ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 58ක දැවැන්ත පරාජයක් උරුම කර දෙමින් අද (20) සත්කාරක නවසීලන්තය සමඟ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය නිමාවට පත්වුනා. ඒ අනුව 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ද හිමි වුනේ නවසීලන්තයටයි. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පැවසුවා.