Home Sinhala කොදෙව්වන්ගේ පසුපෙළ සවියට වර්ෂාවේ සහායත් හිමි වෙයි

කොදෙව්වන්ගේ පසුපෙළ සවියට වර්ෂාවේ සහායත් හිමි වෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

1699

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගයක් ලෙස ගාල්ලේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (23) නිමා වුනා.

අයහපත් කාලගුණ තත්වය නිසාවෙන් අද දිනය සඳහා තරගය නවතා දමන විට කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 224ක් ලබාගෙන සිටියා.

තෙවැනි දිනය ආරම්භ වන විට කොදෙව්  කණ්ඩායම ඔවුන්ගේ පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 113ක් ලබාගෙන සිටියා.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, රමේෂ් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම.

බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (capt.), Jeremy Solozano, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Rahkeem Cornwall, Jason Holder, Joshua da Silva (wk), Jomel Warrican, Shannon Gabriel

දිනයේ පළමු පන්දුවේ සිටම කොදෙව් පන්දු යවන්නන් තරමක් වැඩි වේගයකින් පන්දුවට පහර දීමට උත්සහ කළ අතර එහි දී ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඊයේ දිනයේ සවස් භාගයේ දී මෙන් වැඩි ආක්‍රමණශීලී පන්දු යැවීමක් සිදු කළේ නැහැ.

එහි ප්‍රතිඵලයක් ලෙස Holder සහ Mayers 7 වැනි කඩුල්ලේ සබඳතාවය සඳහා අද දිනය තුල පමණක් ලකුණු 50ක් එකකු කර ගැනීමට සමත් වුනා. කෙසේ නමුත් short cover කලාපයේ සිට නායක දිමුත් රැක ගත් සුපිරි උඩ පන්දුවක් නිසාවෙන් 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු ලකුණු 63 සබඳතාවය නිමා කිරීමට ධනංජයට හැකියාව ලැබුණේ 4 පහර 8ක් සමඟ ලකුණු 45ක් ලබාගෙන සිටි  Mayersගේ කඩුල්ල දවාගෙනයි.

ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයේ සිටින Holderගේ කඩුල්ලත් ශ්‍රී ලංකාව කොදෙව්වන්ගෙන් උඳුරා ගත්තේ දුෂ්මන්ත චමීර point කලාපයේ සිට රැකගත් දක්ෂ උඩ පන්දුවක් නිසයි. ඒ නිසා ලකුණු 36ක් ලබාගෙන සිටි Holderගේ කඩුල්ල කොදෙව් ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේ තරමක සැනසුම් සුසුමක් ශ්‍රී ලංකාවට ලබා දෙමිනි.

දිවා ආහාරය සඳහා තරගය නවතා දමන විට 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40*ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනැංවීමට කඩුලු රකින පිතිකරු Da Silva සහ Cornwall සමත් වුනා. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 9ක් සහ ලකුණු 33*ක් ලබා ගත් අතර කොදෙව් පසුපෙළ පිතිකරුවන් දිනයේ පළමු සැසිය තුල කඩුලු 2ක් දැවී ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වුනා.

කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 171ක් පසු පසින් සිටින අතර නොකඩවා දෙවැනි වරටත් පිතිකරණයේ යෙදවීමට තිබූ Follow On අවස්ථාව අභිබවා ලකුණු රැස්කර ගැනීමට ඔවුන් සමත්ව සිටිනවා.

දිවා ආහාරයෙන් පසුව ක්‍රියාත්මක වුනු පළමු පන්දුවාර 5 තුල දී Cornwallගේ කඩුල්ල දවා ගැනීමට ලක්මාල් සමත් වුනා. ලක්මාල් එහි දී කෙටි පන්දු කිහිපයක්ම යොමු කොට එක් වරම වේගවත් බවුන්සර් පන්දුවක් යොමු කළා. ඒ සඳහා Cornwall එල්ල කළ පුල් පහර පිත්තේ ඉහළ දාරයේ වැදී ඉහළ නැගී square leg කලාපයේ සිටි රමේෂ් පසුපසට දුවගොස් ඉතාමත් දක්ෂ ලෙස රැකගත්තා.

