නවසීලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ දී ආබාධයට ලක් වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට නිල වශයෙන් එක් දින තරගාවලිය අහිමි වන අතර ඔහුගේ ස්ථානය සඳහා දුශාන් හේමන්ත කැඳවා තිබෙනවා.
දෙරට අතර පැවති අවසන් විස්සයි විස්ස තරගයේ දී වනිඳු පාදයේ ආබාධයකට ලක් ව ක්‍රීඩා කරන අයුරු දැක ගැනීමට ලැබුණු අතර ඔහුට එක් දින තරගාවලිය නිල වශයෙන් අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (12) තහවුරු කර සිටියා.
නිමා වූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි එක් දින තරගාවලියේ දී වනිඳු කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර ඔහු නවසීලන්ත විස්සයි විස්ස තරගාවලියේ වීරයා සම්මානය ද දිනා ගැනීමට සමත් වුණා.
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
වනිඳුගේ ආදේශකය ලෙස කැඳවූ දුශාන් හේමන්ත ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ අතර ඔහු නිමා වූ නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ද ඉහළ දස්කම් දැක්වූවා.
ඒ අනුව වනිඳු සිය ආබාධය සුව වීමේ ක්‍රියාවලිය සඳහා කොළඹ කාර්ය සාධන මධ්‍යස්ථානයට පැමිණීමට නියමිත බව ද වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් යුත් එක් දින තරගාවලිය හෙට (13) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර තරගාවලියේ අනෙක් තරග පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<