එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවති දෙවැනි නිල නොවන එක්දින තරගය ලකුණු 81කින් ජය ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වුනා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා A වෙනුවෙන් කඩුලු 5ක් දවාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වූ පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුශාන් හේමන්ත මෙසේ සිය අදහස් පළ කළා.