Cornwallගේ කඩුල්ල දැවී යාමත් සමඟම (දහවල් 1.15) තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනු අතර එය කඩින් කඩ වර්ෂාවක් බවට පරිවර්තනය වෙමින් පැය කිහිපයක් පුරාවට ඇද වැටුණා.

ඉන්පසුව දිනයේ නියමිත වෙලාව අවසන් වන තෙක් තරගය නැවත වරක් ආරම්භ කිරීමට නොහැකි වුනු නිසා සවස 4.30ට තෙවැනි දිනය නිමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.

ඒ අනුව අද දිනය පුරාවට ක්‍රියාත්මක වුනු පන්දුවාර 38 දී කඩුලු 3ක් දැවී ලකුණු 111ක් වාර්තා වුනු අතර දිනය තුල පන්දුවාර 52ක් අහිමිව ගියා. නොදැවී ක්‍රීඩා කරමින් සිටින කඩුලු රකින පිතිකරු Da Silva ලකුණු 11*ක් ලබාගෙන සිටිනවා.


Result


West Indies
230/10 (85.5) & 160/10 (79)

Sri Lanka
386/10 (133.5) & 191/4 (40.5)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Rahkeem Cornwall b Shannon Gabriel 56 140 7 0 40.00
Dimuth Karunaratne st Joshua Da Silva b Roston Chase 147 300 15 0 49.00
Oshada Fernando c Nkrumah Bonner b Roston Chase 3 27 0 0 11.11
Angelo Mathews c Jason Holder b Roston Chase 3 25 0 0 12.00
Dhananjaya de Silva hit-wicket b Shannon Gabriel 61 95 5 0 64.21
Dinesh Chandimal c Rahkeem Cornwall b Roston Chase 45 83 5 0 54.22
Ramesh Mendis c Joshua Da Silva b Jomel Warrican 13 49 2 0 26.53
Suranga Lakmal lbw b Jomel Warrican 11 44 2 0 25.00
Dushmantha Chameera c Kraig Brathwaite b Jomel Warrican 3 0 0 0 0.00
Lasith Embuldeniya c Jermaine Blackwood b Roston Chase 17 0 1 1 0.00
Praveen Jayawickrama not out 8 0 1 0 0.00


Extras 19 (b 5 , lb 6 , nb 8, w 0, pen 0)
Total 386/10 (133.5 Overs, RR: 2.88)
Fall of Wickets 1-139 (49.1) Pathum Nissanka, 2-164 (57.3) Oshada Fernando, 3-170 (65.1) Angelo Mathews, 4-281 (94.4) Dhananjaya de Silva, 5-296 (99.5) Dimuth Karunaratne, 6-331 (112.6) Ramesh Mendis, 7-355 (124.4) Suranga Lakmal, 8-361 (127.4) Dinesh Chandimal, 9-361 (128.1) Dushmantha Chameera, 10-386 (133.5) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Shannon Gabriel 19 2 68 2 3.58
Jason Holder 19 9 24 0 1.26
Rahkeem Cornwall 27 3 91 0 3.37
Kyle Mayers 3 0 9 0 3.00
Jomel Warrican 32 5 87 3 2.72
Roston Chase 28.5 3 83 5 2.91
Jermaine Blackwood 1 0 6 0 6.00
Kraig Brathwaite 4 0 6 0 1.50
Batsmen R B 4s 6s SR
Kraig Brathwaite c Pathum Nissanka b Ramesh Mendis 41 115 7 0 35.65
Jermaine Blackwood lbw b Lasith Embuldeniya 20 44 1 1 45.45
Nkrumah Bonner c Dhananjaya de Silva b Praveen Jayawickrama 1 11 0 0 9.09
Shai Hope c Oshada Fernando b Ramesh Mendis 10 31 0 0 32.26
Roston Chase c Oshada Fernando b Ramesh Mendis 2 24 0 0 8.33
Jomel Warrican c Dinesh Chandimal b Praveen Jayawickrama 1 8 0 0 12.50
Kyle Mayers c Dimuth Karunaratne b Dhananjaya de Silva 45 62 8 0 72.58
Jason Holder c Dushmantha Chameera b Praveen Jayawickrama 36 60 3 2 60.00
Joshua Da Silva b 15 88 1 0 17.05
Rahkeem Cornwall c Ramesh Mendis b Suranga Lakmal 39 58 5 1 67.24
Shannon Gabriel lbw b Praveen Jayawickrama 2 11 0 0 18.18


