මෙරට ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගනිමින් මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තවත් තරගයක් අද (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනේ Galle Gladiators සහ Kandy Warriors අතරයි. එම තරගයෙන් Galle Gladiators කණ්ඩායම කඩුලු 5කින් පරදවමින් තරගාවලියේ පළමු ජයග්‍රහණය ලැබීමට Kandy Warriors ක්‍රීඩකයන්ට හැකි වුනා. මේ එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙතට රැගෙන එන Cricketry වැඩසටහනයි.