteගේ කඩුල්ල ලකුණු 72 දී දවා ගැනීමට ඇඹුල්දෙණිය සමත් වුනා. එම පන්දුව අංශක 7.5ක් පිතිකරුවාගෙන් ඉවතට දඟකැවී කෙලින්ම කඩුල්ලේ ඉහළ කොටසේ වැදීම නිසා එම කඩුල්ල කොදෙව්වන්ට අහිමිව ගිය අතර ඉන් පසුව කොදෙව්වන්ගේ පළමු ඉනිමේ අවසානය තෙක් ලකුණු 38කට (9 වැනි කඩුල්ල වෙනුවෙන්) වඩා වැඩි සබඳතාවයක් වාර්තා වුනේ නැහැ.
පන්දු 185ක දී වාර්තා වුනු Brathwaiteගේ ඉනිමට 4 පහර 9ක් ඇතුලත් වුනා. රමේෂ් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රියාත්මක කළ දක්ෂ පන්දු යැවීම නිසා ඔවුන්ගේ අවසන් කඩුලු 8ක් ලකුණු 88ක් තුල බිඳ වැටුණු නමුත් කොදෙව්වන් කෙසේ හෝ ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු ප්‍රමාණය අභිබවා යාමට සමත් වුනා.
දකුණතින් පිට දඟපන්දු යවන රමේෂ් ලකුණු 70කට කඩුලු 6ක් දවා ගත්තේ, සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් පළමු කඩුලු 5 අවස්ථාව ද වාර්තා කරගෙනයි. එය ඔහු විසින් දැනට ඉනිමක වාර්තා කළ හොඳම පන්දු යැවීමේ දස්කම ද වෙනවා.
කොදෙව් කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 254ක් ලබා ගත් අතර ඒ නිසා ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසියේ ලකුණු 49ක පළමු ඉනිමේ අවාසියක් සහිතවයි. කෙසේ නමුත් මේ වසර තුල (2021) ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සහ ලොව දැනට තෙවැනි වැඩිම ලකුණු (ලකුණු 902) ලබා ගත් පිතිකරුවා බවට පත්වුණු දිමුත් අවාසනාවන්ත ලෙස ලකුණු 6කට දුවද්දී දැවී ගියේ backward point කලාපයේ සිට Mayers දක්ෂ ලෙස පන්දුව රැගෙන කෙලින්ම කඩුල්ල වෙත එල්ල කිරීම නිසයි.
ඉන්පසුව නිස්සංක සහ ඕෂද එක්ව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සවිමත් කිරීම වෙනුවෙන් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 32ක සබඳතාවයක් ගොඩනංවා තිබිය දී කඩුලු අතර දිවීමේ දී ඇතිවුණු අනවබෝධය නිසා ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල ලෙස ඕෂද ලකුණු 14කට දැවී ගියා. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුලු දෙකම දුවද්දී දැවී යාම් ලෙස ඉතාමත් අවාසනාවන්ත ලෙස දැවී යාම කැපී පෙනුණා.
මැතිව්ස්ගේ ආබාධය නිසාවෙන් සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන අසලංක හට පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලැබුණු අතර දිනයේ නිමාව සටහන් වන විට අසලංක හා නිස්සංක එක්ව තෙවැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 7*ක සබඳතාවයක් ගොඩනංවා තිබෙනවා.
2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ටෙස්ට් තරගයක් වන මේ තරගයේ සිව්වැනි දිනය හෙට (2) උදෑසන 9.45ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න, ThePapare.com සමඟම.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | lbw b Veerasammy Permaul | 73 | 148 | 0 | 0 | 49.32 |
Dimuth Karunaratne | c & b Roston Chase | 42 | 90 | 0 | 0 | 46.67 |
Oshada Fernando | c Joshua Da Silva b Jomel Warrican | 18 | 27 | 0 | 0 | 66.67 |
Angelo Mathews | b Jomel Warrican | 29 | 45 | 0 | 0 | 64.44 |
Dhananjaya de Silva | c Joshua Da Silva b Veerasammy Permaul | 2 | 2 | 0 | 0 | 100.00 |
Charith Asalanka | c Nkrumah Bonner b Veerasammy Permaul | 10 | 15 | 0 | 0 | 66.67 |
Dinesh Chandimal | lbw b Jomel Warrican | 2 | 8 | 0 | 0 | 25.00 |
Ramesh Mendis | c Shai Hope b Jomel Warrican | 5 | 9 | 0 | 0 | 55.56 |
Suranga Lakmal | c Jomel Warrican b Veerasammy Permaul | 12 | 20 | 0 | 0 | 60.00 |
Lasith Embuldeniya | b Veerasammy Permaul | 1 | 7 | 0 | 0 | 14.29 |
Praveen Jayawickrama | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 10 (b 0 , lb 7 , nb 3, w 0, pen 0) |
Total | 204/10 (61.3 Overs, RR: 3.32) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kemar Roach | 6 | 2 | 12 | 0 | 2.00 | |
Jason Holder | 8 | 2 | 23 | 0 | 2.88 | |
Kyle Mayers | 2 | 0 | 13 | 0 | 6.50 | |
Veerasammy Permaul | 13 | 3 | 35 | 5 | 2.69 | |
Roston Chase | 14 | 0 | 64 | 1 | 4.57 | |
Jomel Warrican | 18.3 | 5 | 50 | 4 | 2.73 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kraig Brathwaite | b Lasith Embuldeniya | 72 | 185 | 0 | 0 | 38.92 |