Extras 18 (b 3 , lb 10 , nb 2, w 3, pen 0)
Total 230/10 (85.5 Overs, RR: 2.68)
Fall of Wickets 1-46 (20.1) Jermaine Blackwood, 2-51 (23.5) Nkrumah Bonner, 3-80 (31.6) Kraig Brathwaite, 4-83 (33.1) Shai Hope, 5-86 (36.6) Jomel Warrican, 6-100 (39.6) Roston Chase, 7-163 (57.1) Kyle Mayers, 8-175 (60.4) Jason Holder, 9-224 (79.6) Rahkeem Cornwall, 10-230 (85.5) Shannon Gabriel,

Bowling O M R W Econ
Suranga Lakmal 6 1 10 1 1.67
Dushmantha Chameera 8 0 14 0 1.75
Lasith Embuldeniya 32 11 67 1 2.09
Praveen Jayawickrama 19.5 6 40 4 2.05
Ramesh Mendis 17 1 75 3 4.41
Dhananjaya de Silva 3 0 11 1 3.67
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Shai Hope b Rahkeem Cornwall 3 11 0 0 27.27
Dimuth Karunaratne c Jermaine Blackwood b Rahkeem Cornwall 83 103 9 0 80.58
Oshada Fernando lbw b Jomel Warrican 14 32 1 0 43.75
Angelo Mathews b 69 83 6 0 83.13
Dhananjaya de Silva c & b Jomel Warrican 1 7 0 0 14.29
Dinesh Chandimal b 10 8 0 0 125.00


Extras 11 (b 8 , lb 2 , nb 1, w 0, pen 0)
Total 191/4 (40.5 Overs, RR: 4.68)
Fall of Wickets 1-4 (2.3) Pathum Nissanka, 2-39 (11.5) Oshada Fernando, 3-162 (36.3) Dimuth Karunaratne, 4-163 (38.1) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Rahkeem Cornwall 15.5 0 60 2 3.87
Jason Holder 5 0 19 0 3.80
Roston Chase 6 1 28 0 4.67
Jomel Warrican 9 0 42 2 4.67
Shannon Gabriel 4 0 23 0 5.75
Kraig Brathwaite 1 0 9 0 9.00


Batsmen R B 4s 6s SR
Kraig Brathwaite lbw b Ramesh Mendis 0 14 0 0 0.00
Jermaine Blackwood c Angelo Mathews b Lasith Embuldeniya 9 18 0 0 50.00
Nkrumah Bonner not out 68 220 0 0 30.91
Shai Hope b Ramesh Mendis 3 9 0 0 33.33
Roston Chase b Lasith Embuldeniya 1 7 0 0 14.29
Kyle Mayers lbw b Ramesh Mendis 2 5 0 0 40.00
Jason Holder b Ramesh Mendis 0 1 0 0 0.00
Joshua Da Silva c Dhananjaya de Silva b Lasith Embuldeniya 54 129 0 0 41.86
Rahkeem Cornwall c Suranga Lakmal b Praveen Jayawickrama 13 46 0 0 28.26
Jomel Warrican c Avishka Fernando b Lasith Embuldeniya 1 21 0 0 4.76
Shannon Gabriel c Dhananjaya de Silva b Lasith Embuldeniya 0 6 0 0 0.00


Extras 9 (b 0 , lb 5 , nb 2, w 2, pen 0)
Total 160/10 (79 Overs, RR: 2.03)
Fall of Wickets 1-3 (3.4) Kraig Brathwaite, 2-11 (6.4) Jermaine Blackwood, 3-14 (9.1) Shai Hope, 4-15 (10.2) Roston Chase, 5-18 (11.3) Kyle Mayers, 6-18 (11.4) Jason Holder,

Bowling O M R W Econ
Lasith Embuldeniya 29 12 46 5 1.59
Ramesh Mendis 31 5 64 4 2.06
Praveen Jayawickrama 14 6 28 1 2.00
Dhananjaya de Silva 1 0 5 0 5.00
Dushmantha Chameera 4 0 12 0 3.00



තරගයේ සිව්වැනි දිනය හෙට (24) උදෑසන 9.45ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<