Finchගේ සාර්ථකත්වයට Warnerගෙන් ලැබුණු උපදෙස

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

388

Warner හා Finchගේ නොබිඳුණු ලකුණු 134ක ආරම්භක පිතිකරණ සබඳතාවයෙන් ශ්‍රී ලංකාව පරදා පළමු විස්සයි විස්ස තරගය ජය ගන්නට ඕස්ට්‍රේලියාව ඊයේ (07) සමත් වුනා.

තරගයෙන් අනතුරුව David Warner පවසා සිටියේ සිය සගයා Aaron Finch හට නැවත ලකුණු අතරට පිවිසෙන්නට තමන් ද පිටිය මැද දී උපදෙස් ලබා දුන් බවයි.

ලකුණු 128ක ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් Warner හා Finch දෙදෙනාම අර්ධ ශතක වාර්තා කිරීම විශේෂයක්. Warner තරගයෙන් පසුව පවසා සිටියේ ඔහු IPL තරගාවලිය අතරතුර දීත් Finch සමඟ කතා බහ කළ බවත්, දෝලනය වන පන්දුවට පහර දීම ගැන තමන් ඔහුට උපදෙසක් දුන් බවත්ය.

මම ඔහුට කිව්වා පන්දුවට ඇවිදන් යන්න එපා කියලා, පන්දුවට ගුවනේ දී තමන්ගේ ගමන යන්න දෙන්න. ඔවුන්ට ඕනේ නම් ඔබට full පන්දු යවන්න ඔබ පා ඉන්නේ නොසෙල්වී රැඳී සිටින්න. එවිට ඔබට පන්දුවට හොඳින් මුහුණ දෙන්න පුළුවන්, පන්දුව ටික වෙලාවක් ගොස් දෝලනය වේ නම් ඔබට පා ඉන්න දෙසින් පහර දෙන්න පුළුවන්.”

Finchගේ ක්‍රීඩා දිවිය පුරාම ඔහු කඩුල්ල දෙසට දෝලනය වන පන්දුවට දුර්වලතාවයක් පෙන්වූවා. “ඔහු සීමා රේඛාවේ වැඩිය එහා මෙහා යන්න හොඳ නැහැ. අපි ඒක දැක්කා අද. ඔහු ලස්සන පහරවල් කිහිපයක් ක්‍රීඩා කළා.”

මේ අතර ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව සුනුවිසුනු කළ Josh Hazlewood පවසා සිටියේ තණතිල්ල තරමක් මන්දගාමී බවයි. ඔහු ලකුණු 16කට කඩුලු 4ක් දවා ගන්නට සමත් වුනා.

මෙහේ ගොඩක් රස්නෙයි. දහඩිය දැමීම වැඩියි. නමුත් ඔබට ඒක ඔබේ වාසියට හරවා ගන්න පුළුවන්. නව පන්දුව පිටතට හොඳින් ගියා. ඒ නිසා අපි පොඩ්ඩක් පන්දුව පතිත කරන ස්ථානය පස්සට ගත්තා. මම මගේ විස්සයි විස්ස ක්‍රීඩාව දියුණු කරගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කළා”, Hazlewood පවසා සිටියා.

Times Of India හා Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<