Jermaine Blackwood | lbw b Praveen Jayawickrama | 44 | 99 | 0 | 0 | 44.44 |
Nkrumah Bonner | lbw b Ramesh Mendis | 35 | 95 | 0 | 0 | 36.84 |
Shai Hope | lbw b Ramesh Mendis | 22 | 89 | 0 | 0 | 24.72 |
Roston Chase | c Pathum Nissanka b Ramesh Mendis | 10 | 33 | 0 | 0 | 30.30 |
Kyle Mayers | not out | 36 | 58 | 0 | 0 | 62.07 |
Jason Holder | lbw b Ramesh Mendis | 4 | 10 | 0 | 0 | 40.00 |
Joshua Da Silva | b Ramesh Mendis | 0 | 1 | 0 | 0 | 0.00 |
Kemar Roach | c Dhananjaya de Silva b Praveen Jayawickrama | 8 | 9 | 0 | 0 | 88.89 |
Veerasammy Permaul | b Lasith Embuldeniya | 15 | 38 | 0 | 0 | 39.47 |
Jomel Warrican | c Chamika Karunaratne b Ramesh Mendis | 1 | 7 | 0 | 0 | 14.29 |
Extras | 6 (b 0 , lb 0 , nb 6, w 0, pen 0) |
Total | 253/10 (104.2 Overs, RR: 2.42) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Suranga Lakmal | 9 | 3 | 22 | 0 | 2.44 | |
Lasith Embuldeniya | 35 | 13 | 94 | 2 | 2.69 | |
Ramesh Mendis | 34.2 | 8 | 70 | 6 | 2.05 | |
Praveen Jayawickrama | 25 | 4 | 59 | 2 | 2.36 | |
Dhananjaya de Silva | 1 | 0 | 8 | 0 | 8.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunaratne | run out () | 6 | 10 | 0 | 0 | 60.00 |
Pathum Nissanka | lbw b Roston Chase | 66 | 154 | 0 | 0 | 42.86 |
Oshada Fernando | run out () | 14 | 41 | 0 | 0 | 34.15 |
Charith Asalanka | c Nkrumah Bonner b Veerasammy Permaul | 19 | 55 | 0 | 0 | 34.55 |
Dhananjaya de Silva | not out | 155 | 262 | 0 | 0 | 59.16 |
Dinesh Chandimal | c & b Roston Chase | 2 | 12 | 0 | 0 | 16.67 |
Ramesh Mendis | c Kemar Roach b Kraig Brathwaite | 25 | 58 | 0 | 0 | 43.10 |
Suranga Lakmal | lbw b Veerasammy Permaul | 7 | 11 | 0 | 0 | 63.64 |
Angelo Mathews | c Jermaine Blackwood b Veerasammy Permaul | 1 | 5 | 0 | 0 | 20.00 |
Lasith Embuldeniya | b Jason Holder | 39 | 124 | 0 | 0 | 31.45 |
Extras | 11 (b 4 , lb 4 , nb 2, w 1, pen 0) |
Total | 345/9 (121.4 Overs, RR: 2.84) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Veerasammy Permaul | 40 | 4 | 106 | 3 | 2.65 | |
Roston Chase | 27 | 2 | 82 | 2 | 3.04 | |
Jomel Warrican | 29 | 5 | 76 | 0 | 2.62 | |
Kemar Roach | 8 | 0 | 27 | 0 | 3.38 | |
Jason Holder | 9.4 | 1 | 26 | 0 | 2.77 | |
Kraig Brathwaite | 5 | 0 | 11 | 1 | 2.20 | |
Nkrumah Bonner | 3 | 1 | 9 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kraig Brathwaite | lbw b Ramesh Mendis | 6 | 21 | 0 | 0 | 28.57 |
Jermaine Blackwood | c Dhananjaya de Silva b Lasith Embuldeniya | 36 | 92 | 0 | 0 | 39.13 |
Nkrumah Bonner | b Lasith Embuldeniya | 44 | 143 | 0 | 0 | 30.77 |
Shai Hope | c Suranga Lakmal b Ramesh Mendis | 16 | 24 | 0 | 0 | 66.67 |
Roston Chase | c Avishka Fernando b Ramesh Mendis | 0 | 1 | 0 | 0 | 0.00 |
Kyle Mayers | c Dhananjaya de Silva b Ramesh Mendis | 0 | 4 | 0 | 0 | 0.00 |
Jason Holder | c Dhananjaya de Silva b Lasith Embuldeniya | 3 | 12 | 0 | 0 | 25.00 |
Joshua Da Silva | not out | 4 | 15 | 0 | 0 | 26.67 |
Kemar Roach | lbw b Lasith Embuldeniya | 13 | 17 | 0 | 0 | 76.47 |
Veerasammy Permaul | lbw b Ramesh Mendis | 1 | 5 | 0 | 0 | 20.00 |
Jomel Warrican | c Dhananjaya de Silva b Lasith Embuldeniya | 3 | 3 | 0 | 0 | 100.00 |
Extras | 6 (b 4 , lb 2 , nb 0, w 0, pen 0) |
Total | 132/10 (56.1 Overs, RR: 2.35) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lasith Embuldeniya | 20.1 | 6 | 35 | 5 | 1.74 | |
Ramesh Mendis | 25 | 6 | 66 | 5 | 2.64 | |
Praveen Jayawickrama | 10 | 3 | 23 | 0 | 2.30 | |
Charith Asalanka | 1 | 0 | 2 | 0 | 2.00 |
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<