වනිඳු එක්දින සංචිතයෙන් ඉවතට

India Tour of Sri Lanka 2024

26
India Tour of Sri Lanka 2024

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් වනිඳු හසරංග ඉවත් කර තිබෙනවා.

පාදයේ ආබාධයකට (Hamstring Injury) ලක් වීම නිසා වනිඳු සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වී ඇති අතර, ඔහු වෙනුවට ජෙෆ්‍රි වැන්ඩසේ සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දා පැවැත්වුණු පළමු එක්දින තරගයේ දී වනිඳු තුන් ඉරියව්වෙන් ම සාර්ථක වීමට සමත් වුනා. කෙසේ වෙතත් එම තරගය අතරතුර ඔහු මෙම ආබාධයට ලක් වූ බව අනුමාන කළ හැකි.

ඉන්දු – ලංකා දෙවැනි එක්දින ක්‍රිකට් තරගය හෙට (04) පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<