WATCH – ලෝක කුසලානයක් ගේන්න තමයි බලාපොරොත්තුව – Vishmi Gunaratne | School Girl Cricketer of the Year 2023

350

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 2023 වසරේ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ  (17) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

එහි දී 2023 වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විශ්මි ගුණරත්න විසින් දිනා ගත්තා. මේ ඒ පිළිබඳ ව ඇය ThePapare.com වෙත දැක්වූ අදහස්.